අලුත් අවුරුද්දට තව පැය කිහිපයයි !- අලුත් අවුරුදු නැකැත්

පුවත්
Typography

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක ම ජනතාව මේ වන විට සූදානම් වෙමින් සිටී.

චිරාගත සම්ප්‍රදායනුකූලව අද දිනය හඳුන්වන්නේ පරණ අවුරුද්ද හෙවත් පුරාණ කෝණම් දිනය ලෙසය.



සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සමරනු වස් පැවැත්වෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද හෙට උදාවේ.

ඒ අනුව පුණ්‍ය කාලය හෙට අලුයම 1.49 ට ආරම්භ වී පස්වරු 2.37 න් අවසන් වීමට නියමිත ය.

හෙට අලුයම 1.49 ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත් බව ජෝතිෂ්‍යයේ සඳහන් ය.

නව අවුරුදු උදාව යෙදී ඇත්තේ හෙට උදෑසන 8.13 ටය.

නව සඳ බැලීම


අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 18 වැනි ඉරිදා දිනයේ ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 20 වැනි සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.

ආහාර පිසීම


අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 10.40ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය


අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 11.53ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම


අප්‍රේල් මස 16 වැනි සඳුදා දින පූර්ව භාග 10.16ට උතුරු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම


අප්‍රේල් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 06.03ට නැගෙනහිර දිශාව බලා රන්වන් හෝ කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, කිරිබතක් හා හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කර පිටත්ව යෑම මැනවි.

(සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් සකසන ලද නැකැත්

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...