ධුරයෙන් ඉල්ලා අස් වූ පමණින් හොරෙකු නිදොස් වෙන්නේ නැහැ

පුවත්
Typography

ජනතාව පෙළ ගැසිය යුත්තේ දූෂිතයින් සිප වැළඳ ගැනීමට නොව දූෂණයෙන් තොර පාලනයක් ගොඩනැගීමට බව අද (11)ජ.වි.පෙ.ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පැවසිය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,

"රවී කරුණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ වංචා-දූෂණ සම්බන්ධයෙන් අලුත් සාකච්ඡාවක් මතුවෙලා තිබෙනවා. රවීගේ පාර්ශ්වයේ කණ්ඩායම එය යහපත් ආණ්ඩු ක්‍රමයක ලක්‍ෂණයක් යැයිද පරාජිත රාජපක්‍ෂ කණ්ඩායම එය සිය ජයග්‍රහණයක් යැයිද  උත්කර්ෂයට නංවමින් තිබෙනවා.

කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ".

"රවී කරුණානායක වංචනික ක්‍රියාවකට හවුල් වෙන මොහොතේ ඔහු දැරූ මුදල් ඇමතිධුරය ඉවත් කොට විදෙස් ඇමතිධුරය ලබාදුන් පමණින් ඔහු නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. විදෙස් ඇමති ඇඳුම ඇන්දවීමෙන් හෝ එම ඇඳුම උණා දැමීමෙන් ඔහුට නිවැරදිකරුවෙක් වෙන්න බැහැ. රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම ඔහු සිදුකළ වංචාවට දඬුවමක් නොවේ". ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කළ හැකි කරුණු ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2015 පෙබ. 27 වනවිට ඔහු මුදුල් ඇමතිවරයායි. එම ප්‍රශ්න සහගත ගනුදෙනුව නිසා අගමැතිවරයා නීතිඥ කණ්ඩායමක් පත්කොට ඒ පිළිබඳ විමර්ශනයක් කෙරෙමින් තිබුණා.

එමෙන්ම 2015 අගෝස්තු වනවිට කෝප් කමිටුවේ විමර්ශනය ආරම්භ කෙරුණා. එම ආන්දෝලනාත්මක ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ බවත් එම ගනුදෙනුවෙන් ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් අයථා මුදල් ඉපයූ බවටත් චෝදනා එල්ල වුණා. එසේ චෝදනාවට ලක්වූවන්ගෙන් රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස මසකට රු. ලක්‍ෂ 14.5 බැගින් ගෙවල් කුලිය ලබාගෙන තිබෙනවා." යනුවෙන් දිසානායක වැඩිදුරටත් පැවසීය.

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...