එල්. ටී. ටී. ඊ සංවිධානයේ දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවකව සිටි තමිළිනී ජෙයක්කුමාරන් පුනරුත්ථාපනය වූ කාලයේදී හා ඉන්පසුව දෙමළ බසින් රචනා කරන ලද කෙටිකතා එකතුවක සිංහල පරිවර්තනය වූ ‘අළුයම් සිහිනය’ කෙටිකතා සංග්‍රහය පිළිබඳ සාහිත්‍ය දේශපාලන සංවාදයක් ජූලි මස 31 වැනිදා සඳුදා සවස 3.30ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රධාන දෙසුම් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, සුමිත්‍රා රාහුබද්ධ, සහ විදර්ශන කන්නංගරගෙනි. සංවාදය මෙහෙයවනු ලබන්නේ විමල් කැටිපෙආරච්චි විසිනි.

Read more ...
Write comment (0 Comments)

සංගීත අධ්‍යක්ෂ, ප්‍රවීණ වාදන ශිල්පී සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 69 වන වියෙහි පසු වූ ඒ මහතා, වික්ටර් රත්නායක මහතාගේ බාල සොයුරෙකි.

Read more ...
Write comment (0 Comments)

හැඳුනුම්පත අහිමි කරගත් බොහෝවුන් වෙසෙන කොදෙව්වක සන්නා හා සර්පයා යනු ස්වීය අනන්‍යතාවයෝ වෙත්, එනිසාම ‘නේරංජනේ ඉස්නානේ’ වෙනුවෙන් සර්පයාට සන්නා අභිමුඛ වූ මොහොතේ ඇති වූ මෙම සංවාදය ඔවුන්ගේ එම අනන්‍යතාව රැකෙන පරිදිම කිසිදු සංස්කරණයකට ලක් නොකර පළකරන්නට අපි තීන්දු කළෙමු.

Read more ...
Write comment (0 Comments)

චූලානන්ද සමරනායක විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ ද්විත්වය "දැහැමි ද මෙ දිවයින" සහ "Glimpses of a shattered Island" දොරට වැඩුම- ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී 2017 ජූලි 20 දින හරියටම සවස තුනට- ආරාධිත දෙසුම- ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් පවත්වනු ලබයි.

චූලානන්ද සමරනායක
මේ සමාජය යනු මුළුමනින්ම වෙනස් කර නැවත ගොඩනැගිය යුත්තක් බව මම විශ්වාස කරමි. එසේම එය දේශපාලන අරගලයකින් මිස වෙනත්ආ කරයකින් කළ හැක්කක් නොවන බව ද මම විශ්වාස කරමි. ඒ සඳහා විවේචනාත්මක දෘෂ්ටිය අහිමිකරගත් පක්ෂගත අරටු වෙනුවට විවෘත මනසක් සහිත, දේශපාලනයෙහි සැබෑ මැදිහත්වීමක් කළ හැකි මිනිසුන් සමාජයට දිනපතා වැඩි වැඩියෙන් අවශ්‍යව තිබේ. ඒ වෙනුවෙන් වැඩ කරනා අතරම කවිය යනු මට එක් අතකින් මේ සමාජය ගැන මට ඇති විවේචනය, අතෘප්තිය පළකරන්නට ඇති මාධ්‍යයක් ද වෙයි. එහෙයින් මගේ කවිය යනු මා ජීවත්වන සමාජය කෙරෙහි මගේ ප්‍රතිචාරයයි. එයට එකඟ වන්නට මෙන්ම එරෙහිව මත පළ කරන්නට ද රසිකයාට අයිතිය ඇති අතරම මම ඒ සියලු අදහස් කෙරේ මගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. එහෙයින් මගේ ඉල්ලීම මෙයයි - ඔබට දැනෙන දේ මට කියන්න.

Write comment (0 Comments)
Write comment (0 Comments)

ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ට්‍රෝජන් කාන්තාවෝ’ සිංහල වේදිකා නාට්‍යය ස්වකීය 17 වැනි වර්ෂ පූර්ණය සමරමින්, ත්‍රිකෝණී සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස, 2017 ජූලි මස 09 වෙනි ඉරු දින රාත්‍රී 7.00 ට කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී වේදිකා ගත කිරීමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘ස්වර්ණ පුස්තක සම්මාන 2017'සම්මාන ප්‍රධානයට අනුව 2016 වසරේ ප්‍රකාශිත නවකතා 100 ක් අතුරින් පාදක මණඩලය විසින් දෙවන වටය සදහා නිර්දේශ කරන නවකතා 12 හෙවත් දීර්ඝ ලැයිස්තුව නම් කිරීම අද සවස BMICH හීදී සිදු කෙරිණි.

Read more ...
Write comment (0 Comments)

මංජුල වෙඩිවර්ධන ගේ තෙවැනි කෙටිකතා සංග්‍රහය "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා"කෘතියට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ප්‍රථම වරට වසරේ විශිෂ්තඨම කෙටිකතා සංග්‍රහයට පිරිනමන "රජත පුස්තක"සම්මානයට හිමිකම් කිවේය.ඒ නිමිතිකරගෙන මංජුල වෙඩිවර්ධනගේ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා"කෘතිය අලලා ඔහු සමඟ කරන ලද අන්තර්ජාල කතා බහකි.(මංජුල වෙඩිවර්ධන වසර ගණනාවක සිට රටින් බැහැරව ජිවත් වෙයි). මෙය "සම" ප්‍රකාශනයකි.

Read more ...
Write comment (0 Comments)

කෘතහස්ත ලේඛකයෙකු වූ ඩී.බී කුරුප්පු මහතා ඕස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත වෙයි. ස්වතන්ත්‍ර නිර්මාණ, අනුවර්ථන, හා වෙනත් විෂයන්ට අදාල කෘතීන් විශාල සංඛ්‍යාවක් රචනා කර ඇති ඒ මහතා, කරුණාසේන ජයලත් රචනා කළ ගොළුහදවත නවකතාවේ සැබෑ අත්දැකීමේ එක් චරිතයෙක් වීමද සුවිශේෂ කාරණයකි.ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ඔහු මිය යන තුරුම සක්‍රීයව ග්‍රන්ථකරණයේ නියැලුණි.

Read more ...
Write comment (0 Comments)