ඇමැති ගෝලයෙක් නීති කඩා ලංකාවට පොල් පටවයි

පුවත්
Typography

නීති විරෝධී ලෙස ලංකාවට පොල් ගෙන්වීමේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරයකුගේ සමීපතමයකු විසින් මේ නීති විරෝධී ව්‍යාපාරය ආරම්භ කර ඇති බවත්, ඇමැතිවරයාගේ බලතල උපයෝගී කර ගනිමින් අදාළ පොල් තොග අඩංගු කන්ටේනර් රේගුවෙන් මුදාගැනීමට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා රේගුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ වන විට එවැනි පොල් කන්ටේනරයක් ගෙන්වා ඇති බවත්, මෙසේ පොල් ගෙන්වීම මඟින් ලංකාවේ පොල්වලට බරපතළ රෝග වැළඳීමේ අවදානමක් තිබෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

ලංකාවේ වගා කරන බෝග හෝ ඒ බෝගවලට ආසන්න කාණ්ඩ 35 කට අයත් බෝග මෙරටට ගෙන්වීම තහනම් ය. පොල් යනු ඒ අතරින් ඉදිරියෙන්ම ඇති බෝගයකි. ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් මිදි සහ ඇපල් ගෙන්වීමට පමණක් අවසර ලබා දී ඇත. මීට පෙර ද පොල්, අර්තාපල් වැනි බෝග ගෙන්වීම මඟින් මෙරට බෝගවලට බරපතළ රෝග වැළඳුණු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හෙළි කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක පැවසුවේ පර්යේෂණ කටයුත්තක් සඳහා පොල් පර්යේෂණ ආයතනයට අදාළ පොල් කන්ටේනරය ගෙන්වා ඇති බවයි. සිල්වර් මිල්ස් නම් පෞද්ගලික ආයතනයක් මඟින් මේ පොල් තොගය ගෙන්වා ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අපට අදාළ තොරතුරු ලබා දුන් පාර්ශ්ව සඳහන් කරන්නේ මේ පොල් තොගය පර්යේෂණයක් සඳහා ගෙන්වූ බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි. මේ සම්බන්ධයෙන් විමසීමට සිල්වර් මිල්ස් ගෲප් සමාගමේ අධ්‍යක්ෂවරයකු සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔවුන් කිසිවකු කාර්යාලයේ නොමැති බව දැනුම් දීම නිසා ය.

ශාලික විමලසේන

Nevil Fernando Final Edited

කතාබහ

සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් 2017-07-19 - වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ...

විශේෂාංග

සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි 2017-07-20 - සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ අදහස් ප්‍රකාශ ක...
රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? 2017-07-17 - සියල්ල සිදුවෙමින් පවතින්නේ මන්දගාමීව ය. අලුත්...
විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? 2017-07-12 - යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය රටේ බහුලව අසන්නට...

කතුවැකිය

විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක 2017-07-17 - පොලිතින් සහ ප්ලාස්ටික් තහනම සැප් 01 දා සිට ක්‍...
විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම 2017-07-10 - බුද්ධාගමට ප්‍රමුඛ තැන ලැබිය යුතුය යන වගන්තිය...
ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 2017-07-05 - ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයෝ, ආණ්ඩු බලයට පත්...

දේශපාලන

කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම 2017-07-17 - ඇමැති විජයමුනි සොයිසා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?...
ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? 2017-06-26 - 2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ...
ගෝඨාභයට වචනයක් ගෝඨාභයට වචනයක් 2017-06-12 - “මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ...
“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම “සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම 2017-06-05 - රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍ර...