Write comment (0 Comments)

"යම් කෙනෙකු වෙරළ තීරයේ ඉපදී හැදුණේ වැඩුණේ නම්, නොගැඹුරු මුහුදේ පිහිනීමට හා කිමිදීමට ඔවුන්ට අද ඇති ලාභ හා සරල ආම්පන්න මගේ තරුණ කාලයේදී නො තිබිණි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මිලියන ප්‍රමාණයක ජනතාවක් මුහුද කරා ඇදී එන්නට වූහ. මාළුන් සමග පිහිනමින් සිටින අද තරුණ පරම්පරාව අලුත් දෙයක් උරුම කර ගැනීමට නැතහොත් සම්පූර්ණ නවලෝකයක් උරුම කර ගැනීමට කෙතරම් වාසනාවන්තදැයි මම කල්පනා කරමි."

- ආතර් සී ක්ලාක් -

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මෙවර ABU රූපවාහිනී අන්තර්ජාතික සම්මාන උළෙල විශේෂ ජූරි සම්මානය සඳහා ජාතික රූපවාහිනියේ අතුල පීරිස් විසින් තිරරචනය කර අධ්‍යකෂණය කරන ලද නිෂ්ක්‍රමණ ටෙලි නාට්‍යය නිර්දේශ වී ඇත.

Read more ...
Write comment (0 Comments)

කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙල (COINS)- 2017

2015-2017 සිනමා හා රූපවාහිනි උසස් ජාතික ඩිප්ලෝමාවේ අවසාන ව්‍යාපෘතිය ලෙස COINS චිත්‍රපට උළෙල සංවිධානය කරනු ලබයි. වසර 2 1/2 කට අධික කාලයක් තුල මෙම පාඨමාලාව මගින් අභ්‍යාසලාභීන් විසින් නිර්මාණය කරනු ලැබු චිත්‍රපට හා වාර්තා චිත්‍රපට, සිනමා හා රූපවාහිනි මාධ්‍ය ක්‍ෂේත්‍රයට ඉදිරිපත් කිරීම මෙම චිත්‍රපට උළෙලේ අරමුණයි. මෙවර 2014-2016 ත්‍රිමාණ සජීවීකරණ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ අභ්‍යාසලාභීන්ද මෙවර COINS සමග කටයුතු කරයි. දේශීය හා විදේශීය සිනමා හා රූපවාහිනි අභ්‍යාසලාභීන් විසින් අධ්‍යාපනික ලෙස නිර්මාණය කරනු ලැබු නිර්මාණ එකම තලයක සිට තරඟ කිරීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි.

Read more ...
Write comment (0 Comments)

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත '12-11-10 වැලිකඩ' කෘතිය එළිදැක්වීම සහ ඊට සමගාමීව අත්සන් කෙරෙන මහජන පෙත්සම ලබන සැප්තැම්බර් 15 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී සිදු කෙරේ.

Read more ...
Write comment (0 Comments)

මෙම ප්‍රදර්ශනය 2017 සැප්තැම්බර් මස 15, 16 හා 17 දිනවල කොළඹ 7,ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වීමට ද, එහි සමාරම්භක උත්සවය සැප්තැම්බර් මස 15 දින පෙරවරු 10.00 ට ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලිනී මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා  සහ කලාකීර්ති එඩ්වින් සහභාගිත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

Read more ...
Write comment (0 Comments)

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00, සූරිය විලේජ් හිදී එළි දැක්වේ. මෙය සයුර ප්‍රකාශනයක් වන අතර "ටෝකින් ලයිබ්‍රි" කියැවීමේ කවයේ මැදිහත්වීමෙන් එළි දකින පළමු කෘතියද වේ.

Read more ...
Write comment (0 Comments)

තරංගා රණසිංහගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය ‘දුරුත්තේ කෝපි මල් ’

සැප්. 15 ප.ව. 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළිදකී.

ප්‍රවීණ කිවියර පාලිත අරවින්ද වීරක්කොඩි සහ  කථිකාචාරණී ලතා ගුරුසිංහ මෙහි දෙසුම් පවත්වති.

Write comment (0 Comments)