මාලන් බ්‍රැන්ඩෝගේ චරිතාපදානය එම්. ඩී .මහින්දපාල මහතා විසින් අම්මා මට කියාදුන් ගී නමින් සිංහලයට පරිවර් ථනය කොට ප්‍රකාශයට පත් කළ කෘතිය 2018.01.05 වන දින ජාතික චිත්‍රපට සංස්ථා වේ තරංගනී සිනමා ශාලාවේදී එළි දැක්විණි.

Read more ...
Write comment (0 Comments)

(මේ සම්මුඛ සාකච්ඡාව ජෝර්ජ් කීට් මහතා සමග අප පැවැත්වූයේ ඔහුගේ ජීවිතයේ අවසානම කාල වකවානුවේ දී ය- මහනුවර සිරිමල්වත්තේ පදිංචිව සිටි ඔහුගේ ඒ නිවසට යාබදව චිත‍්‍රාගාරයක් ද විය- මදක් උස් බිමක පිහිටි එහි සිට චිත‍්‍ර ඇඳීම ඔහු ඒ වන විටත් සිදු කලේය- අප මේ සාකච්ඡාව පැවැත්වූයේ ද එම චිත‍්‍රාගාරය තුළ දී ය- ජෝර්ජ් කීට් මහතා ඒ වන විට දිගු සැරයටියක් පාවිච්චි කලේය- එය ඔහුගේ උසටත් වඩා උස එකක් විය- මේ සාකච්ඡාවට විශාලම සහයෝගයක් ලබා දුන්නේ ඔහුගේ පුත් සචින් දත් කීට් ය- එවකට මහනුවර ප‍්‍රජා ගුවන් විදුලියේ සේවය කල එම්- ජෙ- ආර- වේවිඞ් ද සංවාදයට සහභාගි විය- මෙය පල වුයේ 1993 01 31 -රාවය- පුවත්පතේ ය-)
    ’මුලූ ලෝකය තුලින්ම සොයා බැලූවත් මම හිතන්නේ මා වැනි චිත‍්‍ර ශිල්පියෙක් තවත් නැතිව ඇති- ඒ මොකද මේතාක් කාලයකට මම කරපු පින්තාරු මේ මොහොතේ ඔබලාට පෙන්වන්න පුලූවන්කමක් නැති නිසා යි- ලෝකය පුරාම ඇති- ඒත් මගේ ළග නෑ-’’

සාකච්ඡාවට ආරම්භයක් හැටියට ඔබගේ සිත්තර අභ්‍යාසයේ ආරම්භය ගැන ඇසුවොත් ?
විශේෂ ආරම්භයක් නැහැ- එය ස්වාභාවික යි- ඒක මගේ ළමා වියත් සමග භැඳුණු අභ්‍යාසයක්- නිරායාසයෙන්ම වගේ කරගෙන ගිය අභ්‍යෘසයක්- ඒ වගේම විශේෂ අදහසකින් තොරව-
(ඒ වන විට බෙහෙවින් දුර්වල තත්වයක සිටි ඔහු දිගින් දිගටම කතා කිරීමේ අපහසුව ගැන පවසා මදක් විවේක ගන්නට විය-)
මට අවුරුදු පහලොවක් දහසයක් තරම් වයසේ දී මම යොමු වුණේ සාහිත්‍යකරණයට යි- නවසිය තිස් හය තිස් හත වර්ෂවල දී මම කවි නිර්මාණය කරන්න පටන් ගත්තා- නවසිය හතලිස් ගණන් වන විට මම සම්පූර්ණයෙන්ම වාගේ සාහිත්‍යකරණයට යොමු වෙලා හිටියා- එතකොට මම හිතනවා මම ගතින් මේ බිමේ හිටියත් මගේ ආත්මය රැඳී තියෙන්නේ භාරතයේය කියලා- ඉන්දියාවේ මා ගත කල නේවාසික ජීවිතයේ දී සංස්කෘත සාහිත්‍යයේ පිහින පිහිනා සිටියා යැයි කිව්වොත් නිවැරදි යි- ඒ වගේම මම කිට්ටුවෙන්ම ආශ‍්‍රය කල මිත‍්‍රයෙක් තමයි උදය ශංකර්- ඒ දවස්වල පණ්ඩිත් රවි ශංකර් උදය ශංකර්ගේ නැටුම් කණ්ඩායමේ ශිල්පියෙක්- මම ඔහුවත් ඇසුරු කලා- ඒ වගේම මගේ පරම්පරා මූලයන් අයිති වෙන්නෙත් භාරතයටම යි- මගේ මුත්තා විවාහ වූ රාජ් කුමාරි එක්දාස් හත්සිය ගණන්වල හිටපු මහ රාජා කෙනෙකුගේ දියණියක්-

ඔබගේ චිත‍්‍ර කලාව ගත්තම ඒවායේ රේඛා සහ වර්ණ අපුරු බලයක් ප‍්‍රකාශ කරනවා- සමස්තයක් හැටියට ගත්තොත් පෙරදිග ලක්ෂණයම තහවුරු කරනවා-මේ සම්බන්ධයෙන් කතා කලොත් ?
ඹගේ චිත‍්‍රවල මගේකම ගැන ඒවා දැක බලා ගත්තවුන් හඳුණාගෙන තියෙනවා- ඒ ගැන මගේ අදහස මා අඳින චිත‍්‍ර කාලයත් සමග ත්‍වනස් වෙනවාය කියන එක යි-
ඒ වගේම ඔබේ චිත‍්‍රවල එන නුුමුහුන් වර්ණ භාවිතාව ගැන ?
ඔව් මගේ චිත‍්‍ර ගැන විශේෂයෙන්ම යුරෝපා රසිකයන් ඒ බව ප‍්‍රකාශ කරලා තියෙනවා- මැතිස් කියන චිත‍්‍ර ශිල්පියා ආසියානු කලාපයේ අනුභාවයට යටත් වූ අයෙක්- මගේ රේඛා වලත් මැතිස්ගේ රේඛා වලත් සමානකමක් තිබෙන බව විචාරකයින් කීප අවස්ථාවක දීම පෙන්වා දී තිබෙනවා- නමුත් ඇත්තටම මම ඒ විත්තියක් දැනගෙන හිටියේ නෑ-
ඹා කියන්නේ ඔබගේ වර්ණ භාවිතය ගත්තම එය නිරායාසයෙන්ම තැවරෙන ගුණයක් තිබෙනවාය කියන එක යි ?
(මෙහිදී ඊට පිලිතුරු දීමට සචින් චත් කීට් ඉදිරිපත් විය-)
ඔහුගේ චිත‍්‍රයක රේඛාවකත් වර්ණයකත් බොහෝ දුරටම භාරත රාගධාරී සංගීතය අනුව පවතිනවා- වර්ණ නිරායාසයෙන් තැවරෙන ගුණයක් ඇත්නම් ඒ අර සංගීත රසඥතාව නිසා ඇති වූ ප‍්‍රතිපලයක්- මගේ පියා සංගීත රස භාව හොඳින්ම හඳුණන ුඅයෙක්- සංගීතයක රාග තාල පියාගේ චිත‍්‍රවල රේඛා හැඩතල නිර්මාණය කල අවස්ථා තියෙනවා-
(මෙහිදි ජෝරජ් කීට් ද සිය පුතු කී දේ අනුමත කරමින් මෙසේ පැවසුෙවි ය-)
ත්‍බාහෝ රාග තාල මගේ චිත‍්‍රවලට ඇතුල් වෙලා තියෙනවා- විශේෂයෙන්ම ’මාල් කවින්ස්’ රාගය මා සිත්තම් කල රාගයක්-

ඔබගේ චිත‍්‍රවල එන පැතලි වර්ණයේ සුවිශේෂත්වය ගැන ?
(ජෝරජ් කීට් සිය පුතු දෙස බලා සිටියේ මහත් විශ්වාසයකින් යැයි සිතමි- ඒ අනුව ඊට ද පිලිතුරු දීම සචින් දත් කීට්හටම පැවැරිණි-)
ඹා හිතන විදිහට ඔය ලක්ෂණය බොහෝ දුරටම ඔහුගේ මෑත කාලීන චිත‍්‍රවලයි දකින්න ලැබෙන්නෙ- මුල් කාලයේ දී එහෙම තත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ- ඒ කාලයේ දී මුල් තරන ගත්තේ රේඛා- ඒ රේඛාවල අනන්‍ය සබඳතාවක් තිබුණා- පොඩි එහා මෙහා වීමකින් මුලූ තිත‍්‍රයම බිඳ වැටෙන ආකාරයේ අනන්‍ය සබඳතාවක් තිබුණා-
ගෝතමී විහාරයේ සිතුවම් නිර්මාණය කලේ ඔබ යි- මෑතකදී අපට අහන්න ලැබුණා ඒ චිත‍්‍රවල පතුරු ගැලවෙන තත්වයක් තිබෙනවාය කියලා ?
බිත්තිවල තෙතමනය ඊට බලපා තිබෙනවා- තම නොසැලකිල්ලල ගැන රජයත් මීට වගකිව යුතුයි- ඒ වගේම එහෙම ගැලවෙන චිත‍්‍ර යලිත් අඳිනවා නම් ඒක වෙන්නෝනෙ මගේ උපදෙස් මතයි- මා දන්නා තරමින් එවැනි කාර්යයක් කල හැකි එක් පුද්ගලයෙක් හිටියා- ඒ තමයි මංජු ශ‍්‍රී-

ඔබේ චිත‍්‍රවල එන ශෘංගාරය ගැන විචාරකයින් පවා අදහස් පල කරලා තියෙනවා ?
අතීතයේ විසු ස්ත‍්‍රීන් උඩු කය නොවැසු බව ඔම දන්නවා- අනිත් අතට චිත‍්‍ර ඔිල්පිායකුට බලපෑම් කිරීම නොකල යුත්තක් යැයි මා සිතනවා- සංස්කෘතියට අනුකූල විය යුතුය කියන නියෝගයට යටත්ව නිරාවරණ කයකට ඇඳුම් අන්දවන්න මට කිව යුතු නෑ-

ඔබේ චිත‍්‍රවල එන සාම්ප‍්‍රදායික ශාස්ත‍්‍රීය පදනම ගැන ?
එය තිබිය යුත්තක් ලෙසයි මා දකින්නෙ- එවැනි චිත‍්‍ර බලන කෙනෙකුට විහාර සිතුවම් මතක් විය හැකි යි- විහාර සිතුවම්ය කියන්නේ මගේ මනසේ චිත‍්‍රණය වුණු සිත්තම් විශේෂයක්-
(ඉන් පසුව තම පියාගේ සිත්තර ගෘහය වෙත ගෙන ගිය සචින් දත් කීට් මෑත කාලිනව ඔහු අතින් නිමැවුණු චිත‍්‍ර ගණනාවක්ම අපට පෙන්වීය- ඒත් සමගම අප අතර ඒ සම්බන්ධයෙන් සංවාදයක් ද ඇති විය-)

ඔබේ පියාගේ දැන් මේ අඳින චිත‍්‍ර ගැන ඔබට මොකද හිතෙන්නෙ ?
තාත්තා අලූතෙන් චිත‍්‍ර අඳින්නේ ආත්ම ගවේෂණයක් හැටියට යි- ඇතැම් විට ඒ චිත‍්‍ර සරලයි- ඒ වගේම භාවාත්මක යි- විශේෂ වශයෙන් රූප මතු කිරීමක් නොතිබෙනවා වෙන්නත් පුලූවන්-
සිය පියාගේ චිත‍්‍රවල හුදු ශෘංගාරාත්මක ප‍්‍රකාශයන් දැකීම ගැන ඔහු ට තිබුණේ විරෝධයකි- පේ‍්‍රමයේ අති සියුම් භාව ප‍්‍රකාශයන් ගැන අසාධාරණ අර්ථ දැක්වීමක් ඒ නිසා සිදු වන්නේ යැයි ඔහු පැවසීය- ස්ත‍්‍රී ශරීරයේ කෝමලත්වය වැළැඳ ගත්තා වූ පුරුෂ කයෙන් පැවසෙන්නේ ආසන්නම අර්ථය වන ශෘංගාරයද ? එහෙම නැත්නම් භාවාත්මක පේ‍්‍රමයක අති සියුම් මුද්‍රාව දැයි ඔහු ප‍්‍රශ්න කලේය-
සචින් දත් කීට් මෙසේ ද පැවසුවේය-
ඹගේ පියා අකමැතිම දේ තමයි චිත‍්‍ර රටින් පිටුවහල් කිරීම- ඒ වගේම ඔහු සිත්තරෙක් වශයෙන් යෝගාවචර ජීවිතයක් ගත කරන බවක් ද ඇතැම් අය කියනවා- නමුත් ඇත්ත තත්වය නම් මගේ පියා චිත‍්‍ර ශිල්පියෙක්- ඉන් එහාට වෙන කිසිවෙක් නැහැ- චිත‍්‍ර ශිල්පියෙකුට චිත‍්‍ර ඇඳීමෙන් ඉවත් වෙන්න බැහැ- මගේ පියා කිසි දාක තමාට අදාලව යෝගාවචර ජීවිතයක් ගැන අදහස් පල කලා යැයි මා සිතන්නේ නැහැ- ඔහු සිත්තරෙක් එච්චරයි-

    සංවාදය
    මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Write comment (0 Comments)
Write comment (0 Comments)

'හා හා හරි හාවා' හෙවත් 'බග්ස් බනී' (Bugs Bunny) කුඩා අවදියේ අපට බෙහෙවින් සමීප කාටූන් චරිතයකි.

'බග්ස් බනී' ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන තිබේ.ඔහු මිය යන විට අනූනව වෙනි වියේ පසු විය.

Read more ...
Write comment (0 Comments)

එකල අප ටීවී එක කීවේ රූපවාහිනී සංස්ථාවට ය. මන්ද අප ටීවී බැලීම ආරම්භ කළේ සහ රටේ ටීවී විකාශය ආරම්භ වූයේ එකවිටම බැවිනි. අයිටීඑන් හෙවත් ස්වාධීන රූපවාහිනිය කලින් ආවත් රටේ ස්ථාවර රූපවාහිනී නාලිකාව හෙවත් ලංකික රූපවාහිනිය වූයේ රූපවාහිනී සංස්ථාවය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

එතකොට මං උසස්පෙළ ලියලා සරසවියට යන්න බලාගෙන හිටියෙ. කොළඹ එන්නෙ නීතිය හදාරන්න. ලස්සනට උඳුවප් හඳ පායපු පෝය දවසක්. ගාලු පාරදිගේ එද්දි හඳත් ආවා පස්සෙන්ම. මොරටුවෙදි හඳ තිබුණේ මට සමාන්තරව. ඉර පෑව්වෙ ඊටත් පස්සෙ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ මහා මහා ශිෂ්‍ය සංගමය සහ සාහිත්‍ය අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන වේදකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල 2017 දෙසැම්බර් 13 වනදා සිට ආරම්භ විය.

Read more ...
Write comment (0 Comments)

තකෂි සිවසංකර පිල්ලෙයි විසින් රචිත චෙම්මීන් (ඉස්සෝ) නමැති මලයාලම් නවකතාව ප්‍රථමයෙන් පළ වූයේ 1956දීය. එය ජයන්ත විමලසේන විසින් සිංහලට නගන ලද්දේ 1981දීය. මෙහි දැක්වෙන්නේ මා සතුව ඇති 1981 මිලදී ගත් කෘතියේ පිටකවරයයි.

Read more ...
Write comment (0 Comments)