ශක්තිකගේ අලුත් පොත් හතරක් පාඨකයා වෙත

කලා
Typography

ශක්තික සත්කුමාරගේ ‘කූඩු’ (කෙටිකතා සංග්‍රය), ‘පණ ගැහෙන අකුරු’ (සාහිත්‍ය ලිපි සහ විමර්ශන) ‘ලුහුබඳින මිනිසා’: ආරියරත්න විතාන සමග සමග (පුවත්පත් ලිපි සහ විමර්ශන) සහ ‘බැද්දේගම’ නවකතා විමර්ශන යන කෘති හතර පාඨකයා වෙත නිකුත් කර ඇත.

‘කූඩු’ ශක්තිකගේ හයවන කෙටිකතා සංග්‍රහය වන අතර මීට පෙර ඔහු ‘සිව්වන පරපුර’ (2016), ‘කළු මකරා’ (2010), ‘පතොක් කටු’ (2012), ‘මිනී කපන්නාගේ හෘද සාක්ෂිය’ (2015) සහ ‘වැලි’ (2016) නමින් කෙටිකතා සංග්‍රහ පහ ප්‍රකාශයට පත්කර ඇත.

‘පණ ගැහෙන අකුරු’ කෘතිය සඳහා ශක්තික විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ සිටම මෙරට ජාතික පුවත්පත් සඟරා සහ ශාස්ත්‍රීය සංග්‍රහ වෙත සපයන ලද ලිපි එකොළහක් ඇතුළත් කර ඇත. ‘ලුහුබඳින මිනිසා’ කෘතිය සඳහා පාදක වී තිබෙන්නේ මෙරට පුවත්පත් කලා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ආරියරත්න විතානන්ගේ තෝරාගත් පුවත්පත් ලිපි පිළිබඳ විමර්ශනයකි. ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව පිළිබඳව විමර්ශන කෘතිය ශක්තික සත්කුමාර ඉදිරිපත්කර තිබෙන්නේ අජිත් බලංගොඩ ලේඛකයා සමග සම කර්තෘත්වයෙනි.

‘කූඩු’ කෙටිකතා සංග්‍රහය මරදාන ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර පණ ‘ගැහෙන අකුරු’ කෘතිය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ බොරැල්ලේ සමුද්‍ර පොත් ප්‍රකාශන පුද්ගලික සමාගමයි. ‘ලුහුබඳින මිනිසා’ සහ ‘බැද්දේගම නවකතා විමර්ශන’ යන කෘති ද්විත්වය කොළඹ සුසර ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

Latest Posts