ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ප්‍රථම වරට පිරිනමන "රජත පුස්තක" , 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තම කෙටිකතාව ලෙස මංජුල වෙඩිවර්ධනගේ "දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා" හිමි වූ අතර ප්‍රශස්ත කාව්‍ය කෘති ලෙස ලක්ශාන්ත අතුකෝරලගේ "සමහර කමටහන්" කෘතියට හිමි විය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ප්‍රථම වරට පිරිනමන "රජත පුස්තක" , 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තම කෙටිකතා සහ කාව්‍ය කෘතිය වෙනුවෙන් පිරිනමනු ලබන සම්මානය පිරිනැමීම හෙට ජුනි මස 10 සෙනසුරාදා ප.ව. 6.00 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා "ලෝටස්" ශාලාවේදී පැවැත්වේ.

Read more ...
Write comment (0 Comments)

වසරකටත් වැඩි කාලයක් රෝගාතුරව සිටි ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද(8) අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇත.

Read more ...
Write comment (0 Comments)

ජනාධිපතිතුමා මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව බලා ගුවන් යානයේ සාමාන්‍ය මගියකු සමඟ අසුන්ගෙන ගියේය. සාමාන්‍ය මගියකු සමඟ අසාමාන්‍ය මගියකු එක ළඟ ගමන් යන විට දැනෙන දේ ජනාධිපතිතුමාට දැනෙමින් තිබුණේය. තමා සමඟ ප්ලේන් එකේ ජනේලය අසල තේ බිබී පොතක් බල බලා යන දත්කිටියා ජනාධිපති කෙනෙක් බව සාමාන්‍ය මගියා දැන සිටියේ නැත.

Read more ...
Write comment (0 Comments)

ආපදා කළමනාකරණයට මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ හැම වැඩක්ම පරක්කුයි කියා හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරපුදා රෑ වෙලා එතුමාට කෝල් එකක් ආවේය. දෙකක් නවාගෙන කික් එකේ හිටපු, හිටපු ජනාධිපතිතුමා රිසීවරය උස්සපු ගමන් කතා කරන්නේ කවුද කින්ද මන්ද නොවිමසා “මොකද මල්ලි මොකද මල්ලි වැඬේ පරක්කු, ගෙදර ගිහිං බීල වරෙං පරණ අරක්කූ” කියා පරණ බයිලාවක කෑල්ලක් කීවේය.

Read more ...
Write comment (0 Comments)

හිටපු ජනාධිපතිතුමා කළුතර පැත්තේ ගංවතුර ආධාර බෙදා යමිං ගමන් මාතර ගෙදර රැය පහන් කර පසුවදා ගම් රටවල් බලා යන්නට කල්පනා කළේය. රෑ කෑම කා හෙණ පත්තං කට්ටියක් ඇදගෙන ඉන්න වෙලේ ශිරන්ති නෝනා කීවේ “ඒක නෙමෙයි අනේ මාර වැඩක් වෙලා තියෙන්නෙ නිල්වලා ගඟේ කිඹුල්ලු දැන් මාතර ගෙවල්වල ඇඳන් යටත් ඉන්නවලු” කියාය.

Read more ...
Write comment (0 Comments)

ජාත්‍යන්තර සම්මාන ගණනාවක් හිමිකරගත් සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් (Burning Birds) වෘත්තාන්ත චිත්‍රපටය 35වන මියුනික් අන්තර්ජාතික සිනමා උළෙලට (Munich Film Festival) තේරි තිබේ. එසේම සිනමා උළෙලේ කීර්තිමත් ෆ්‍රිට්ස් ජාලික් සම්මානය සඳහා ද දැවෙන විහඟුන් චිත්‍රපටය නිර්දේශ වී තිබේ. සිනමා උළෙල ජුනි මස මස 22 දින සිට ජුලි මස 01 වන දක්වා ජර්මනියේ මියුනික් නුවර දී පැවැත්වේ.

Read more ...
Write comment (0 Comments)

සම්පූර්ණ නම සුනිල් අනුරාධ මිහිඳුකුල ය. 

එය සුනිල් මිහිඳුකුල වූයේ මෙසේය.
1976 වසරේ දී මගේ සංස්කාරකත්වයෙන් බිහි වූ ‘සකුරා’ සිනමා - කලා සංග්‍රහය සඳහා සුනිල් අනුරාධ මිහිඳුකුල නමින් තැපෑලෙන් එවූ ලිපියක් මම ඒ නමින්ම පළ කළෙමි.

Read more ...
Write comment (0 Comments)

කලක සිට රෝගී තත්ත්වයෙන් පසුවූ ප්‍රවීණ සිනමා විචාරකයකු, සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අද (30) පෙරවරුවේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභවප්‍රාප්ත වීය.
බොහෝ දෙනකු සුනිල් හදුනන්නේ සිනමා ලේඛකයෙකු ලෙස වුවද ඔහු නාට්‍ය විචාරකයකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකු ද විය.සාහිත්‍ය සහ නාට්‍ය අරඹයා ලිපි ලේඛන රැසක් විවිධ සඟරා සහ පුවත්පත් සඳහා රචනා කර ඇත.

Read more ...
Write comment (0 Comments)