ජනවාරි 08 ජයග්‍රහණයට ඉදිරි පියවරක් තබමින් සම්මුතිවාදී ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ගිවිසුමකට එළඹීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා තීරණය කරයි.
මෙහිදී ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කටයුත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සම්බන්ධීකරණය කිරීම සඳහා අමාත්‍ය සරත් අමුණුගම මහතා වෙත පවරා තිබේ.
ජනාධිපතිවරයා ඉදිරි දින කීපයේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග විදෙස් ගතවන නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමග සාකච්ජා කර නව අවබෝධතා ගිවිසුමක් කෙටුම්පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස සරත් අමුණුගම අමාත්‍යවරයා වෙත උපදෙස් දී ඇත.
2015 අගෝස්තු 21 වන දින එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් පක්ෂ දෙක අතර සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර, එය වසර දෙකකින් අවලංගු වන බවත්, දෙපාර්ශ්වයේ එකඟතාව මත ගිවිසුම දීර්ඝ කළ හැකි බවත් පෙර ගිවිසුමේ විශේෂයෙන් සඳහන් විය.