උ/නැ වැන්දඹු කතුන් මැදපෙරදිග වහල් සේවයේ

පුවත්
Typography

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුද වැන්දඹුවන් මැදපෙරදිග කලාපයේ වහලුන් ලෙස සේවයේ යෙදවීමේ ජාවාරමක් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන දත්ත අනුව 2015 හා 2016 වසරේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් කාන්තාවන් 1000කට ආසන්න පිරිසක් මැදපෙරදිග ගෘහ සේවය සඳහා උත්සාහ ගෙන ඇත. මොවුන්ගෙන් බහුතරය වැන්දඹු කාන්තාවන් වීම විශේෂත්වයකි. මහ බැංකු දත්ත අනුව 2011 වසරේ 300 දෙනකු මැද පෙරදිග සේවය සඳහා ගොස් ඇත.

වසරකට ගෘහ සේවිකාවන් ලෙස සේවය සඳහා යන 100,000ක් පමණ වන කාන්තාවන් සැලකීමේ දී මෙය අඩු අගයක් වුවත් මිට වසර කිහිපයකට පෙර මැදපෙරදිග මෙවැනි රැකියා සඳහා ගිය කාන්තාවන් ප්‍රමාණය ඉතා අල්ප බව Social Organization Networking for Development හි විධායක අධ්‍යක්ෂ එස්. සෙන්තුරාජා මහතා පවසයි. පසුගිය සමයේ පැවති යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගෙන් ලක්ෂයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව 65,000ක් පමණ පිරිසක් අතුරුදන් කර මිලියනයකට පමණ තම උන්හිටි තැන් අහිමි කර තිබුණි. එසේම ආණ්ඩු මඟින් උතුරු නැගෙනහිර යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් වැය කර ඇතත් 90,000ක පමණ වන යුද වැන්දඹුවන් වෙනුවෙන් සිදු කර ඇති ප්‍රමාණය ඉතා සුළු බව පැවසේ.

සිය පවුල රැක බලාගැනීම සඳහා ස්ථිර ආදායමක් නොමැති මෙම වැන්දඹු කාන්තාවන් මුදල් ණයට ගැනීම සහ මෙවැනි මිනිස් ජාවාරම්වලට පහසුවෙන් ගොදුරුවේ. මැදපෙරදිග සේවයට යැවීම සිදු කරන නියෝජිත ආයතන සැපවත් ජීවිතයක් පිළිබඳ විවිධ සිහින මවා පෙන්වා ගිවිසුමකට අත්සන් ගැනීම සිදු කරයි. මෙම ගිවිසුම්වල සඳහන් කොන්දේසි සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු අවබෝධයක් නොමැත.

 සිතාරා කුලරත්න

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...