1987 ජුලි 29 වෙනිදා , ශ්‍රී ලාංකික පුවත් ඡායරුපකරණය ජාතන්තර තලයට ඔසවා තැබූ එවකට ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේ මහගෙදෙර වූ Lake house ආයතනයේ සේවය කල සේන විදානගම ශුරීන් ඡායරුප ගත කරන ලද නාවික භටයකු විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය වරයාට පහරදෙන ඡායරුපයට අදට තිස් වසරක් පිරෙයි.

Read more ...
Write comment (0 Comments)

"අපි කොම්පියුටර් යුගයේ දැන් ඉන්නෙ. අද නැනෝ ටෙක්නොලොජි ඇවිත්. පිලිකාවට කිමෝ තෙරපි දෙනවා. ඉදිරියට රිනිවර්බල් එනර්ජි ගැන හිතන්න වෙනවා.""ඒ උනාට මගේ කේන්දර බැලිල්ලෙ අඩුවක් නෑ. මම කොම්පියුටරේ පාවිච්චි කරනවා. මේක කේරල සොෆ්ට්වෙයා එකක්" යැයි කියමින් බොනී සීඩී තැටියක් අපට පෙන්වීය. - (අපතයෝ - පිටුව 14) ~බැග්ඩෑඩ්~`The Talking Library´ දෙවැනි දිගහැරුම...ජූලි 29 වන සෙනසුරාදා සවස 4ට, සූරිය විලේජ් හිදී... ප්‍රවීන ලේඛක හා විචාරක එරික් ඉලෙයප්ආරච්චි සමග `බැග්ඩෑඩ්´ කියවන්න එකතු වෙන්න.

Write comment (0 Comments)

යෝධයෙකු වූ පුංචි මිනිසා,

මහ වැස්ස ඇද හැලෙයි
වියට්නාමය තෙතයි
චුරු චුරුව කරදරයි
කොළඹ මට තව දුරයි,
ගියෙමි මම 
හැනෝයි සිපිරිගෙට
සැබැවින්ම,
නොයෙක් පොත් තුළ තිබූ
හැනෝයි හි හිරගෙදර
හෝචිමිං දුක් වින්ද හැටි මැවෙයි,
මෙහෙව් රට ගොඩනැඟූ
මහා මිනිසා නිදන 
කටුගෙයට ගියෙමි මම පාන්දර
කුකුළාත් අතින් ගෙන
තකහාෂි සාන් හා බෙනිකො සාන්
දෙදෙනාද මා සමඟ
ආවෙ තනි නොතනියට,
යෝධ මිනිසෙකු සොයා 
මා ගියත් සැබැවින්ම
පුංචි මිනිසෙක් වීය
යෝධ කුටියක වැතිර,
හිස නැමිමි අනේ ඒ
උත්තුංග මිනිසාට
රටක් ගොඩ නඟන්නට
පුංචි පපු කුහරෙ තුළ
මහා දිරියක් තිබු මිනිසාට,
හෝචිමිං නුඹට මම
හිස නමමි යළි යළිත්
වියට්නාමය නුඹයි හැමදාම......

කුමාර අලගියවන්න 
2017.07.20 දින
වියට්නාමයේ හැනෝයි අගනුවරදීය.

Write comment (0 Comments)

එල්. ටී. ටී. ඊ සංවිධානයේ දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවකව සිටි තමිළිනී ජෙයක්කුමාරන් පුනරුත්ථාපනය වූ කාලයේදී හා ඉන්පසුව දෙමළ බසින් රචනා කරන ලද කෙටිකතා එකතුවක සිංහල පරිවර්තනය වූ ‘අළුයම් සිහිනය’ කෙටිකතා සංග්‍රහය පිළිබඳ සාහිත්‍ය දේශපාලන සංවාදයක් ජූලි මස 31 වැනිදා සඳුදා සවස 3.30ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රධාන දෙසුම් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, සුමිත්‍රා රාහුබද්ධ, සහ විදර්ශන කන්නංගරගෙනි. සංවාදය මෙහෙයවනු ලබන්නේ විමල් කැටිපෙආරච්චි විසිනි.

Read more ...
Write comment (0 Comments)

සංගීත අධ්‍යක්ෂ, ප්‍රවීණ වාදන ශිල්පී සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 69 වන වියෙහි පසු වූ ඒ මහතා, වික්ටර් රත්නායක මහතාගේ බාල සොයුරෙකි.

Read more ...
Write comment (0 Comments)

හැඳුනුම්පත අහිමි කරගත් බොහෝවුන් වෙසෙන කොදෙව්වක සන්නා හා සර්පයා යනු ස්වීය අනන්‍යතාවයෝ වෙත්, එනිසාම ‘නේරංජනේ ඉස්නානේ’ වෙනුවෙන් සර්පයාට සන්නා අභිමුඛ වූ මොහොතේ ඇති වූ මෙම සංවාදය ඔවුන්ගේ එම අනන්‍යතාව රැකෙන පරිදිම කිසිදු සංස්කරණයකට ලක් නොකර පළකරන්නට අපි තීන්දු කළෙමු.

Read more ...
Write comment (0 Comments)

චූලානන්ද සමරනායක විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ ද්විත්වය "දැහැමි ද මෙ දිවයින" සහ "Glimpses of a shattered Island" දොරට වැඩුම- ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී 2017 ජූලි 20 දින හරියටම සවස තුනට- ආරාධිත දෙසුම- ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් පවත්වනු ලබයි.

චූලානන්ද සමරනායක
මේ සමාජය යනු මුළුමනින්ම වෙනස් කර නැවත ගොඩනැගිය යුත්තක් බව මම විශ්වාස කරමි. එසේම එය දේශපාලන අරගලයකින් මිස වෙනත්ආ කරයකින් කළ හැක්කක් නොවන බව ද මම විශ්වාස කරමි. ඒ සඳහා විවේචනාත්මක දෘෂ්ටිය අහිමිකරගත් පක්ෂගත අරටු වෙනුවට විවෘත මනසක් සහිත, දේශපාලනයෙහි සැබෑ මැදිහත්වීමක් කළ හැකි මිනිසුන් සමාජයට දිනපතා වැඩි වැඩියෙන් අවශ්‍යව තිබේ. ඒ වෙනුවෙන් වැඩ කරනා අතරම කවිය යනු මට එක් අතකින් මේ සමාජය ගැන මට ඇති විවේචනය, අතෘප්තිය පළකරන්නට ඇති මාධ්‍යයක් ද වෙයි. එහෙයින් මගේ කවිය යනු මා ජීවත්වන සමාජය කෙරෙහි මගේ ප්‍රතිචාරයයි. එයට එකඟ වන්නට මෙන්ම එරෙහිව මත පළ කරන්නට ද රසිකයාට අයිතිය ඇති අතරම මම ඒ සියලු අදහස් කෙරේ මගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. එහෙයින් මගේ ඉල්ලීම මෙයයි - ඔබට දැනෙන දේ මට කියන්න.

Write comment (0 Comments)
Write comment (0 Comments)

ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ට්‍රෝජන් කාන්තාවෝ’ සිංහල වේදිකා නාට්‍යය ස්වකීය 17 වැනි වර්ෂ පූර්ණය සමරමින්, ත්‍රිකෝණී සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස, 2017 ජූලි මස 09 වෙනි ඉරු දින රාත්‍රී 7.00 ට කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී වේදිකා ගත කිරීමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)