බැඳුම්කරයේ මුදල් - දයාසිරි සීඅයිඩී වෙත

පුවත්
Typography

මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුවට අදාළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගමකින් මුදල් ලබාගෙන ඇතැයි චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශයක් ලබාදීම සඳහා සඳුදා (මැයි 11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ තිබේ.



රුපියල් මිලියනක චෙක්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයෙකුගෙන් මින් පෙර ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබ තිබිණි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගමක් වන 'වෝල්ට් ඇන්ඩ් රෝ' සමාගම මගින් 2015 වසරේ ලබා දුන් රුපියල් මිලියනයක මුදල් චෙක්පත මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා තමා විසින් භාවිතා කරන ලද බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේවන විට පිළිගෙන තිබේ.

එලෙස මුදල් ලබාගත්ත ද බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් කිසිවිටක තමා පෙනී නොසිටි බව ඔහු අවධාරණය කරයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙන්ම මුදල් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී ප්‍රකාශකයන් සටහන් කර ගැනීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමෙන් අවස්‌ථා තුනකදී රුපියල් ලක්‍ෂ 30 ක මුදල් චෙක්පත් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සතියේ අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහද පැවසුවේ එම මුදල් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යෙදවූ බවය.

කෙසේවෙතත් සුජීව සේනසිංහ අමාත්‍යවරයාට ලැබුණු එක් චෙක්පතක් ලැබී තිබුණේ 2015 අගෝස්තු මැතිවරණය අවසන්වී මාස 6කටත් පසුවය.

bbc

කතාබහ

විශේෂාංග

ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...
එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...