කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00, සූරිය විලේජ් හිදී එළි දැක්වේ. මෙය සයුර ප්‍රකාශනයක් වන අතර "ටෝකින් ලයිබ්‍රි" කියැවීමේ කවයේ මැදිහත්වීමෙන් එළි දකින පළමු කෘතියද වේ.

Read more ...
Write comment (0 Comments)

තරංගා රණසිංහගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය ‘දුරුත්තේ කෝපි මල් ’

සැප්. 15 ප.ව. 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළිදකී.

ප්‍රවීණ කිවියර පාලිත අරවින්ද වීරක්කොඩි සහ  කථිකාචාරණී ලතා ගුරුසිංහ මෙහි දෙසුම් පවත්වති.

Write comment (0 Comments)

ප‍්‍රබල සිනමා කෘති රැසක් ලාංකීය පේ‍්‍රක්ෂකාගාරයට තිළිණ කළ කෘතහස්ත සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ආරම්භක කලා දිවියේ නාට්‍යය නිර්මාණ රැසක් නිමවා ඇත.වත්මන් පේ‍්‍රක්ෂකයාට, පාඨකයාට හමුනොවූ පතිරාජ නම් නාට්‍යකරුවා නාට්‍යය විෂය අලලා විරචිත ග‍්‍රන්ථ ත‍්‍රිත්වයක් අගෝස්තු මස 31 වන බ‍්‍රහස්පතින්දා සවස 4.00 ට මහවැලි කේන්ද‍්‍රීය ශ‍්‍රවනාගාරයේදී දොරට වඞීයි.

Read more ...
Write comment (0 Comments)

ආචාර්ය ගමිණි හත්තොටුවේගම විවෘත විදි නාට්‍ය කණ්ඩායමේ නවතම නාට්‍ය නිෂ්පාදනයක් 2017.සැප්තැම්බර් 01 දින සවස 7.00ට කොළඹ රුසියාණු සංස්කෘතික මධ්‍යාස්ථානයෙදි රඟ දැක්වේ. මේ සඳහා නාට්‍යලෝලී ප්‍රේක්‍ෂකයින් හට විවෘතව ආරාධනා කරනු ලැබේ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘ස්වර්ණ පුස්තක සම්මාන 2017'සඳහා දෙවන වටයේ නවකතා 12 අතුරින් අවසන් වටය කෙටි ලැයිස්තුගත කිරීම අද(14)සිදුවූ අතර එහිදී, "සිය සිය පත් සිය" - සුමිත්‍රා රාහුබද්ද , "වණ්ණදාසි "- කත්‍යානා අමරසිංහ,"ගරුඩ මුහුර්තය" - කීර්ති වැලිසරගේ ,”ප්‍රංශ පෙම්වතා" - ශාමෙල් ජයකොඩි,"හඳ පළුව තනි තරුව" - නිශ්ශංක විජේමාන්න යන  නවකතා පහ කෙටි ලැයිස්තුගත විය.

Read more ...
Write comment (0 Comments)

සිරගත කළ සංස්කෘතික මිනිසා සහ හීලෑ නොවූ ප්‍රාථමික මිනිසා අතර සංවාදය අනවරත අරගලයකි. ප්‍රාථමික මිනිසා නිදහස් කළ විට සංස්කෘතික මිනිසා එතැනම ශුන්‍ය වීම නොවැළැක් විය හැකිය. මේ කුමන භූමිකාවක හෝ වේවා අප තාවකාලික සංක්‍රමණිකයන් හෝ තාවකාලික තැනුම්කරුවන් පමණක්ම වන්නෙමු.

Read more ...
Write comment (0 Comments)

අද සිට ඇරඹෙන මෙම විශේෂාංගය වෙන්වන්නේ කිසියම් ගීත රචකයකු හෝ රචකාවියක විසින් රචනා කරන ලද ගීත අතුරින් තමන් වඩාත්ම කැමති ගීතය හඳුන්වා දීමට ය. එතැනින් නොනැවතී අදාළ ගීතය රචනා කිරීමට රචකයා හෝ රචකාවියට බලපෑ නිමිත්ත සහ එම ගීතයේ යටිපෙළ පිළිබඳ ගීත රචකයා හෝ රචකාවිය විසින් ම සපයනු ලබන තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ය.

Read more ...
Write comment (0 Comments)

මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස බලකරමින් සයිටම් විරෝධි ජන පවුර විසින් සංවිධානය කර තිබු ජාතික විරෝධතා දිනය (අගො.02) වෙනුවෙන් සමාජවාදි තරුණ සංගමය විසින් ඊයේ (02)කොළඹ කොටුව දුම්රියපොල ඉදිරි පිට පැවති ''සටන් කරන උන් වෙනුවෙන් අරගලයට ගැයෙන ගී'' විරෝධතා වැඩසටහනක් පැවැත්විනි.

Read more ...
Write comment (0 Comments)

ප්‍රේමකීර්ති ද අල්විස් මට සජීවී ව හමුවන්නේ මා පුහුණුව ලබන ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වන සමයේය. ඔහු අපගේ පුහුණු සමයේ ගුවන් විදුලි සගරාමය වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ අපව පුහුණු කිරීමට පැමිණි අතර ඔහු තුල තිබූ නිර්මාණාත්මක සිතීම අප විශ්මයට පත් කළේය. අප පුහුණුව ලැබූ ගුවන් විදුලි පුහුණු ආයතනයට පැමිණි ඔහු අපව පුබුදුවන්නට විවිධ නිර්මාණාත්මක කතා හා අත්දැකීම් ඉදිරිපත් කළේය.

Read more ...
Write comment (0 Comments)