දකුණේ පැහැරගැනීම්වලට නාවික හමුදාවේ මුල් පුටු හැප්පෙයි

පුවත්
Typography

කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ මුල් පුටු අතර මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

 

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත මේ සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කෙරිණි. කෙසේ වෙතත් නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතමයන් අතර දෙවැනියා වන රියර් අද්මිරාල් ට්‍රැවිස් ජෙරම් සියන්දුරු සින්නයියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ අදාළ පැහැරගත් තරුණයන් පිළිබඳව හිටපු නාවික හමුදාපතිවරයා ද දැන සිටි බවයි

 2008 වසර වන විට තමන් නැගෙනහිර නියෝජ්‍ය විධාන ලෙස කටයුතු කළ බවත්, ත්‍රිකුණාමලය ගන්සයිඞ් කඳවුරේ පවත්වාගෙන ගිය සිර මැදිරිවල පාලනය සිදු වූයේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ බවත් ඔහු පවසා තිබේ. හිටපු නාවික හමුදාපතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස කොමදෝරු ඩී.කේ.පී. දසනායකට අදාළ කඳවුරට ඇතුළු වන සහ පිට වන සියලු වාහන පරීක්ෂා කිරීමේ නොනිල බලයක් ලැබී තිබුණු බවත් පවසා ඇති මේ නාවික නිලධාරියා, ගන්සයිඞ් කඳවුරේ රැඳවියන් හෝ සැකකරුවන් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් පසුව දැනගත් බවත්, එහි සම්පූර්ණ වගකීම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ කාර්ය මණ්ඩලය භාරගත යුතු බවත් සඳහන් කර තිබේ.

මෙසේ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතමයන් අතර දෙවැනියා අදාළ අපරාධය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමත් සමඟ නාවික හමුදාවේ සිටින පසුගිය ආණ්ඩුව සමඟ මීප සම්බන්ධතා පැවැත්වූ, විවිධ චෝදනා එල්ල වී ඇති ඉහළ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ. ඒ නිසා ඔවුන් නාවික හමුදාව අභ්‍යන්තරයේ මතභේදාත්මක තත්ත්වයක් ඇති කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව නාවික හමුදා බුද්ධි අංශය මඟින් ආරක්ෂාව භාර ඉහළ නිලධාරීන්ට වාර්තා කර තිබේ.

මේ අතර වර්තමාන නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට ලබා දී තිබූ මාස හයක සේවා දිගුව මේ මස 22 වනදායින් අවසන් වීමට නියමිත ය. ඔහුට නැවතත් සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබිණි. මීළඟ නාවික හමුදාපති ධුරය සඳහා අවශ්‍ය සුදුසුකම් සියල්ල සපුරා ඇති නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතමයන් අතර දෙවැනියා වන රියර් අද්මිරාල් ට්‍රැවිස් ජෙරම් සියන්දුරු සින්නයියා එම තනතුරට පත්වීම වැළැක්වීමේ මෙහෙයුමක් ද නාවික හමුදාව අභ්‍යන්තරයේ සිදු වන බව එහි ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ මෙහෙයුම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ දැනුවත්භාවයෙන් සිදුවන්නක් ද යන්න පිළිබඳව සැක මතු වන බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහස ය.

 ශාලික විමලසේන

කතාබහ

සන්ධානය රැකගැනීමේ වගකීම ජනපතිත් අගමැතිත් සතුයි සන්ධානය රැකගැනීමේ වගකීම ජනපතිත් අගමැතිත් සතුයි 2017-12-05 - මහාචාර්ය ජයදේව උයන්ගොඩ *මේ වෙලාවේ ලංකාවේ දේශ...
පරාජය වුණේ ශ්‍රීලනිපය නොව මහින්ද රාජපක්ෂයි පරාජය වුණේ ශ්‍රීලනිපය නොව මහින්ද රාජපක්ෂයි 2017-11-27 - දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රීලනිපය...

විශේෂාංග

හොර පාරේ ගිය ඊ ගමන් පත හරි පාරට ගන්න පෙත්සමක් හොර පාරේ ගිය ඊ ගමන් පත  හරි පාරට ගන්න පෙත්සමක් 2017-12-18 - යෝජිත නව විද්‍යුත් විදෙස් ගමන් බලපත‍්‍රය සැක...
කළුව කිට්ටු කරන මීගමුවේ රුවල් ඔරු කළුව කිට්ටු කරන මීගමුවේ රුවල් ඔරු 2017-12-18 - සිහිල් සුළං රැල්ලේ සුළඟ පිළිබඳව ඔවුන්ට දැඩි ...
චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට 2017-12-18 - චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට...

කතුවැකිය

නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය 2017-12-12 - 2017-12-10 ලංකාවේ අභ්‍යාස කෙරෙන කලාවේ අර්බුදයක් තිබේ....
ජනපතිට ඕනෑ තේ ද? කෝපි ද? ජනපතිට  ඕනෑ තේ ද? කෝපි ද? 2017-12-05 - 2017-12-03 ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකතු...
අගමැති විතරක් බිය නොවන්නේ කෙසේද? අගමැති විතරක්  බිය නොවන්නේ කෙසේද? 2017-11-27 - 2017-11-26 අගමැතිවරයා බැඳුම්කර කොමිසමෙහි සාක්ෂි ද...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...