ධර්මසිරිගේ ‘තුන්වැනි යාමය’අවසන් පිටපත බේරා ගැනීමට ඩොලර් 16,343ක් අවශ්‍යයි

කලා
Typography

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘තුන්වැනි යාමය’ චිත්‍රපටය බේරා ගැනීම සඳහා ඩොලර් 16,343ක මුදලක් අවශ්‍ය වෙතැයි මදුරාසියේ ‘ප්‍රසාද් ලැබ්’ ආයතනය චිත්‍රපට සංස්ථාවට දන්වා එවා ඇත.

මෙම චිත්‍රපටයේ ඉතිරිව ඇති එකම පිටපත විනාශයට පත් වෙමින් පවතින අතර එය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබවඳව එම ආයතනයෙන් කරනු ලැබූ විමසුමකට ප්‍රතිචාර ලෙස එම දැනුම්දීම කර තිබේ.

මේ පිළිබඳ මුහුණු පොතට අදහසක් දැක්වූ ධර්මසිරි බණ්ඩාරනායක සඳහන් කර ඇත්තේ තමාට දැරිය නොහැකි ඒ මුදල කිසිවකු දරන්නේ නම් චිත්‍රපටයේ අයිතිය පවරා දීමට සූදානම් බවය.

මේ සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්නගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එම චිත්‍රපටය කඩිනමින් සංරක්ෂණය කිරීම සඳහා ජනාධිපති සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවය. එමෙන්ම සියලුම චිත්‍රපට සංරක්ෂණය කිරීම සඳහා සැලසුම් කළ වැඩසටහන නුදුරේදීම ක්‍රියාවට නැංවිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 Resa

Latest Posts

Face Book Setup 01