ලොව විශාලත ගුවන් යානාව කටුනායකට ගොඩබසී

පුවත්
Typography

A-380 ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීම තුළින් ධාවන පථය පිළිබඳව පැවති දුර්මතයන් බිඳුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පැවසීය.

 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ආසන 550 කින් යුත් ලොව විශාලතම ගුවන් යානාවක් වන A-380 වර්ගයේ ගුවන් යානාව ගොඩබැස්සවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළේ පැවති උත්සවයේදීය.

මෙම ගුවන් යානාවෙන් ගුවන් මගීන් 524 දෙනෙකු මෙරටට පැමිණි අතර එය පදවාගෙන පැමිණි ප්‍රධාන ගුවන් නියමුවා උදය තිලකරත්න නම් වු ශ්‍රී ලාංකිකයෙකු වීමද තවත් එක් විශේෂත්වයකි.

වසර 30 කට පසු රුපියල් කෝටි 720ක් වියදම් කොට ප්‍රතිසංවර්ධනය කළ කටුනායක ගුවන් යානා ධාවන පථය පිළිබඳව සමහර පිරිස් විවිධ මත ප්‍රකාශ කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සියලු මත බිඳ දමා ලෝකයේ ඕනෑම සහ විශාලතම ගුවන් යානාවක් ගොඩබැස්සවිය හැකි තත්ත්වයේ ධාවන පථයක් අපට තියෙන බව ඔප්පු වී තිබෙන බව ද සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු රාශියක් ඉදිරියේදී ඉටු කිරීමට ආරම්භ කර තිබෙන අතර ඒ අනුව දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීම් මේ වන විට සිදු කර තිබෙන බවත්

මෙසේ පැමිණි මෙම එමිරේට්ස් ගුවන් යානාව පළමුව මසකට වරක් කොළඹ සහ ඩුබායි අතර ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට එමිරේට්ස් පාලන බළධාරීන් කැමැත්ත පළ කර  බවත් මේ තුළින් විශාල සංචාරකයින් පිරිසක් එක් වරකට මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා ඇතුළු ගුවන් තොටුපළ නිළධාරීන් සහ එමිරේට්ස් ගුවන් සමාගමේ ජේෂ්ඨ උප සභාපති අහමඩ් කුරියර්, ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමණාකරු චන්දන ද සිල්වා මහතා ඇතුළු එමිරේට්ස් සමාගමේ නිළධාරීන් රැසක් ද සහභාගි වුහ.

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...