මම යොමු වුණේ සාහිත්‍යයටයි- ජෝර්ජ් කීට්

කලා
Typography

(මේ සම්මුඛ සාකච්ඡාව ජෝර්ජ් කීට් මහතා සමග අප පැවැත්වූයේ ඔහුගේ ජීවිතයේ අවසානම කාල වකවානුවේ දී ය- මහනුවර සිරිමල්වත්තේ පදිංචිව සිටි ඔහුගේ ඒ නිවසට යාබදව චිත‍්‍රාගාරයක් ද විය- මදක් උස් බිමක පිහිටි එහි සිට චිත‍්‍ර ඇඳීම ඔහු ඒ වන විටත් සිදු කලේය- අප මේ සාකච්ඡාව පැවැත්වූයේ ද එම චිත‍්‍රාගාරය තුළ දී ය- ජෝර්ජ් කීට් මහතා ඒ වන විට දිගු සැරයටියක් පාවිච්චි කලේය- එය ඔහුගේ උසටත් වඩා උස එකක් විය- මේ සාකච්ඡාවට විශාලම සහයෝගයක් ලබා දුන්නේ ඔහුගේ පුත් සචින් දත් කීට් ය- එවකට මහනුවර ප‍්‍රජා ගුවන් විදුලියේ සේවය කල එම්- ජෙ- ආර- වේවිඞ් ද සංවාදයට සහභාගි විය- මෙය පල වුයේ 1993 01 31 -රාවය- පුවත්පතේ ය-)
    ’මුලූ ලෝකය තුලින්ම සොයා බැලූවත් මම හිතන්නේ මා වැනි චිත‍්‍ර ශිල්පියෙක් තවත් නැතිව ඇති- ඒ මොකද මේතාක් කාලයකට මම කරපු පින්තාරු මේ මොහොතේ ඔබලාට පෙන්වන්න පුලූවන්කමක් නැති නිසා යි- ලෝකය පුරාම ඇති- ඒත් මගේ ළග නෑ-’’

සාකච්ඡාවට ආරම්භයක් හැටියට ඔබගේ සිත්තර අභ්‍යාසයේ ආරම්භය ගැන ඇසුවොත් ?
විශේෂ ආරම්භයක් නැහැ- එය ස්වාභාවික යි- ඒක මගේ ළමා වියත් සමග භැඳුණු අභ්‍යාසයක්- නිරායාසයෙන්ම වගේ කරගෙන ගිය අභ්‍යෘසයක්- ඒ වගේම විශේෂ අදහසකින් තොරව-
(ඒ වන විට බෙහෙවින් දුර්වල තත්වයක සිටි ඔහු දිගින් දිගටම කතා කිරීමේ අපහසුව ගැන පවසා මදක් විවේක ගන්නට විය-)
මට අවුරුදු පහලොවක් දහසයක් තරම් වයසේ දී මම යොමු වුණේ සාහිත්‍යකරණයට යි- නවසිය තිස් හය තිස් හත වර්ෂවල දී මම කවි නිර්මාණය කරන්න පටන් ගත්තා- නවසිය හතලිස් ගණන් වන විට මම සම්පූර්ණයෙන්ම වාගේ සාහිත්‍යකරණයට යොමු වෙලා හිටියා- එතකොට මම හිතනවා මම ගතින් මේ බිමේ හිටියත් මගේ ආත්මය රැඳී තියෙන්නේ භාරතයේය කියලා- ඉන්දියාවේ මා ගත කල නේවාසික ජීවිතයේ දී සංස්කෘත සාහිත්‍යයේ පිහින පිහිනා සිටියා යැයි කිව්වොත් නිවැරදි යි- ඒ වගේම මම කිට්ටුවෙන්ම ආශ‍්‍රය කල මිත‍්‍රයෙක් තමයි උදය ශංකර්- ඒ දවස්වල පණ්ඩිත් රවි ශංකර් උදය ශංකර්ගේ නැටුම් කණ්ඩායමේ ශිල්පියෙක්- මම ඔහුවත් ඇසුරු කලා- ඒ වගේම මගේ පරම්පරා මූලයන් අයිති වෙන්නෙත් භාරතයටම යි- මගේ මුත්තා විවාහ වූ රාජ් කුමාරි එක්දාස් හත්සිය ගණන්වල හිටපු මහ රාජා කෙනෙකුගේ දියණියක්-

ඔබගේ චිත‍්‍ර කලාව ගත්තම ඒවායේ රේඛා සහ වර්ණ අපුරු බලයක් ප‍්‍රකාශ කරනවා- සමස්තයක් හැටියට ගත්තොත් පෙරදිග ලක්ෂණයම තහවුරු කරනවා-මේ සම්බන්ධයෙන් කතා කලොත් ?
ඹගේ චිත‍්‍රවල මගේකම ගැන ඒවා දැක බලා ගත්තවුන් හඳුණාගෙන තියෙනවා- ඒ ගැන මගේ අදහස මා අඳින චිත‍්‍ර කාලයත් සමග ත්‍වනස් වෙනවාය කියන එක යි-
ඒ වගේම ඔබේ චිත‍්‍රවල එන නුුමුහුන් වර්ණ භාවිතාව ගැන ?
ඔව් මගේ චිත‍්‍ර ගැන විශේෂයෙන්ම යුරෝපා රසිකයන් ඒ බව ප‍්‍රකාශ කරලා තියෙනවා- මැතිස් කියන චිත‍්‍ර ශිල්පියා ආසියානු කලාපයේ අනුභාවයට යටත් වූ අයෙක්- මගේ රේඛා වලත් මැතිස්ගේ රේඛා වලත් සමානකමක් තිබෙන බව විචාරකයින් කීප අවස්ථාවක දීම පෙන්වා දී තිබෙනවා- නමුත් ඇත්තටම මම ඒ විත්තියක් දැනගෙන හිටියේ නෑ-
ඹා කියන්නේ ඔබගේ වර්ණ භාවිතය ගත්තම එය නිරායාසයෙන්ම තැවරෙන ගුණයක් තිබෙනවාය කියන එක යි ?
(මෙහිදී ඊට පිලිතුරු දීමට සචින් චත් කීට් ඉදිරිපත් විය-)
ඔහුගේ චිත‍්‍රයක රේඛාවකත් වර්ණයකත් බොහෝ දුරටම භාරත රාගධාරී සංගීතය අනුව පවතිනවා- වර්ණ නිරායාසයෙන් තැවරෙන ගුණයක් ඇත්නම් ඒ අර සංගීත රසඥතාව නිසා ඇති වූ ප‍්‍රතිපලයක්- මගේ පියා සංගීත රස භාව හොඳින්ම හඳුණන ුඅයෙක්- සංගීතයක රාග තාල පියාගේ චිත‍්‍රවල රේඛා හැඩතල නිර්මාණය කල අවස්ථා තියෙනවා-
(මෙහිදි ජෝරජ් කීට් ද සිය පුතු කී දේ අනුමත කරමින් මෙසේ පැවසුෙවි ය-)
ත්‍බාහෝ රාග තාල මගේ චිත‍්‍රවලට ඇතුල් වෙලා තියෙනවා- විශේෂයෙන්ම ’මාල් කවින්ස්’ රාගය මා සිත්තම් කල රාගයක්-

ඔබගේ චිත‍්‍රවල එන පැතලි වර්ණයේ සුවිශේෂත්වය ගැන ?
(ජෝරජ් කීට් සිය පුතු දෙස බලා සිටියේ මහත් විශ්වාසයකින් යැයි සිතමි- ඒ අනුව ඊට ද පිලිතුරු දීම සචින් දත් කීට්හටම පැවැරිණි-)
ඹා හිතන විදිහට ඔය ලක්ෂණය බොහෝ දුරටම ඔහුගේ මෑත කාලීන චිත‍්‍රවලයි දකින්න ලැබෙන්නෙ- මුල් කාලයේ දී එහෙම තත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ- ඒ කාලයේ දී මුල් තරන ගත්තේ රේඛා- ඒ රේඛාවල අනන්‍ය සබඳතාවක් තිබුණා- පොඩි එහා මෙහා වීමකින් මුලූ තිත‍්‍රයම බිඳ වැටෙන ආකාරයේ අනන්‍ය සබඳතාවක් තිබුණා-
ගෝතමී විහාරයේ සිතුවම් නිර්මාණය කලේ ඔබ යි- මෑතකදී අපට අහන්න ලැබුණා ඒ චිත‍්‍රවල පතුරු ගැලවෙන තත්වයක් තිබෙනවාය කියලා ?
බිත්තිවල තෙතමනය ඊට බලපා තිබෙනවා- තම නොසැලකිල්ලල ගැන රජයත් මීට වගකිව යුතුයි- ඒ වගේම එහෙම ගැලවෙන චිත‍්‍ර යලිත් අඳිනවා නම් ඒක වෙන්නෝනෙ මගේ උපදෙස් මතයි- මා දන්නා තරමින් එවැනි කාර්යයක් කල හැකි එක් පුද්ගලයෙක් හිටියා- ඒ තමයි මංජු ශ‍්‍රී-

ඔබේ චිත‍්‍රවල එන ශෘංගාරය ගැන විචාරකයින් පවා අදහස් පල කරලා තියෙනවා ?
අතීතයේ විසු ස්ත‍්‍රීන් උඩු කය නොවැසු බව ඔම දන්නවා- අනිත් අතට චිත‍්‍ර ඔිල්පිායකුට බලපෑම් කිරීම නොකල යුත්තක් යැයි මා සිතනවා- සංස්කෘතියට අනුකූල විය යුතුය කියන නියෝගයට යටත්ව නිරාවරණ කයකට ඇඳුම් අන්දවන්න මට කිව යුතු නෑ-

ඔබේ චිත‍්‍රවල එන සාම්ප‍්‍රදායික ශාස්ත‍්‍රීය පදනම ගැන ?
එය තිබිය යුත්තක් ලෙසයි මා දකින්නෙ- එවැනි චිත‍්‍ර බලන කෙනෙකුට විහාර සිතුවම් මතක් විය හැකි යි- විහාර සිතුවම්ය කියන්නේ මගේ මනසේ චිත‍්‍රණය වුණු සිත්තම් විශේෂයක්-
(ඉන් පසුව තම පියාගේ සිත්තර ගෘහය වෙත ගෙන ගිය සචින් දත් කීට් මෑත කාලිනව ඔහු අතින් නිමැවුණු චිත‍්‍ර ගණනාවක්ම අපට පෙන්වීය- ඒත් සමගම අප අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක් ද ඇති විය-)

ඔබේ පියාගේ දැන් මේ අඳින චිත‍්‍ර ගැන ඔබට මොකද හිතෙන්නෙ ?
තාත්තා අලූතෙන් චිත‍්‍ර අඳින්නේ ආත්ම ගවේෂණයක් හැටියට යි- ඇතැම් විට ඒ චිත‍්‍ර සරලයි- ඒ වගේම භාවාත්මක යි- විශේෂ වශයෙන් රූප මතු කිරීමක් නොතිබෙනවා වෙන්නත් පුලූවන්-
සිය පියාගේ චිත‍්‍රවල හුදු ශෘංගාරාත්මක ප‍්‍රකාශයන් දැකීම ගැන ඔහු ට තිබුණේ විරෝධයකි- පේ‍්‍රමයේ අති සියුම් භාව ප‍්‍රකාශයන් ගැන අසාධාරණ අර්ථ දැක්වීමක් ඒ නිසා සිදු වන්නේ යැයි ඔහු පැවසීය- ස්ත‍්‍රී ශරීරයේ කෝමලත්වය වැළැඳ ගත්තා වූ පුරුෂ කයෙන් පැවසෙන්නේ ආසන්නම අර්ථය වන ශෘංගාරයද ? එහෙම නැත්නම් භාවාත්මක පේ‍්‍රමයක අති සියුම් මුද්‍රාව දැයි ඔහු ප‍්‍රශ්න කලේය-
සචින් දත් කීට් මෙසේ ද පැවසුවේය-
ඹගේ පියා අකමැතිම දේ තමයි චිත‍්‍ර රටින් පිටුවහල් කිරීම- ඒ වගේම ඔහු සිත්තරෙක් වශයෙන් යෝගාවචර ජීවිතයක් ගත කරන බවක් ද ඇතැම් අය කියනවා- නමුත් ඇත්ත තත්වය නම් මගේ පියා චිත‍්‍ර ශිල්පියෙක්- ඉන් එහාට වෙන කිසිවෙක් නැහැ- චිත‍්‍ර ශිල්පියෙකුට චිත‍්‍ර ඇඳීමෙන් ඉවත් වෙන්න බැහැ- මගේ පියා කිසි දාක තමාට අදාලව යෝගාවචර ජීවිතයක් ගැන අදහස් පල කලා යැයි මා සිතන්නේ නැහැ- ඔහු සිත්තරෙක් එච්චරයි-

    සංවාදය
    මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Latest Posts

Face Book Setup 01