රත්නාවලී කැකුණවෙල-මුවන්පැලැස්සේ, මැණිකේ මියයයි

කලා
Typography

රවීණ රංගන හා හඬ කැවීම් ශිල්පිනියක වූ, මුවන්පැලැස්සේ, මැණිකේ චරිතයට පණ පෙවු, රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.මිය යන විට එතුමිය 88 වන වියේ පසු විය.


1931 ජනවාරි 20 වෙනිදා මහනුවරදී උපතලද රත්නාවලී කැකුණවෙල සහෝදර සහෝදරියන් හතර දෙනෙක් සිටින පවුලේ  හතර වන්නා වේ. ,වැඩිමල් අයියා වික්ටර් මිගෙල්. මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ කදිරා, වෙඩික්කාරයා කියන චරිත රඟපෑ විශිෂ්ට ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකි. ඊළඟට ධර්මාවතී ඇගේ වැඩිමහල් අක්කා වෙයි.ඇගේ සැමියා   සිංහලයේ උපහාස කතා විශේෂඥ ලෙස සැලකෙන ටී. ජී.ඩබ්ලිව්. ද සිල්වා මහතාය.ඊළඟ අක්ක ප්‍රේමා අක්කා සහ පවු‍ලේ බඩපිස්සා මොලිසන්ඉ නම්වේ.

ත්නාවලී කැකුණවෙල මහත්මිය ‍පොල්ගහවෙල රත්මල්ගොඩ මහා විද්‍යාලයේ ඉගෙනගත් කාලයේ සිටම පාසැල් වේදිකා නාට්‍ය වළ රඟපෑමට කැමැත්තක් දක්වා ඇත.

‘කඩවුණු ‍පොරොන්දුව‘ දුටු දා සිට රත්නාවලීගේ සිත රුක්මණී දේවිය කෙරෙහි ඇදුණ බව ඇය ඉතා අශාවෙන් සිහියට නගයි.. රුක්මණී ගැයූ ගීත ගයමින් අම්මාගේ සාරි ඇඳගෙන ඇය රඟපෑ යුගය නිරන්තරයෙන් ඇය සිහිපත් කරයි. සිහිනය වූයේ කෙදිනක හෝ ගුරුවරියක් වීමය.
1950 වසරේ මුල  එක්තරා රාත්‍රියක ගෙදර සියලුදෙනා සමඟ  ගුවන් විදුලි නාට්‍යයක් අසමින් සිට අවසන් වූ වහාම ඇයගේ  මුවින් පිටවුවේ මෙවන් දෙයකි
“අනේ ඒ නාට්‍යයේ අර ගැහැනු චරිතය කෑවා. මට දුන්න නම් ඕක හොඳට කරනවා.”

එම කතාවට උත්තේජනයක් ලබා දෙමින් වැඩිමල් අයියා වික්ටර් මිගෙල් පැවසුවේ මෙවන් දෙයකි ‘රත්නා නංගී රේඩියෝ නාට්‍යයක රඟපාන්න ආස නම් ලෑස්ති වෙන්න "
 එදා සවස රත්නාවලී  අයියා එක්ක හවස රේඩියෝ සිලෝන් එකට  ගියේ සිතේ තිබුන හයිය නිසාමය.. මේ ගුවන් විදුලි නාට්‍යය වික්ටර් අයියා රචනා කර තිබුණේ තම මස්සිනා වූ ටී.ජී. ඩබ්ලිව්. ද සිල්වාගේ (ධර්මා අක්කාගේ සැමියා) කෙටිකතාවක් ඇසුරිනි. එම නාට්‍ය නිෂ්පාදනය කළේ සරච්චන්ද්‍රමහතා .ඇයට එම  නාට්‍යයේ හා පුරා කියා රඟපෑමට ලැබුනේ  වයස 63ක පමණ මහලු චරිතයකි. වයස අවුරුදු 16 වුන රත්නාවලීට  චරිතය කටහඬ වෙනස් කරල රඟපාන හැටි ඉගැන්නුවේ සරච්චන්ද්‍ර මහතාගේ පළමු බිරිඳ අයිලින් සරච්චන්ද්‍ර මහත්මිය බව ඇය ගෞරවයෙන් සිහිපත් කරයි.එදා  ගුවන් විදුලි නාට්‍යය ඉවර වුණාම සරච්චන්ද්‍ර මහත්මා ඇය අසලට ගොස් පවසා ඇත්තේ . ‘රත්නාවලී හොඳට රඟපෑවා. ඒ නිසා හැම සෙනසුරාදාවකම නොවරදවා එන්න.’යනුවෙනි.
ඒ මොහොතේ ඇයට  හිතට දැනුණ ප්‍රීතිය  වචනයෙන් විස්තර කළ නොහැකි බව ඇය පවසයි.  ‘අයියේ සරච්චන්ද්‍ර මහත්තයා මට හැම සෙනසුරාදාම නාට්‍යයට එන්න කිව්වා.’යැයි වික්ටර් අයියාට පවසන සැනින් ඔහුගේ පිළිතුර වුවේ,
“සරච්චන්ද්‍ර මහත්තය එහෙම කිව්ව නං ඔයා හොඳට රඟපාලා ඇති. ඒ වගේ සහතිකයක් හැමෝටම ලැබෙන්නේ නෑ.” වික්ටර් සිය නැගණිය දිරිමත් කරමින්  කීවේය.
රත්නාවලී රඟපෑ ගුවන් විදුලි නාට්‍යය ගුවනින් ප්‍රචාරය වූ දිනය ඇයට කිසිදා අමතක නොවන බව පවසයි. නාට්‍ය අවසන රඟපෑ නළු නිළි නාමාවලිය කියවන විට  අයිලින් සිරිවර්ධන, පී. වැලිකල, වික්ටර් මිගෙල්, රත්නාවලී මිගෙල්... මුල්වරට මිගෙල් පවු‍ලේ කාටත් එදා විශේෂ දිනයක් වූ බව නොරහසකි.
“ගුවන් විදුලි රඟ මඬල නම් වැඩසටහන සතිපතා පැය 1/2ක් ප්‍රචාරය වීමට පටන් ගත්තේ ය. මුල්වරට ගුවන් විදුලි නාට්‍ය ශිල්පීන් සඳහා පරීක්ෂණ පැවැත්වීම ආරම්භ වුනේද මෙම කාලයේය.  ඒ අනුව  අයියත් ,රත්නාවලිත්  ‘ඒ’ ශ්‍රේණියෙන් සමත්විය. නාට්‍යයක රඟපෑමෙන් රු. 15ක මුදලක් ලැබුවත් ඒවා වියදම් වුනේ  ජෝර්ජට් සාරි වලටය.

මේ කා‍ලේ  ඇයට ආදරය කරන ගාල්ලේ පෙම්වතෙක් හිටියා ඒ  ඩේවිඩ් කැකුණවෙල. ‍පොලීසියේ රේඩියෝ ඔපරේටර් කෙනෙක් ලෙස ඔහු  රැකියාවක් කළා.
ඒ වනවිට 16 හැවිරිදි වූ රත්නාවලී 1957 ඩේවිඩ් සමඟ  විවාහ විය.පසුව මෙම යුවළට දරුවන් හය දෙනෙක් ලැබිණි.ඒ  නාලක, තිලංක, රමලික, ඉන්දික පුතුන් සහ  සුරනි හා ඕෂදී යන දියණියන්ය.

රත්නාවලී 1951 සිට මෑතක් වන තුරු වසර හැටකට අධික කාලයක් ගුවන් විදුලි නාට්‍ය දහසකට ආසන්න ගණනක රඟපා ඇත. ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වාගේ ‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’ කතාව ඇසුරෙන් වික්ටර් මිගෙල් ගුවන් විදුලියට කොටස් වශයෙන් රචනා කළ මුල්ම ගුවන් විදුලි නාට්‍යයේ රත්නාවලී මැංචි කුඩම්මා ලෙස රඟපෑවාය. ඒ 1952 වසරේදීය. පී.කේ.ඩී. සෙනෙවිරත්න කොටස් වශයෙන් ගුවන් විදුලියට රචනා කළ ‘කුරුලු බැද්ද’ මාලා නාටකයේ රත්නාවලී බණ්ඩාර මැණිකේ ලෙස රඟපෑ අතර වික්ටර් මිගෙල් බෙම්පි ආතා ලෙස රඟපා ඇත. 1962 මුදලිනායක සෝමරත්න රචනා කළ ‘මුවන්පැලැස්ස’ ගුවන් විදුලි නාටකයේ එතනහාමි හා මැණිකේ ලෙස වසර 50ක් අඛණ්ඩව රඟපෑම ද ඇගේ  වාර්තාවකි.

රත්නාවලී සිනමාවට එක්වන්නේ ‘සත් සමුදුර’ චිත්‍රපටයේ රඟපාමිනි. දියමන්ති, කරුමක්කාරයෝ, මුවන්පැලැස්ස 1 සහ 2, කදිරා, ආරාධනා, බට්ටි, වදුල, දඩයම ඇය රඟපෑ තවත් චිත්‍රපට කිහිපයකි. ඊට අමතරව ටෙලි නාට්‍ය රැසකද ඇය රඟපා තිබේ. වේදිකා නාට්‍ය කිහිපයකද රඟපෑ ඇගේ ප්‍රබලම රංගනයක් ඇතුළත් වූයේ සුගත් සමරකෝන්ගේ “උතුරේ රාහුල” නාට්‍යයේය. ඇය එහි රඟපෑවේ බණ්ඩාරනායක මැතිනියගේ චරිතයයි.
සිය කලා ජීවිතයේ කුසලතා වෙනුවෙන් ජනාධිපති, සරසවි, සිග්නීස් සම්මාන දිනා ඇති ඇය පසුගියදා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයෙන් ලැබුණු විශේෂ සම්මානයද බෙහෙවින් අගය කළාය.

Latest Posts