ධර්මසේන පතිරාජගේ නවතම සිනමා නිර්මාණය වන ‘සක්කාරං’හි විශේෂ මාධ්‍ය දැක්මක් පසුගියදා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. බොහෝ කලකට පසු පතිරාජ අතින් නිර්මාණය වූ චිත‍්‍රපටයක අර්ථය අත්විඳින්නට ගිය (පතිරාජගේ චිත‍්‍රපට භාව ගෝචර වීමට වඩා බුද්ධිගෝචර වීම නිසා) බොහෝ දෙනකු ශාලාවෙන් ආපසු එළියට ආවේ අරුත්සුන් වූ අපේක්ෂාභංගත්වයෙනි.

Read more ...
Write comment (0 Comments)

නිදහස් මාධ්‍යවේදිනියක් සහ නිදහස් නිර්මාණකාරිනියක් වන සුරේඛා සමරසේන ගේ ප්‍රථම නවකතාව වන ‘ මේ කතාව ’ ජුලි 9 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3 ට කොළඹ මහජන පුස්තකාලයේ දී දොරට වැඩීමට නියමිතය. පරම්පරා තුනක ගැහැණු තිදෙනෙක්ව කේන්ද‍්‍ර කරගෙන නිර්මාණය වී තිබෙන මෙම නවකතාව තුළ 1971 න් පසු සිදුවූ ලංකාවේ දේශපාලන වෙනස්වීම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර ඇත.

Read more ...
Write comment (0 Comments)