විකාශන ශ්‍රේණගත කිරීමේ තක්සේරුකරණ වාර්තාව අද එළිදකියි

පුවත්
Typography

ශ්‍රී ලංකාවේ විකාශන ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය තක්සේරුකරණය සම්බන්ධ ස්වාධීන විද්වත් කමිටු වාර්තාව (Report on Assessment of the Broadcast Ratings System in Sri Lanka) එළි දැක්වීම අද (17) ප.ව. 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, “Lotus” ශාලාවේදී පැවැත්වේ.

එසේම මෙම වාර්තාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරාධනය පරිදි, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ.ඒ.පී.සිද්ධිසේන, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රත්නසිරි අරංගල යන මහත්වරුන් ප්‍රධාන ස්වාධීන විශේෂඥ කමිටුවක් විසින්සම්පාදනය කරන ලදී.

ලංකාවේ රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යයන් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගේ චර්යාවන් හා තෝරාගැනීම් විමසීම සඳහා ක්‍රියාත්මක කරන විකාශන ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය පිළිබඳ කරන ලද පුළුල් ඇගයීමකින් අනතුරුවය මෙම වාර්තාව සකස් කර ඇත. 2016 වසරේ ජුලි මාසයේ ආරම්භ කරන ලද මෙම ඇගයීම සඳහා පසුගිය වසරක කාලය පාදක කරගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් මැදිහත් හා විශ්වසනීය ඇගයීමක අවශ්‍යතාව දිගු කාලයක පටන් මතුව තිබිණි. එමෙන්ම, පවතින ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය පිළිබඳව ජනමාධ්‍ය ආයතන රැසක් විසින් විවිධ අවස්ථාවන්හිදී තම අදහස් ප්‍රකාශ කරන ලදී. මෙම වාර්තාව සකස් කරනු ලැබූයේ විකාශන කළමනාකරුවන්ගේ, ‍දැන්වීම් ක්ෂේත්‍රයේ නියෝජිතයින්ගේ, මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ මෙන්ම ශ්‍රේණිගත කිරීමේ ආයතන වල අදහස් හා යෝජනාවලට සවන් දීමෙන් පසුවය.
මාධ්‍ය හා දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හේතුවන කරුණු ගණනාවක් හා නිර්දේශ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන අතර වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් මෙන්ම ජනමාධ්‍ය හා දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රධානීහු රැසක්ද සහභාගිවීමට නියමිතය.

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...