ඉදිරි මාස 18 ටත් එකට යාමට එජාපය හා ශ්‍රීලනිපය ගිවිසුම හදයි

පුවත්
Typography

නව වැඩපිළිවෙළක්‌ සහිත අලුත් න්‍යාය පත්‍රයක්‌ යටතේ ඉදිරි මාස දහ අටක (18) කාලය තුළ සම්මුතිවාදී ආණ්‌ඩුව පවත්වාගෙන යැමට එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය  විට සාකච්ඡා ආරම්භ කර ඇත.



මෙහිදී  ශ්‍රීලනිපය සම්මුතිවාදී ආණ්‌ඩුව නියෝජනය කරන ආකාරය පිළිබඳ තීරණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමැතිවරුන් පස්‌ දෙනකුගෙන් යුත් කමිටුවක්‌ ද පත්කර ඇත.

ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සභාපතීත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක සහ රංජිත් සියඹලාපිටිය යන ඇමැතිවරුන් ජනාධිපතිවරයා විසින් නම්කර ඇත.

දැනට මතුව තිබෙන තත්ත්වය පිළිබඳ මෙම කමිටුව එජාපය සමඟ සාකච්ඡා කර මූලික ලේඛනයක්‌ සකස්‌ කරමින් සිටින බව කමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

ඉදිරි මාස දහ අටක කාලය තුළ ආණ්‌ඩුව පවත්වාගෙන යා හැකි ආකාරය පිළිබඳ යෝජනා ඇතුළත් මෙම ලේඛනය ජනාධිපතිවරයාට භාරදීමට සූදානම්ව සිටින බව ද අමුණුගම මහතා ප්‍රකාශ කර ඇත.

මේ දිනවල පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම ලේඛනය භාරදෙන බව ද ඇමැතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.



 මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසන්නේ, ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කමිටු පත් කළ ද අග්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරුන්ගේ ආත්ම ගෞරවය පිළිබඳව පක්ෂය සැලකිලිමත් විය යුතු බවයි.


ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නිදහස් පක්ෂය පත් කළ කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කළේය.

 2015 අගෝස්තු 21 වන දින එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් පක්ෂ දෙක අතර සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා  අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර, එය වසර දෙකක කාලයක් සඳහා පමණක් වලංගු වන බවත්, දෙපාර්ශ්වයේ එකඟතාව මත ගිවිසුම දීර්ඝ කළ හැකි බවත් එහි විශේෂයෙන් සඳහන් විය

විශේෂාංග

වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...
හඬ මෙන් මිහිරි නොවු කොවුලා හඬ මෙන් මිහිරි නොවු කොවුලා 2018-04-11 - ගමේත් නගරයෙත් මෙි දිනවල එකසේ රැවි පිළිරැවි දෙන...
අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය අවුරුදුදට ගහන රබන් හඩේ අතීතය 2018-04-10 - රබාන  ගැන කිය වෙන රබන් පදයකි. ඌරන් කැකුණ තලද්දී...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...