පොහොට්ටුවෙත් රාජපක්ෂ බලය වැඩිවෙයි!

පුවත්
Typography

පළාත් පාලන ආයතනවලට සභාපතිවරු හා උප සභාපතිවරු ඇතුළු කටයුතු මෙහෙයවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික රැස්වීමකදීය.

මුලදී අදාළ ඡන්ද කොට්ඨාසයේ ප්‍රකාශිත ඡන්දය අනුව වැඩිම ඡන්ද ප්‍රතිශතය ගන්නා ලද කොට්ඨාසය නියෝජනය කරන ලද අපේක්ෂකයාට සභාපතිකමත්, දෙවැනියට වැඩිම ජන්ද ප්‍රතිශතය ගන්නා ලද අයට උප සභාපතිකමත් ලබාදීමටත් අපේක්ෂකයන්ට පොරොන්දු දී තිබූ අතර මේවන විට අදාළ තීන්දුව වෙනස් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඡන්දයට පෙර කණ්ඩායම් නායකයන් ලෙස පත්කරන ලද අපේක්ෂකයන්ට පළාත් පාලන ආයතනවල සභාපතිකමත්, දේශපාලන පරිනත බව අනුව උප සභාපතිකම්ද ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේ සභාපති, උප සභාපතිකම් විසඳාගත නොහැකි පළාත් පාලන ආයතනවල අවසන් තීන්දු ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමකදී තීරණය කිරීමට නියමිත බව පැවසේ.

කෙසේවුවද, අදාළ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශාල ජනවරම් ලබාදුන් තරුණ නායකයින්ට සභාපති හෝ උප සභාපතිකම් ලැබීම අවම මට්ටමකට වැටීමේ අවදානමක් ඇති බවට පක්ෂ නායකයින්ගේ විරෝධයක් මතුව ඇති බවද වාර්තා වේ.

මේ අතර, ඇතැම් පක්ෂ නායකයින් පවසා ඇත්තේ පොහොට්ටුවේ සභාපතිකම් රාජපක්ෂලාට ඕන හැටියට ලබාදිය නොහැකි බවයි.

mirrar

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...