විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවර්ජනය සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය නිවේදනය

පුවත්
Typography

ඉහත වැඩවර්ජනයට මූලික වූ ඉල්ලීම් සම්බන්ධයෙන් සළකා බලනු ලැබූ රජය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින්ට දැනට මූලික වැටුපෙන් සියයට 35%ක ප්‍රමාණයක් ලෙස ගෙවනු ලබන මාසික හිලව් දීමනාව  තවදුරටත් මූලික වැටුපෙන් සියයට 10%ක ප්‍රතිශතයකින් වැඩි කිරීමට තීරණය කර ඇත.



මේ බව දැනටමත් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෙත ලිඛිතව දැනුම් දී ඇති බව උසස්  අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

එසේම අනධ්‍යයන සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම, පොදු රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම වැනි අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර සුදුසු විසඳුම් ලබාදීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා විසින් ස්වාධීන කමිටුවක් පත් කිරීමට එකඟ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ව්‍රත්තීය සමිති ඒකාබන්ධ කමිටුව ද තම  එකඟතාවය පළ කර ඇත.

ඒ අනුව මෙම වැඩවර්ජනයට පාදක වූ ප්‍රධන ඉල්ලීම ඉටු කිරීමට දැනටමත් කටයුතු කර ඇති බැවින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනට ක්‍රියාත්මක අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජනයේ යෙදී සිටින සියලුම සේවකයින් 2018
අප්‍රේල් 17වන දිනට හෝ ඊට පෙර දිනයක රාජකාරියට වාර්තා කළ යුතු බව දන්වනු ලැබේ.

විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබන ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසීම පිණිස අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල වහාම විවෘත කිරීමේ අවශ්‍යතාවය රජය අවධාරණය  කර සිටී.ඒ අනුව 2018 අප්‍රේල් 17 වන දින හෝ ඊට පෙර දිනයක සේවයට වාර්තා නොකරනු ලබන සේවකයන් සම්බන්ධයෙන් පහත සඳහන් පියවර ගැනීමට තීරණය කර ඇත.

01- 2018 අප්‍රේල් 17 වන දින හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන පරිවාස,අනියම්,තාවකාලික,ආදේශක,සේවා පැවරුම්,පුහුණුවන සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සියලු
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් තම සේවය අතහැර ගියා සේ සළකනු ලැබේ.


02- එමෙන් ම එදිනට සේවයට වාර්තා නොකරන, තවදුරටත් වැඩවර්ජනයේ යෙදී සිටින ස්ථීර සේවයේ නියුතු සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ගේ ඔවුන් වර්ජනයේ යෙදී සිටින කාලසීමාව වැටුප්
රහිත කාලසීමාවක් ලෙස සැලකීමට 2007-06-07 දින නිකුත් කර ඇති කොමිෂන් සභා චකේලේඛ අංක 890 ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...