Grid List

2016 වසරේ පහ වසර ශිෂ්‍යත්වයේ විභාගයේ දී ලබාගත ලකුණු මට්ටම අනුව තෝරාගත හැකි පාසල් කඩඉම් ලකුණු සටහන විභාග දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර ඇත.

68 වන ජගත් මානව හිමිකම් දිනය සැමරෙන 2016 දෙසැම්බර් 10 වන දා 'නීතිය හදන්න කලින් ඔළුව හදමු' යන තේමාව යටතේ සමරු සම්මන්ත්‍රණයක් කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට 'නිදහසේ වේදිකාව' සහ 'වීදියේ විරෝධය' ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන එකතුව කටයුතු සංවිධානය කරයි.

බස්නාහිර පළාත් සභාවේ අයවැය ඒකච්ඡන්දයෙන් සම්මත වී තිබේ.

ඊයේ පැවැති ජන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පිරිස් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයින්ද ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇත.

රුසියාව විසින් දෙනුලැබ ඇති ප්‍රතිඥාවන් සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන මෙන් ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ(CIA)අධ්‍යක්ෂවරයා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් ඉල්ලීමක් කරයි.

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 72ක් ගමන් කරමින් සිටි බව විදෙස් වාර්තා සදහන් කරයි.

වල දමා තිබුණු මළසිරුරු තිස්දෙකක් සහ කඳින් වෙන්කළ මිනිස් හිස් නවයක් දකුණු දිග මෙක්සිකෝවේ ගුවේරෙරෝ ප්‍රාන්තයේ දීහ ගොඩගත් බව එරට බලධාරීහු පවසති.

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර බුලවායෝහිදී ඊයේ (27දා) අවසන් වූ බ්ලූ මවුන්ටන් ඇකිලියොන් ශ්‍රී ලංකා, සිම්බාබ්වේ, බ.ඉ. කොදෙව් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

සිම්බාබ්වෙහි පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) සමත් විය.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය එක් ලකුණකින් ජය ගැනීමත් සමගය.

ලංකාවේ බොහෝ දෙනකු විශ්වාස කරන කාරණාවක් වන්නේ මුදල් තිබේ නම් ඕනෑම වැඩක් ගොඩ දැමිය හැකි බවකි. ඒ නිසා ඕනෑම අසාර්ථක වීමක් අවසානයේ මුදල් අඩුපාඩුවේ සීමාවෙන් නවතී.

රෝගාතුරව රෝහල්ගත කර සිටි ප්‍රවීණ සංගීතවේදී සුනිල් දයානන්ද කෝනාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (07)අලුයම 4.30 ට පමණ දඹදෙණිය රජයේ රෝහලේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මිය යනවිට 64වන වියේ පසුවිය.

ශ්‍රී ලාංකික සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ මේ මස 15 වැනිදා සවස 6.00 ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

60 දශකයේ සහ 70 දශකයේ නාට්‍ය පේ‍්‍රක්ෂකයාට රංගනය පිළිබඳ නැවුම් අත්දැකීමක් ද පාඩමක් ද කියා දෙමින් රංගන ශිල්පියකුගේ භාව ප‍්‍රකාශනය වාචික අභිනයෙන් තොරව, සාත්වික සහ ආංගික අභිනයෙන් පමණක් සියුම්ව විඳින්නට හුරු පුරුදු කළ පළමු ගුරුවරයා විමල් කුමාර ද  කොස්තාය.

කතාබහ

අපි ජීවත්වන්නේ ඉඩම් සහ පොලිස් බලතල දේශපාලන පාපන්දුවක් කරගත් සමාජයක අපි ජීවත්වන්නේ ඉඩම් සහ පොලිස් බලතල දේශපාලන පාපන්දුවක් කරගත් සමාජයක 2016-12-03 - මේ වන විටත් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ...
මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකමිටු වාර්තාව සුබවාදී එළඹුමක් මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකමිටු වාර්තාව සුබවාදී එළඹුමක් 2016-11-26 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනු කමිටුවල ව...

විශේෂාංග

නත්තල් ගසේ ඇත්ත කතාව නත්තල් ගසේ ඇත්ත කතාව 2016-12-08 - ‘සාමයේ සම්ප්‍රාප්තිය’ නමින් ශ්‍රී ලංකාවේ...
බලහත්කාරයෙන් පන්සල් ඇල්ලූ භික්ෂු මාෆියාව බලහත්කාරයෙන් පන්සල් ඇල්ලූ භික්ෂු මාෆියාව 2016-12-06 - පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයෙන් බ්‍රාහ්ම...
කුමාර් සහ කුමාර්ගේ හෙට දවස කුමාර් සහ කුමාර්ගේ හෙට දවස 2016-12-05 - කුමාර් ගුණරත්නම් පිළිබඳ සංවාදය දැන් නැවතත් අ...

කතුවැකිය

පක්ෂවල ව්‍යවස්ථා ගැනත් කතා කරමුද? පක්ෂවල ව්‍යවස්ථා ගැනත් කතා කරමුද? 2016-12-05 - රටට අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන බුද්ධි...
මේ යන්නේ අත්තනෝමතික පොලිස් රාජ්‍යයක් කරාද? මේ යන්නේ අත්තනෝමතික පොලිස් රාජ්‍යයක් කරාද? 2016-11-28 - රනිල් වික‍්‍රමසිංහගේ ආර්ථික පාලනය නිසා මේ වන...
ගොන්සෝ ජනමාධ්‍ය සහ ශීලාචාර පොදු අවකාශය... ගොන්සෝ ජනමාධ්‍ය සහ ශීලාචාර පොදු අවකාශය... 2016-11-21 - විමල් වීරවංශගේ නිවස තුළ ඇති වූ සිද්ධියක් සම්...

දේශපාලනය

ගෝඨාට පණ පෙවීම ගෝඨාට පණ පෙවීම 2016-12-05 - පසුගිය බ්‍රහස්පතින්දා ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය...
මහින්දට වෙනම ප්‍රතිපත්තියක් නැත මහින්දට වෙනම ප්‍රතිපත්තියක් නැත 2016-11-29 - ශ්‍රී ලංකාවේ මැතිවරණ ලේකම් කාර්යාලයේ ලියාප...
කෙළවගන්න කලින් වැඩට බහිමු කෙළවගන්න කලින් වැඩට බහිමු 2016-11-21 - ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක  ප...
ලෝකය ආපස්සට ජනපති අනතුරක... ලෝකය ආපස්සට ජනපති අනතුරක... 2016-11-14 - පසුගිය සතියේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වූයේ...

E 2016 12 04

තවත් පුවත්

Grid List

පසුගිය අයවැය මඟින් බැංකු හරහා සිදු වන මුදල් ගනුදෙනුවල දී 2% ක ගාස්තුවක් අය කිරීමට යෝජනා කිරීම ඉතාමත් කාලෝචිත වන අතර ඒ සමඟම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රවලින් මුදල් ආපසු ගැනීමේ දී රුපියල් 10ක ගාස්තුවක් අය කිරීම තේරුම් ගැනීම අපහසුය.

ඩයලොග් ආසියාටා සමාගම, සිනෙස් ටාර් පදනම සමඟ එක්ව සංවිධානය කරන ඩයලොග් රිදී රැයක් 2016’ ප‍්‍රසංගය ලබන දෙසැම්බර් මස 18 වන දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙරට තුළ ක්‍රියාත්මක බංකොලොත් මූල්‍ය සමාගම් 4ක් ප්‍රකාශයට පත් කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ. මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පිණිස අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට පසුගිය 14 වැනිදා රැස් වූ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

නිරෝෂා තලගල කියන්නෙ දක්ෂ නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් කියලත් අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනේ.

පහුගිය ආණ්ඩු කාලෙ දේශීය විදිහට ඇදිලා ගිය කොටුවට කතා කරන නිළියගෙයි, (මේ දවස්වල) බොටුවට හිර වෙලා ඉන්න දේශපාලන කුමාරයාගෙයි පෙම් හුටපටේ ආණ්ඩු පෙරළියත් එක්ක විදේශීයව අමාරුවෙන් ඇදි ඇදී යනවා කියලා ඉන්ටර්පෝල් වගේ එකකින් කැලෑ පත්තරේට වාර්තා වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙ අලුත් දේශපාලන ව්‍යාපාරෙ එතුමාගෙ උපන්දිනේ දවසෙ, ඒ කියන්නෙ නොවැම්බර් 18 වැනි දා කලඑළි බහිනවානේ.

Grid List

මහේෂ් හපුගොඩ සමග පවත්වන සාකච්ඡාවක් ඇසුරෙන් ලියන මෙම ලිපි පෙළ පසුගිය සතියේ අපි අවසන් කළේ: මහාචාර්ය නලින්ද සිල්වා මහතාට වරදින්නේ මෙම විරුද්ධාභාෂය වටහා නොගැනීම හේතුවෙන් යන්න පිළිබඳ දීර්ඝ සාකචඡාවකිනි. මේ සතියේ අපි ඔබ සම්මුඛ වන්නේ එහි ම දිගුවක් සමගිනි.

දූපතේ නම නයිනතිව්නාගදීපයද යන්න ඔහුට වැදගත් නැත. වෙළෙඳාම පමණක් ඔහුගේ අරමුණ වන්නේ ය. ඔහු සිංහලත් දෙමළත් හොඳින් කතා කරයි. නමුත්, ඔහු සිංහලයකු නොවේ. දෙමළකු ද නොවන්නේ ය. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. යුද්ධයේ මතක සමඟ වේදනාකාරී අත්දැකීම් ඔහුට නැතත් කතාන්දරය පීඩාකාරීය. එහි වේදනාව නොතිබේ යැයි එවිට අපට කිව නොහැකිය.

bodiya patumaga