දිස්ත්‍රික්ක 19ක ලක්ෂ 12ක් නියඟයට ගොදුරු වෙති

පුවත්
Typography

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 137ක් පවුල් 360,092ක පුද්ගලයන් 1,241,620 දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

 එම වාර්තාවලට අනුව වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවට වාර්තා වන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක පවුල් 69,632ක පුද්ගලයන් 200,703 දෙනකු නියඟයට මුහුණ දී සිටිති. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 46,531ක පුද්ගලයන් 164,463 දෙනක් නියඟයෙන් පීඩාවට පත්ව සිටිති. උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්ක පහේම පවුල් 145,802ක පුද්ගලයන් 424,773 දෙනක් නියඟයෙන් පීඩාවට පත්ව සිටිති. උතුරු පළාතේ වැඩිම ආපදාවට ලක්ව ඇති දිස්ත්‍රික්කය වන්නේ යාපනයයි. එසේම අනුරාධපුරය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල, මොනරාගල, මාතලේ, මහනුවර, හම්බන්තොට, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක මෙවර නියඟයට මුහුණ දුන් දිස්ත්‍රික්ක වේ. කොළඹ, කළුතර, ගාල්ල නුවරඑළිය යන දිස්ත්‍රික්ක 04 ට මෙවර නියඟය බලපා නැති බව ද එම වාර්තා අනුව පැහැදිලි වේ.

එලෙස නියඟ තත්ත්වය බල පවත්වන බවත් ඒ ප්‍රදේශවල පානීය ජල හිඟයට විසඳුමක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනුග්‍රහයෙන් ජල බවුසර් යොදා ගනිමින් ජලය බෙදා හැරීමට කටයුතු කර තිබුණි.

 ප්‍රදීපා වීරසේකර

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...