ජනවාරි 8 ජනතාවගේ අපේක්ෂා ඉටු නොකිරීමේ ප්‍රත්ඵලය ආණ්ඩුවට ලැබුන -අනුර

පුවත්
Typography

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ,ලේකම් ටිල්වින් සිල්වා , ලාල්කාන්ත සහ සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා යන අයගේ සහබාගිත්වයෙන් අද(11) පැලවත්ත ජවිපෙ පක්‍ෂ මුලස්ථානයේ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දැක්වීය.


මේ වන විට පළාත් පාලන මැතිවරණය අවසන් වී තිබෙනවා. අපි අපේක්ෂා කළා මේ වන වට ප‍්‍රතිඵල සම්පූර්ණයෙන් නිකුත් වී තිබේවි කියලා. නමුත් තවමත් ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබෙනවා. මේ ප‍්‍රතිඵල පිළිබඳවත් පළාත් පාලන මැතිවරණය පිළිබඳවත් ජවිපෙ අදහස් ඉදිරිපත් කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡව කැඳවනු ලැබුවා.
මේ පළාත් පාලන මැතිවරණය පැමිණෙන විට රට තුළ විශාල ආණ්ඩු විරෝධයක් ගොඩනැඟී තිබුණා. ආණ්ඩුවේ පරිපාලනයට එරෙහිව, සහනාධාර කප්පාදුවට එරෙහිව ආණ්ඩු විරෝධයක් තිබුණා. ඒ වගේම වංචා-දුෂණවලට එරෙහිව හ`ඩක් නැෙඟමින් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණට මේ ගොඩනැගෙමින් තිබුණු ආණ්ඩු විරෝධයට සාපේක්ෂව ප‍්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කළා. මෙම මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන ආකාරය අනුව පෙන්නුම් කෙරෙන්නේ, පක්ෂයක් ලෙස අපි අපේක්ෂා කරන ලද බලය මෙම ප‍්‍රතිඵලය තුළ නොමැති බවයි.

මහජනතාවට ඉටුවිය යුතු සේවය උපරිම ලෙස ඉටුකිරීම කැපවෙනවා.

කෙසේ වුවත් පළාත් පාලන මැතිවරණ සමග සංසන්දනය කර බලන විට, 2011 අවසන් වරට පැවැත්වූ මැතිවරණයට සාපේක්ෂව අපට එහිදී ලැබුණු මන්තී‍්‍ර ධුර 72ක ප‍්‍රමාණයට වඩා මෙවර විශාල ලෙස මන්තී‍්‍ර ධුර වැඩිවෙමින් තිබෙනවා. නිදසුනක් ලෙස කොළඹ නගර සභාව තුළත් කඩුවෙල නගර සභාව තුළත් අපට තිබුණේ එක් නියෝජනයක් පමණයි. මේ වන විට නිකුත් වී ඇති ප‍්‍රතිඵල අනුව කොළඹ මන්තී‍්‍ර ධුර 6ක් දක්වාත් කඩුවෙල 5ක් දක්වාත් වැඩිවී තිබෙනවා. 2011 මැතිවරණයට අනුව බැලූවොත්, මන්තී‍්‍ර සංඛ්‍යාවේත්, ඡන්ද ප‍්‍රමාණයේත් සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා. 2015 මැතිවරණයට සාපේක්ෂව බැලූවොත් ජවිපෙ ඡන්ද ප‍්‍රතිශතයේත්, ඡුන්ද ප‍්‍රමාණයේත් වර්ධනයක් ඇතිකර ගැනීමට අප සමත්වී තිබෙනවා.

මෙම ප‍්‍රතිඵලය ලබා ගැනීමේදී අපේ රටේ බොහෝ පිරිස් ඊට දායකත්වය දැක්වුවා. විශේෂයෙන් කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂී ජයග‍්‍රහණයක් ලබාදීමට විශාල කාර්යභාරයක් කළා. අප පක්ෂයක් ලෙස ඔවුන්ටත්, අපට ඡුන්දය ලබාදුන් ජනතාවටත් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

2015 ජනවාරි 08වැනිදායින් පසුව රනිල්-මෛතී‍්‍ර හවුල් ආණ්ඩුවේ ගුණාගුණ මැන බැලෙන අවස්ථාව බවට මෙම මැතිවරණයට පත්වී තිබුණා. ආණ්ඩුව ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙන බව මෙම මැතිවරණයේ ප‍්‍රතිඵලය තුළ ඉතා හොඳින් පෙන්නුම් කර තිබෙනවා. 2015 ජනවාරි 08 දා ජනතාව විසින් අපේක්ෂා කළ කාර්යයන්ට මුළුමනින්ම පිටුපස හරවා ආණ්ඩුව පසුගිය වසර 3ක කාලය පැමිණ ඇති බව මෙම මැතිවරණය ප‍්‍රතිඵලය විසින් පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුව අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග ප‍්‍රතික්ෂේප කිරීමත් ජනවාරි 8 ජනතාවගේ අපේක්ෂා සියල්ල ඉටුකිරීමට අසමත් වූ ආණ්ඩුව සම්බන්ධ ජනතාවගේ ප‍්‍රතිචාරයත් මෙම ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කර තිබෙනවා. යනුවෙන් අදහස් දැක්විය.

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...