වරාය නගරය ඉදිකිරීමෙන් කොළඹ ගොඩනැගිලි ගිලෙයිද ?

පුවත්
Typography

කොළඹ නගරයේ ඉදිකෙරෙන දැවැන්ත ගොඩනැගිලි නිසා නගරයේ පැරණි ගොඩනැගිලි සහ මංමාවත් ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ඉංජිනේරුවෝ පවසති.

එවැනි දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරීම්වලදී පොළොවට එවැනි බරක් දැරිය හැකිද යන්න පිළිබඳ ක්‍රමවත් හා විධිමත් අධ්‍යයනයක් කළ යුතුයි. විශේෂයෙන් එවැනි ගොඩනැගිලි ඉදිකිරීමේදී පොළොව අභ්‍යන්තරයේ පවතින පාෂාණ තට්ටුව දක්වා මූලික කැනීම් කර ඒ තුළ ඉදිකිරීමේ මූලික පදනම යෙදිය යුතු යැයි භූවිද්‍යාඥයන් මෙන්ම ගොඩනැගිලි ඉංජිනේරුවෝ පවසති.

විශේෂයෙන් මේ පිළිබඳ අවධානය යොමු වුණේ කොළඹ වරාය නගරය ඉදිකිරීමේදී ඇතිවන තත්ත්වය පිළිබඳව විවිධ මත පළවීම හේතුවෙනි. වරාය නගරය ඉදිකෙරෙන්නේ මුහුදු අභ්‍යන්තරයේ ඇති වැලි ගොඩ දමා පිරවීමෙන් පසුවයි.

මේ නිසා මුහුදු මට්ටම ඉහළට ඒමත් එහි බලපෑම මත කොළඹ නගරයට ඇතිවන ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවත් විශේෂඥ ඉංජිනේරුවෝ පවසති.

පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙම වරාය නගරය ඉදිකිරීම නිසා ජනාධිපති කාර්යාලය ද දෙදරුම් කෑමේ තත්ත්වයකට මුහුණ දුන් බව විටින් විට තම කාර්යාලයේ සේවකයන්ද දැනුම් දුන් බව ජනාධිපතිවරයා එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. මේ ව්‍යාපෘතිය නිසා රාජ්‍ය සම්පත් ද විදේශීය රටවලට අලෙවි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසයි.

ගිලාබැසීම පිළිබඳ පළවූ වාර්තාවලට පදනමක් නෑ-චම්පික රණවක

මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍ය පාඨලි චම්පික රණවක
එහෙත් එවැනි තර්ජනයක් ඇති නොවන බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

කොළඹ නගරයේ ගොඩනැගිලි හා මංමාවත් ගිලා බැසීමට හා ඉරිතැලීම්වලට ලක්වීමේ අවදානමක් පවතින බවට පළවූ වාර්තාවල කිසිම පදනමක් නැහැ. මම වගකීමෙන් ප්‍රකාශ කරනවා මේවා පදනම් විරහිත ප්‍රචාර. ඔය සිද්ධියට මුල්වුණේ ආචාර්ය ජී.ජී. කරුණාරත්න මහතා කළ ප්‍රකාශයක් නිසා.

කොළඹ නගර ව්‍යාපෘතිය නිසා මෙවැනි තත්ත්වයක් උදාවන බව ඔහු ප්‍රකාශ කර තිබුණා. නමුත් එවැනි කිසිම අවදානමක් නැහැ. ඔහු ප්‍රකාශ කළේ භූගත ජල තලය මුහුදු සීමාවට ආසන්නයේදී මුහුද ගොඩගැලීමක් සිදුවුවහොත් ජල තලය ඉහළට එසවනවා කියන එක. එය දැනට මීටර් 3.9 ක් පහළින් තිබෙන්නේ. එය ඉහළට යා හැකි බව ඔහු දේශනයකදී ප්‍රකාශ කළා.

 එතුමා ඒක ප්‍රකාශ කරන්නත් ප්‍රථම මේ සම්බන්ධව කළ පරිසර අධ්‍යනයේදී. පැහැදිලිවම එය සඳහන් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ගතයුතු ඉංජිනේරු ක්‍රියාමාර්ගත් යෝජනා වෙලා තිබෙනවා. ඒ සියලු ඉංජිනේරු ක්‍රියාමාර්ග අප අරගෙන තිබෙනවා.

idida lankadeepa

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...