ප්‍රවීණ ගුවන්විදුලි සහ රූපවාහිනී නිවේදක ශ්‍රී නිමල් පද්ම කුමාර විසින් රචිත ‘‘නිවේදක වෘත්තියට පිවිසුමක්’’කෘතිය, ශ්‍රි ලංකාවේ රුපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ක්ෂේත්‍රෙය් නිවේදක සහ සහ නිවේදිකා තනතුරු අපේක්ෂා කරන අය දැනුවත් කිරීම සඳහා ම සැකසුණු,කෘතියකි. ජුනි මස 29 වන බ්‍රහස්පතිනදා සවස 02.30ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ‘‘නිවේදක වෘත්තියට පිවිසුමක්’’කෘතිය ජනගත කිරීමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)

වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියා විසින් රචිත ‘‘මුතු අතර’’ (කෙටි කවි ගැන විමසුමක්) කෘතිය එළඹෙන ජුනි 30 වන දින සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

Read more ...
Write comment (0 Comments)

මේ දිනවල තිරගතවන ‘28‘ චිත්‍රපටය පිළිබද සංවාදශීලී කතිකාවක් ජූනි 23 වැනිදා සවස 3.30ට මරදාන සමාජ හා සාමයික ශාලාවේදී (CSR)  පැවැත්වේ.

Read more ...
Write comment (0 Comments)

මේ හේමන්ත අරුණසිරි මුහුණු පොතේ තබන ලද සටහනක් සහ වික්ටර් රත්නායකයන් 2012 වසරේදී පවත්වනු ලැබූ තම "ස" ප්‍රසංගයේ දී ඔහු විසින් ගන්නා ලද ඡායාරූප සමුහයකි.පහත සඳහන් වන්නේ හේමන්ත අරුණසිරි මේ සඳහා තබන ලද සටහනයි.

Read more ...
Write comment (0 Comments)

ප්‍රවීණ සිනමාකරු වසන්ත ඔබේසේකරගේ 40 වසරක සිනමා භාවිතය විමසමින් තුසිත ජයසුන්දර රචනා කල "වසන්ත සිරිත"සිනමා විචාර ග්‍රන්ථය සිනමා රසික පාඨකයන් අතට පත් කිරීම ජුනි 15 දා එනම් හෙට සිදුකෙරේ.කොළඹ 7,නිදහස් මාවතේ,ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැත්වෙයි.

Read more ...
Write comment (0 Comments)

මො.ල. සෙනෙවිරත්න විසින් රචිත හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්නනම් කාව්‍ය සංග්‍රහයේ තේමාව අපූර්වය. බොහෝ කවිවල තේමාව වන්නේ නිදහසයි. නමුත් මේ කවි පොතේ සමස්ත කවිවලින් ගම්‍ය වන්නේ අපි මීට පෙර නොදුටු සත්‍යයකි. සංකේත ලෝකය තුළ ජීවත් වන්නවුන් ලෙස අප දන්නා තහවුරු වූ සත්‍යයක් වන්නේ සිරගෙයක ජීවත් වන්නකු ඉන් පිටත ලෝකය නිදහසලෙස පරිකල්පනය කිරීමයි. නමුත් මෙම කවි පෙළෙහි යටිපෙළ මෙම ජනප්‍රිය අදහස උඩුයටිකුරු කරයි. සෙනෙවිරත්න මෙම කවි සංග්‍රහය තුළින් මතු කරන්නේ මෙවැනි අදහසකි. සිරගෙදරින් පිටත ලෝකය ස්වර්ගයක් හෝ නිදහසක් ලෙස සිතීම මිථ්‍යාවකි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ප්‍රථම වරට පිරිනමන "රජත පුස්තක" , 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තම කෙටිකතාව ලෙස මංජුල වෙඩිවර්ධනගේ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා" හිමි වූ අතර ප්‍රශස්ත කාව්‍ය කෘති ලෙස ලක්ශාන්ත අතුකෝරලගේ "සමහර කමටහන්" කෘතියට හිමි විය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ප්‍රථම වරට පිරිනමන "රජත පුස්තක" , 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තම කෙටිකතා සහ කාව්‍ය කෘතිය වෙනුවෙන් පිරිනමනු ලබන සම්මානය පිරිනැමීම හෙට ජුනි මස 10 සෙනසුරාදා ප.ව. 6.00 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා "ලෝටස්" ශාලාවේදී පැවැත්වේ.

Read more ...
Write comment (0 Comments)

වසරකටත් වැඩි කාලයක් රෝගාතුරව සිටි ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද(8) අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇත.

Read more ...
Write comment (0 Comments)