මාධ්‍යය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා- මාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි-රංග කලන්සූරිය

පුවත්
Typography

අනෙක් සියල්ල මෙන් මාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණයට බඳුන් විය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිඹිමුව මාධ්‍ය විය යුතු යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවසීය.

 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි. මෙහිදී පාඨමාලාවන් 07කට අයත් 275දෙනෙකු වෙනුවෙන් සහතික පිරිනැමිණි.

ලෝක විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ජනමාධ්‍ය පාඨමාලා සියල්ල සම්ප්‍රදායික මාධ්‍යවලින් නව මාධ්‍යවලට වෙනස් වෙමින් පවතින බවත්, මේ වන විට 24%ක් පමණ දෙනා අන්තර්ජාලය හරහා ප්‍රවෘත්ති ලබාගැනීම සිදුකරන අතර ම එම ප්‍රමාණය දෙගුණවීම වැඩි ඈතක නොවන බවත් පෙන්වා දෙයි.

ලෝකයේ වෙනස්වීම ඉතා සීඝ්‍රයෙන් සිදුවන අතරම එයට සරිලන ආකාරයෙන් ප්‍රවෘත්ති ලබාදීමට අරගලයක් කළ යුතු අතර ම කිසිම වෘත්තීය ක්ෂේත්‍රයක් තුළ නොමැති අවකාශයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රය සතුව පවතින බවත් කීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණ වශයෙන් මාධ්‍ය හැඳුන්වූවද ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේ ද මාධ්‍යය තුළ බවත්, වෘත්තීය භාවය, ආචාර ධර්ම පිළිබඳ ව මාධ්‍යවේදියා දැනුම්වත් කළඳ ආයතන ප්‍රධානීන් ඒ පිළිබඳ ව දැනුම්වත් නොකිරීම නිසා ප්‍රවෘත්ති කාමරය තුළ ද ප්‍රධානීන්ට යටත්වීමට සිදුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා  පෙන්වා දුන්නේය.

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...