'කුණාටුවෙන් උපත ලද්දෝ' නවකතාව මුල් රුසියානු බසින්ම සිංහල බසට පරිවර්තනය කරලමින් සිදු කරන ලද විශිෂ්ට නිර්මාණ කාර්‍යය වෙනුවෙන් නිකොලායි ඔස්තව්ස්කි සම්මානය පසුගියදා මොස්කව්හීදී එහි පරිවර්තක රංජන සේනාසිංහ වෙත හිමි විය.'කුණාටුවෙන් උපත ලද්දෝ' අගහස් ප්‍රකාශනයකි.

Write comment (0 Comments)


ආරියවංශ රණවීර හතලිස් වසරක කාව්‍යාවලිය සමඟ ගෙවෙන වින්ඳනාත්මක සැඳෑව 2017 දෙසැම්බර් 16වන සෙනසුරාදා සවස 3.00 සිට 6.00 දක්වා
මහවැලිකේන්ද්‍රිය ශ්‍රවණාගාරයේදී එදින ,ආරියවංශ රණවීර විසින් ලියු "තවමත් මල්" නවතම කාව්‍ය ග්‍රන්ථය එළිදැකීම ද සිදුවේ.

Read more ...
Write comment (0 Comments)

මෙයින් නව වසරකට පෙර උපන් බිමෙන් පිටවූ මට, උඹ මේ බොල් පොළෝ කබොල්ල මත භෞතිකව හමු වූ බවක මතකක් නොවිණි. උඹ නම් කීවේ අප හමුවී ඇති බව ය. එසඳ මා කීවේ අප හමුවන්නට පමා වූවා වැඩි වන්නට ඇත කියා ය.

Read more ...
Write comment (0 Comments)

කවියෙක්, නවකතාකරුවෙකු මෙන් ම පරිවර්තකයෙකු වන ඉන්දික ගුණවර්ධන මහතා අද (13) හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.

ඉන්දික ගුණවර්ධන සිය කෙටි ජීවිතකාලය තුල සාහිත්‍ය නිර්මාණ ගණනාවක් එළිදක්වා අතර ඒ අතර, පරිවර්තන නවකතා-  නිදි කුමරියන්ගේ නිවහන,නිර්නාමික ඝාතකයා,පීඩිතයෝ,දකුණු මායිමේ-  කවි -  සිසිරයේ දිගු රැයක,හිතේ කෙටූ ටැටූ,අවන්හල් බළල්ලු  - නවකතා -   සුළි මැද පිපි තඹර,වෙයි.

Read more ...
Write comment (0 Comments)

ලේඛකයා සහ ප්‍රකාශකයා යනු එකම කාසියක දෙපැත්ත බඳු ය. මෙම දෙදෙනාට ම තනිව පැවතිය නොහැකි ය. එය ඉඳිකට්ටක් පමණක් තිබුනාට හෝ නූල් පමණක් තිබුනාට මැස්මක් මැසිය නොහැකිවා සේ ය. එහෙත් මේ කොදෙව්වේ තරම් ලේඛකයා ප්‍රකාශකයා ඉදිරියේ සැහැල්ලුවට ලක්වෙන, අවමානයට ලක්වෙන වෙනත් රටක් ලොව ඇතැයි සිතීම පවා උගහට ය.

Read more ...
Write comment (0 Comments)

යුද්ධයට මුහුණ දුන් මිනිසුන්ගේ මිනිස් සබඳතා චිත්‍රණය කෙරෙන සිනමා නිර්මාණයක් වන “පනෛමරක්කාඩු“ (තල් කැලෑව) ප්‍රදර්ශනය කිරීමක් සහ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

රුවන් වීරසේකර නම් වූ නිහඬ සොඳුරු වාදකයා අද (28දා) උදෑසන  අභාවප්‍රාප්ත වී ඇත.ඔහු  වසර 2ක් තිස්සේ අසනීප තත්වයෙන් පසුවිය.

පසුගිය දා රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

ඔහු ගේය පද රචනයෙහි අරුමැසි රූ රටා මවන්නා ය. ජීවිතයේ කවුළු දොරින් එබී බලා එහි සොඳුරු, අඳුරු ඉසව් සොයා ගොස් ජීවිතය මේ යැයි අපට පවසන්නා ය. ගේය කාව්‍ය එකසිය තුනකින් සමන්විත පිනිබර මලක් නම් ගේය කාව්‍ය සංග්‍රහය රචනා කොට තම පළමු සාහිත්‍ය උත්සාහය සඳහා රාජ්‍ය සම්මානයෙන් පුද ලද ගේය කාව්‍යක්කාරයා ය.

Read more ...
Write comment (0 Comments)

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පසුගිය නොවැම්බර් 2දින නිමාවුණු ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේදි ( Asian World Film Festival) හොඳම නිළියට හිමි සම්මානය දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය වෙනුවෙන් අනෝමා ජනාදරි දිනාගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)