ශ්‍රීලනිපයේ අවසන් තීරණය අද නොගනී

පුවත්
Typography

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් ඊයේ (10)  පැවති  කැබිනට් රැස්වීම වර්ජනය කර කළ  අතර අද(11) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නැවත රැස් වී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුනද අද එය නොපැවැත්වෙන බව ශ්‍රීලනිප නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ප්‍රකාශකරයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී 9 වනදා  රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්  වී ගත තීරණයකට අනුව අද (11)අවසන් තීරණයක් ගැනීමට තිබිණි.

එම අවසන් තීරණය ගැනීමට සුදානම්ව තිබුනේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටිනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සහ විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙනි.

පසුගිය 9 වන දා හමුවේදී විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ අමාත්‍යවරුන් ආණ්ඩුවේ දරන තනතුරුවලින් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර ඇති අතර අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් අදාළ යෝජනාව ස්ථිර කර ති‍බේ.


මේ අතර විශ්වාසභංග යෝජනාවට සහය පල කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පමණක් නොව පක්ෂයක්  ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවටද මෙහිදී මතයක් ඉදිරිපත් වී තිබුණි.

මෙහිදී  ජනාධිපතිවරයා පවසා ඇත්තේ  එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.

පක්ෂයක් ලෙස හදිසි තීරණවලට නොපැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 41 දෙනාම ඒකමතික තීරණයකට එළඹිය යුතු බව එහිදී ජනාධිපතිවරයා එදින පවසා තිබුණි.

මෙලෙස  ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) දිනයේ රැස්විමට මුලින් තීරණය කර තිබිණි.

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...