නව ව්‍යවස්ථාවක් අනවශ්‍යයි,තිබෙන ව්‍යවස්ථාව හොදයි-අස්ගිරි - මල්වතු නාහිමිවරු

පුවත්
Typography

නව ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව කියමින් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරු ඊයේ පස්වරුවේ (18) විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි.

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ගේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ දෙපාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ සභික හිමිවරුන් ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ දී ඊයේ රැස් වී ඇත.

එම ආයුද මණ්ඩපයේ සාකච්ඡාවෙන්  පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ මෙලෙස පවසා ඇත.

‘නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ අප විශේෂයෙන් සාකච්ඡා කළේ මේ සම්බන්ධව විද්වත් මණ්ඩලයක් අපව දැනුවත් කළ නිසයි. මේ ව්‍යවස්ථාවේ භයානක බව, බලතල බෙදීම මුළු පාර්ලිමේන්තුවට නැති බලයක් ප්‍රාදේශිය සභාවලට, පළාත් සභාවලට ලබාදීම මේ ව්‍යවස්ථාවෙන් සිදුවන බව පැහැදිලියි. මේ නිසා මෙම ව්‍යවස්ථාව නුසුදුසුයි වගේම අපත් මේ ව්‍යවස්ථාව නුසුදුසු බව අද තීරණය කළා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව අපත් පවසනවා. මේ තිබෙන ව්‍යවස්ථාව අපට හොඳයි. උභය මහා විහාර දෙක වගේම රාමඤ්ඤ අමරපුර නිකායන්හි මහ නායක හාමුදුරුවරුත් දැනුවත් කරලා මුළු රටේම මහා සංඝයා වහන්සේලා දැනුවත් කරලා මහා සංඝයාවහන්සේගේ බලවත් විරෝධය අපි එකතුවෙලා ප්‍රකාශ කරනවා. අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව හකුලා ගන්න කියලා. පරණ ව්‍යවස්ථාව අපට හොඳයි.

එසේම ජනාධිපති බලතලත් එලෙසම තිබිය යුතුයි. එත් කොට්ඨාස මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. රටේ සමස්ත මහා සංඝරත්නයම මේ ව්‍යවස්ථාවට විරුද්ධ විය යුතු බව අප මෙහිදී තීරණය කළා.‘‘

යනුවෙන් මෙහිදී පැවසිය.

කතාබහ

අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති අපි කාගේවත් දුරකථන ටැප් කරන්නෙ නෑ-පොලිස්පති 2018-01-17 - ලංකාවේ කිසිදු ස්ථානයක තමන් දැනුවත්ව දුරකථන ටැප්...
අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි අල් කුර්ආන් කියන්නේ නීති පොතක් නෙවෙයි 2017-12-22 - ජාමියා නලීමියා උසස් අධ්‍යාපන ආයතනයේ හිටපු ජ්...
මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා මේ මැතිවරණයේ දී අන්තවාදයට හොඳ පිළිතුරක් දෙනවා 2017-12-20 - උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න&...

විශේෂාංග

අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය අඳබාල නිලධාරීන් නිසා වළපල්ලට යන ග‍්‍රාමීය ආර්ථිකය 2018-01-15 - ශ්‍රී ලංකාව තරම් ජීවත් වීමට සුදුසු  පරිසරයක් ...
උඩප්පුවෙන් නැගෙන පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය උඩප්පුවෙන් නැගෙන  පාඩුකාරයන්ගේ මාළු සිලිසිලිය 2018-01-15 - පාඩුකාරයෝ ගල්පර රහිත නොගැඹුරු මුහුදත්, පළල් ...
සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ සෑම විහිළුවකම අර්ධ සත්‍යයක් තිබේ 2018-01-11 - ජනවාරි 9 දා ජනවාරි 08 පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කළ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...