උත්සව සමයේ දැවැන්තම වෙළෙඳ අත්දැකීම DSI Mega 2017

ව්‍යාපාර
Typography

උත්සව සමයේ දැවැන්තම වෙළෙඳ අත්දැකීම DSI Mega 2017 දැන් ඔබ සියලූදෙනා වෙනුවෙන් විවෘතයි

එළඹෙන නත්තල සහ අලූත් අවුරුද්ද වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන ඔබට නොවූ විරූ අත්දැකීමක් හිමිකර දෙමින් DSI Mega 2017 දැවැන්ත වෙළෙඳ සැනකෙළිය දෙසැම්බර් 16 වැනිදා මහරගම, නාවින්න, හයිලෙවල් පාර, අංක 257 දරණ ස්ථානයේ පිහිටි ඞී.සැම්සන් සහ පුත‍්‍ර පුද්ගලික සමාගමේ මූලස්ථාන පරිශ‍්‍රයේදී ආරම්භ විය.

පැමිණෙන සියල්ලන්ටම, මිළට ගැනීමට අවශ්‍ය කුමක් හෝ පිරිනැමීමේ අරමුණින් තුන් වැනි වරටත් සංවිධානය වන මෙම වෙළෙඳ සැනකෙළිය සඳහා  ඕනෑම අයෙකුට නොමිලේ ප‍්‍රවේශ විය හැක.

ඞී. සැම්සන් සහ පුත‍්‍ර පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තොග වෙළෙඳාම්) නිශාන්ත් ගමාච්චි මහතා, මහරගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති කෝරාලගේ මහතා සහ ඞී. සැම්සන් සහ පුත‍්‍ර සමාගමේ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් මෙම වෙළෙඳ සැනකෙළිය විවෘත කෙරිණි.

දෙසැම්බර් 16 වැනිදා සිට 24 වැනිදා දක්වා අතර කාලයේ සෑම දිනකම පෙරවරු 9.00 සිට ඇරඹෙන මෙම දැවැන්ත වෙළෙඳ සැනකෙළියේදී උත්සව සමයේ තමන්ට අවශ්‍ය සියළු දෑ එකම වහලක් යටින් අඩුම මිළට ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට සලසා දී තිබේ. මෙම වෙළෙඳ සැනකෙළිය DSI සහ එහි අනුබද්ධිත සමාගම් මගින් වෙළෙඳපොලට පැමිණෙන භාණ්ඩ සඳහා පමණක් සීමා නොවන අතර සිංගර් ශ‍්‍රී ලංකා, එමරල්ඞ් ක්ලෝතින්, විෂන් කෙයාර් සහ Jezzao ඇතුළු තවත් වෙළෙඳ කුටි රැසක් මෙම වෙළෙඳ සැනකෙළියට එක්ව සිටියි.

මහරගම, ප‍්‍රමුඛතම වෙළෙඳ කේන්ද්‍රයක පිහිටි මෙම සංකීර්ණය රථ වාහන ගාල් කිරීමේ නොමඳ ඉඩ පහසුකමින් යුක්ත වන අතර පොත්පත්, උපාංග, රෙදිපිළි, විදුලි උපකරණ, ජංගම දුරකථන සහ එම උපාංග, පාසැල් සහ ලිපිද්‍රව්‍ය, ඇස් කණ්නාඩි, මවුන්ටන් බයිසිකල්, ආහාර පාන සහ දරුවන් සඳහා විනෝදාත්මක ක‍්‍රියාකාරකම් ආදිය අවම මිළට සහ විශේෂ වට්ටම් සහිතව සපයාගැනීමට DSI Mega 2017   මගින් ඔබට අවස්ථාව සලසා ඇත.

මෙම වෙළෙඳ සැනකෙළිය සඳහා එක්වෙමින් සුවිශේෂී වෙළෙඳ අත්දැකීමක් විඳගැනීම සඳහා DSI සමාගම ඔබට ආරාධනා කර සිටියි.

DSI 1

dsi 2

DSI 3

DSI 4

Latest Posts

Face Book Setup 01