ගෝඨාට එරෙහිව සාගලත් දැඩි තීන්දුවක

පුවත්
Typography

ඇමැති සාගල රත්නායක යටතේ පවතින නීතිය හා සාමය අමාත්‍යාංශය මඟින් පසුගිය ආණ්ඩුවේ වංචා-දූෂණ සහ ඝාතන සිදුවීම්වලට අදාළ පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට කටයුතු නොකරන නිසා මාස තුනකට එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පත්කිරීමේ තීරණයක් සම්බන්ධයෙන් පසුගිය සතියේ කතාබහට ලක් විය. පසුගිය ඉරිදා ‘සත්හඬ’ පුවත්පත මඟින් හෙළිදරව් කළේ අදාළ කරුණ නිසා සාගල රත්නායක ඇමැතිවරයා නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් විසින් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට අනාවරණය වන්නේ අදාළ පරීක්ෂණ කඩිනමින් ඉදිරියට කරගෙන යාමට සහ ඒ සඳහා තම උපරිම සහයෝගය ලබා දීමට සාගල රත්නායක ඇමැතිවරයා ද එකඟ වී ඇති බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය, රතුපස්වල නිරායුධ සිවිල් වැසියන් ඝාතනය ඇතුළු සිදුවීම් රැසකට අදාළ පරීක්ෂණ ඉදිරි සතිය තුළ කඩිනම් වනු ඇති බවත්, ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි සති කිහිපය තුළ අත්අඩංගුවට ගනු ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ සම්බන්ධයෙන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන් සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. එහි දී ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ මල්වතු-අස්ගිරි නාහිමිවරුන් මුණගැසී තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව ද පවසා තිබිණි.

ජනිත ප්‍රසාද් සේනානායක

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...