විජේදාසත් රවීගේ පාරේ

පුවත්
Typography

 අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂව එම අමාත්‍ය ධුරයෙන් සහ මහරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා තීන්දුවක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් බහුතරයක් එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි.

 

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළේ නායකයන් සමඟ එම පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පසුගිය දින කිහිපය තුළ සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇත.

එහි දී පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හමුවක් කැඳවා විජේදාස අමාත්‍යවරයාට අවවාද කිරීමට සහ අමාත්‍යාංශ විෂය වෙනස් කිරීමට ද යෝජනා ඉදිරිපත් වී ඇති නමුත් එහි දී එම යෝජනා ප්‍රතික්ෂේප වී ඇත.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමඟ පැවැත්වූ මෙම සාකච්ඡා සඳහා රාජිත සේනාරත්න, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, තුසිතා විජේමාන්න, හෙක්ටර් අප්පුහාමි, අශෝක ප්‍රියන්ත, ශාන්ත අබේසේකර, චමින්ද විජේසිරි ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගි වී ඇති අතර එම පක්ෂයේ තරුණ සහ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකුම ඊට සහභාගි වී ඇත. මෙහි දී ඔවුන් අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව චෝදනා පත්‍රයක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ අවධානයට යොමුකර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ පක්ෂයේ කීර්තිනාමය කෙලෙසීමට දැනුවත්ව කටයුතු කිරීම, පක්ෂයේ ක්‍රියාකාරීන් සහ ජනප්‍රිය නැගී එන දෙවන පෙළ නායකයන්ට ප්‍රසිද්ධියේ අපහාස කිරීම, කැබිනට් සාමූහිකතාව කඩ කරමින් කටයුතු කිරීම, ආගමික අන්තවාදී සංවිධාන සමඟ ගනුදෙනු කරමින් පක්ෂයේ සුළුජන ඡන්ද පදනම් අවදානමේ හෙළීම, රාජපක්ෂ රෙජීම සමයේ මූල්‍ය අක්‍රමිකතා, ඝාතන සහ විවිධ දූෂණ චෝදනා ලබා සිටින අයට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග අඩාල කිරීම, ජාත්‍යන්තරය හමුවේ රජය අපහසුතාවට පත්වන ලෙස ජාතිවාදී සහ ආගම්වාදී ස්වරූපයෙන් කටයුතු කිරීම ඇතුළුව චෝදනා රැසක් එහි ඇතුළත් බව ද වාර්තා වෙයි.

එසේම හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ හැසිරීම සම්බන්ධව ආණ්ඩුව තුළින්ම අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වීමේ අවදානමත් පක්ෂයේ ප්‍රබලයන් සමඟ අමාත්‍යවරයා ඇතිකර ගෙන තිබෙන ගැටුම් හේතුවෙන් විශ්වාසභංගයක් පැමිණි අවස්ථාවක පක්ෂයේ අභ්‍යන්තර සමගියට එල්ල විය හැකි හානිය ද එහි දී අවධානයට පාත්‍රව ඇත. එසේම කිසියම් අවස්ථාවක විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව ආණ්ඩුව තුළින් විශ්වාසභංගයක් ඉදිරිපත් වීමේ අවදානමක් මතුව වුවහොත් අමාත්‍යවරයාව ඉවත් කිරීමේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය බවට පක්ෂ නායකත්වයට දැනුම් දීමට ද එහි දී තීරණය වී ඇත.

මේ අතර පසුගිය දා විදෙස් කටයුතු අමාත්‍ය රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව රාජිත සේනාරත්න සහ සුජීව සේනසිංහ යන අමාත්‍යවරු අග්‍රාමාත්‍යවරයා හමුවී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධව කඩිනම් තීරණයක් ගත යුතු බව පෙන්වා දී ඇති බව ද වාර්තා වෙයි. වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ආණ්ඩුවට මෙන්ම එජාපයට පහර දීම සඳහා ඒකාබද්ධ විපක්ෂයට සටන්පාඨ ලබා දෙමින් සිදුකරන විජේදාස අමාත්‍යවරයාගේ හැසිරීම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට දැඩි හානියක් සිදු කරන බවත් එහෙයින් පක්ෂය පිරිසිදු කරගනිමින් ඉදිරි මැතිවරණ වෙත යාමට අවශ්‍ය බව ද එහි දී ඔවුන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුකර ඇත.

එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුව අභ්‍යන්තරයෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව මතු වී ඇති විරෝධය සම්බන්ධව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අමාත්‍යවරයාට හිතවත් පිරිසක් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි. එහි දී අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් හෝ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමක් වෙනුවට අමාත්‍යාංශ විෂය මාරු කිරීමක් යෝජනා කිරීමට අපේක්ෂිත බව ද දැනගන්නට ඇත.

 අචින්ත බණ්ඩාර

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...