කොරියානු අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම

පුවත්
Typography

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් මුල් කර ගනිමින් ඇමරිකාව සහ උතුරු කොරියාව වාග් සංග්‍රාමයක නිරතව සිටිති.

ඇමරිකානු බල ප්‍රදේශයක් වන ගුවාම් දූපත ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට පවතින සැලසුමක් පිළිබඳ උතුරු කොරියාව බ්‍රහස්පතින්දා (අගෝස්තු 10) නිවේදනයක් නිකුත් කිරීමත් සමග එරට සහ ඇමරිකාව අතර පවතින උණුසුම්කාරී වාතාවරණය තවත් උත්සන්න විය.

ගුවාම් දූපතට කිසියම් දෙයක් සිදු වුවහොත් "විශාල විපතක්" බලාපොරොත්තු විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

කෙසේ නමුත් සිය න්‍යෂ්ටික වැඩසටහන දිගටම කරගෙන යන බව උතුරු කොරියාව පවසයි.

මේ අතර නිල සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරු කොරියාවට අසල්වැසි දකුණු කොරියාව තුළ ශ්‍රී ලාංකිකයන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටිති.

ඉහළ යමින් පවතින කලාපීය උණුසුම හමුවේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එහි සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බව දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරිය මනීෂා ගුණතිලක කියා සිටියේ ලාංකිකයන් වැඩි වශයෙන් සේවය කරන ප්‍රදේශ පිළිබඳ අධ්‍යයනය කර මීට මාස 06 පමණ පෙර අදාළ සැලැස්ම සැකසීමට පියවර ගත බවය.

ඒ හා සම්බන්ධ වාර්තාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ සේවා අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශයට භාර දී ඇති බවත් තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇමරිකාව සහ උතුරු කොරියාව අතර මතුව ඇති උණුසුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් ද විමසිල්ලෙන් පසුවෙති.

චීන රාජ්‍යය රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් මතුව ඇති අර්බුදයට සාමකාමී විසඳුමක් අත්‍යවශ්‍ය බව චීන ජනාධිපති ෂි ජින් පින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පවසා ඇති බවය.

දෙරටේ නායක දෙපල අතර පැවති දුරකථන සංවාදය අතරතුර සියලු පාර්ශව සංයමයෙන් කටයුතු කිරීමේ සහ නොඉවසිලිමත්භාවය ඉහළ යාමට තුඩු දෙන වචන හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටීමේ වැදගත්කම ජනාධිපති ජින් පින් අවධාරණය කළ බවත් එම වාර්තාවේ දැක්වේ.

-bbc

කතාබහ

සන්ධානය රැකගැනීමේ වගකීම ජනපතිත් අගමැතිත් සතුයි සන්ධානය රැකගැනීමේ වගකීම ජනපතිත් අගමැතිත් සතුයි 2017-12-05 - මහාචාර්ය ජයදේව උයන්ගොඩ *මේ වෙලාවේ ලංකාවේ දේශ...
පරාජය වුණේ ශ්‍රීලනිපය නොව මහින්ද රාජපක්ෂයි පරාජය වුණේ ශ්‍රීලනිපය නොව මහින්ද රාජපක්ෂයි 2017-11-27 - දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රීලනිපය...

විශේෂාංග

හොර පාරේ ගිය ඊ ගමන් පත හරි පාරට ගන්න පෙත්සමක් හොර පාරේ ගිය ඊ ගමන් පත  හරි පාරට ගන්න පෙත්සමක් 2017-12-18 - යෝජිත නව විද්‍යුත් විදෙස් ගමන් බලපත‍්‍රය සැක...
කළුව කිට්ටු කරන මීගමුවේ රුවල් ඔරු කළුව කිට්ටු කරන මීගමුවේ රුවල් ඔරු 2017-12-18 - සිහිල් සුළං රැල්ලේ සුළඟ පිළිබඳව ඔවුන්ට දැඩි ...
චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට 2017-12-18 - චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට...

කතුවැකිය

නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය නිදහස් කලා සන්ධානයේ අන්තවාදී දෘෂ්ටිවාදය 2017-12-12 - 2017-12-10 ලංකාවේ අභ්‍යාස කෙරෙන කලාවේ අර්බුදයක් තිබේ....
ජනපතිට ඕනෑ තේ ද? කෝපි ද? ජනපතිට  ඕනෑ තේ ද? කෝපි ද? 2017-12-05 - 2017-12-03 ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකතු...
අගමැති විතරක් බිය නොවන්නේ කෙසේද? අගමැති විතරක්  බිය නොවන්නේ කෙසේද? 2017-11-27 - 2017-11-26 අගමැතිවරයා බැඳුම්කර කොමිසමෙහි සාක්ෂි ද...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...