කොළඹට මංතීරු ක‍්‍රමය 15 වන දා සිට

පුවත්
Typography

පොදු ප‍්‍රවාහන සේවා සඳහා වෙනම මංතීරු ක‍්‍රමය 15 වන දා සිට පියවරෙන් පියවර කි‍්‍රයාත්මක කරන බව ඇමති පාඨලී චම්පික පවසයි.

 

කොළඹ නගරයේ කි‍්‍රයාත්මක කිරීමට යෝජිත බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය පිළිබඳව මාධ්‍ය හමුව අද(11) දින බත්තරමුල්ල, සුහුරුපාය, 17 වන මහලේ පිහිටි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මහාචාර්ය අමල් කුමාරගේ යන මහත්වරුන් ඇතුළු අදාල ආයතනයන් හි නිලධාරීන් සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චම්පික රණවක , මීට මාස කිහිපයකට පෙර අප විසින් බස් ප‍්‍රමුඛතා මංතීරු පිළිබඳව රාජගිරිය මංසන්දියේ සිට බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා පර්යේෂණයක් සිදුකල බවත් එමගින් ලබාගත් අත්දැකීම් සියල්ල පදනම් කරගෙන පියවරෙන් පියවර කොළඹ නගරයේ ප‍්‍රධාන මාර්ගවල ප‍්‍රමුඛතා බස් මංතීරු හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද පැවසිය .

මාර්ග තදබදයට අප විසඳුම් සෙවිය යුතුයි. පසුගිය දශකය තුළ පැවැති රජයන් මාර්ග තදබදයට විසඳුම් සෙව්වේ උමං මාර්ග, අධිවේගී මාර්ග ඉදිකරමින් ගුවන් පාලම් ඉදිකරමින්, නමුත් අත්‍යාවශ්‍ය තැන්වල ගුවන් පාලම් ඉදිවුනේ නැහැ. එම අධික වියදම් සහිත සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමෙන් වාහන තදබදය අවම කිරීමට නොහැකි වූ බව පැහැදිලි වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

රාජගිරිය මංසන්දියේ සිට බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා පර්යේෂණයක් සිදුකල අත්දැකීම් පාදක කර ගනිමින් අගෝස්තු 15 දින සිට මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, අගෝස්තු 22 සිට කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත්, අගෝස්තු 29 දින සිට බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ (දියත උයන) සිට ආයුර්වේද මංසන්ධිය දක්වාත්, ටවුන්හොල් මංසන්ධියේ සිට තුම්මුල්ල මංසන්ධිය දක්වාත්, සැප්තැම්බර් 5 සිට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව, කොටුව කොම්පඤ්ඤවීදිය දක්වාත්, සැප්තැම්බර් 12 සිට කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා සහ නොවැම්බර් 30 සිට බොරැල්ල සිට මරදාන දක්වාත් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩපිිළිවෙලට පාසල්, කාර්යාල ප‍්‍රවාහන සේවා ද ඇතුලත් කොට තිබෙන අතර එහි සාර්ථකත්වය මත ඊ ළඟ පියවර කරා ගමන් කරන බව අමාත්‍යවරයා පැවසීය.

කතාබහ

වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...
සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...

විශේෂාංග

රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත 2017-08-21 -  අපට සාමාන්‍ය ජීවිතයේ දී වැඩිපුර හමුවන්නේ ර...
නියඟය, ගොවියෝ සහ පැලැස්තර  නියඟය, ගොවියෝ සහ පැලැස්තර 2017-08-21 - නියඟය මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාවක් බවට...
හරන්තිකලාට තාත්තා කීම හරන්තිකලාට තාත්තා කීම 2017-08-21 - ලංකාව හරි පුදුම රටකි. හැම වෙලාවේම පාහේ සුරුට්ටුව...

කතුවැකිය

දෑවුරුදු ආර්ථිකය දෑවුරුදු ආර්ථිකය 2017-08-21 - ආණ්ඩුවට වසර දෙකකි. වසර දෙකකට පසු යහපාලන ආණ්ඩුව...
අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය 2017-08-14 - “හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු...
උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි 2017-08-07 - යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක්...

දේශපාලන

දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් 2017-08-21 - හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය...
හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට 2017-08-14 - මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ...
ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? 2017-08-01 - හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල්...
ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? 2017-07-24 - ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට...