විනාශය ගෙනාපු උදවියට ඡන්දය දීලා දිනෙව්ව-සටන් කරපු අපිව පරාජය කළා -සමන්ත

පුවත්
Typography

පසුගිය වසර 10ක් තිස්සේ උමා ඔය ව්‍යාපෘතියෙන් අසරණවූ ජනතාව වෙනුවෙන් අප සටනක නිරතවුණා. නමුත් ඔවුන්ට විනාශය ගෙනාපු උදවියට ඡන්දය දීලා ජයග‍්‍රහණය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සටන් කරපු අපිව පරාජය කලා. ඒගැන අප කණගාටු වෙනවා.යනුවෙන් ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්ව මහතා පැවසීය.


ඒ මහතා මෙම අදහස් පළකලේ පසුගිය 12වන දින උමා ඔය ව්‍යාපාරය සම්බන්ධයෙන් බදුල්ල පළාත්බද මහාධිකරණයේ කැඳවා තිබූ නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මන්තී‍්‍රවරයා
පවුල් හත්දහස් ගණනක ජනතාවට බොන්න වතුර ටික නැතිවෙනකොට උමා ඔය සහන කමිටු හදලා බවුසර් 76ක් දාලා දවසකට වතුර ලීටර් පන්ලක්ෂ අසූ හත්දහසක් බෙදීමේ පහසුකම් අපි හදලා දුන්නා. වගා හානි වෙච්ච ජනතාවට අපි වගා වන්දි කෝටි ගණනක අරන් දුන්නා. නිවාස 7555ක් පුපුරලා විනාශවුණා. ඒ ජනතාවට අපි සහන අරන් දුන්නා. අදත් අපි ඔවුන් වෙනුවෙන් යම් සහනයක් අරන් දෙන්න අධිකරණයට ඇවිත් ඉන්නවා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ යටතේ අපි බණ්ඩාරවෙළට කණ්ඩායමක් ඉදිරිපත් කළා. නමුත් ඒ ජනතාවම අපිව පරදවලා තියෙනවා. ඒ පීඩාවට පත්වූ ජනතාව ගැන අපිට ලොකු කණගාටුවක් තිබෙනවා.

තමන්ගේ වතුරටික, ගෙවල්, ජීවනෝපාය මේ සියල්ල අහිමිවෙලා තියෙද්දී ඒ වෙනුවෙන් සටන් කරපු අපිට පරාජය උරුම කළා. නමුත් අද දිනත් ඔවුන් වෙනුවෙන් යම් සහනයක් අරන් දෙන්න අපි කටයුතු කරනවා. දැන් එක දෙයක් දැන් අපිට පැහැදිලි වෙනවා. පාරේ මහා සටන් කිරීම සඳහා ශක්තිය එක මොහොතේ ගොඩනගාගන්න අපිට ලැබෙන්නේ නැහැ. ජනතාවට සහන එපා කියන දෙයද මින් ඉස්මතුවන්නේ කියන ප‍්‍රශ්නය අපිට දැන් පැන නැගිලා. විනාශය අනුමත කරන තැනද ජනතාව ඉන්නේ කියන දෙය අපිට හිතන්න වෙලා. මේ රට අඳුරු යුගයකට ඇදගෙන යන අයුරු තමයි අපිට පෙනෙන්නේ. රටේ ජනතාව නැවත හොරකම් කරපු උදවියට බලය දීලා තියෙනවා. හොරුන්ට තැන දීලා තියෙනවා. පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වෙච්ච ප‍්‍රතිඵලය රටේ ජනතාව දීලා නැහැ. නමුත් පක්ෂයක් විදිහට අපිට සතුටක් තියෙනවා. යම් වර්ධනයක අපි ඉන්නවා. කොහොම නමුත් මේ රට නැවත අඳුරු දිශාවට ඇදගෙන යන්න අපි ඉඩ තියන්නේ නැහැ.

රටේ ජනතාව බුද්ධිමත්ව සිතන්න ඕන කාලයක් එළඹිලයි තියෙන්නේ. රට අඳුරු යුගයකට යන්න පුලූවන්. දේශපාලන කුණාටු ඉදිරි දවස්ටිකේ හමාගෙන එන්න පටන් ගන්නවා. රට සැලකිය යුතු අරාජිකත්වයකට ගොදුරුවීමේ හැකියාවක් මේ තුල තියෙනවා. ජාත්‍යන්තර ම්ට්ටමේ පවා අපි සැලකියයුතු අර්බුද වලට ලක්වීමේ ඉඩකඩක් ඉදිරියේදී තියෙනවා. රටේ පිළිගත් දේශපාලන නායකයින් මේ රටේ ජනතාවට වග කියන්නේ නැති බවක් අපිට පේනවා. ඔවුන් දේශපාලන සූදුවක නිරතවෙනවා. ඒතුල පීඩාවට පත්වෙන්නේ ඔය මන්තී‍්‍රවරු ඇමතිවරු නෙවෙයි. අසරණ ජනතාවයි පීඩාවට පත්වෙන්නේ.
මේ රටේ ශාක්ෂරතාවය ඉහළ මට්ටමකයි තියෙන්නේ. අකුරු ලියන්න කියවන්න පුලවන් වුනාට දේශපාලනය ලියන්න කියවන්න තෙරෙන්නේ නැති දේශපාලන ශාක්ෂරතාවය පහළ වැටිච්ච රටක ප‍්‍රතිඵලය මේක තමයි. යනුවෙන් පැවසීය.

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...