අවාසනාව පරාජය කළ වාසනාවේ ව්‍යවසායකයා-සීන් පාකර්

ව්‍යාපාර
Typography

”අපි මුලින් ජීවත් වුණේ ගොවිපොළවල, ඊට පස්සෙ අපි නගරවල ජීවත් වුණා. නමුත් අපි දැන් ජීවත් වෙන්නේ අන්තර්ජාලයේ.” -  සීන් පාකර් (Sean Parker). ඔව්, මේ කියමනේ හිමිකරුවා සීන් පාකර්. ඇමරිකානු ව්‍යවසායකයකු වන සීන් පාකර් කියන්නේ ඇමරිකාවේ දක්ෂතම ව්‍යවසායකන් අතර සිටින පුද්ගලයෙක්.

ඔහු ලිපිගොනුබෙදාහැරීමේ පරිගණක සේවා සමාගමක් වන Napster සහ Plaxo සම-නිර්මාතෘවරයා. ඒ වගේම ඔබ අපි කවුරුත් අද වැඩිපුර කාලයක් ගෙවා දමන Facebook හි ප‍්‍රථම සභාපතිවරයා සීන් පාකර් ය . මේ ඔහුගේ කතාව.

සීන් පාකර් 1979 වසරේ දෙසැම්බර් 03 වැනි දා ඇමෙරිකාවේ වර්ජිනියාහි දී උපත ලබනවා. ඔහුගේ මවුපියන් වන්නේ Diane and Bruce Parker. කුඩා කාලයේ සිටම පරිගණකයට ඇලූම් කරන පාකර් එළඹෙන හැම මොහොතක්ම ගෙවා දමන්නේ පරිගණකයක් සමඟ. මේ නිසාම වයස අවුරුදු 7 දී පාකර් තම පියාගෙන් පරිගණක වැඩසටහන්කරණය පිළිබඳව ඉගෙන ගන්නවා. වයසින් වැඩෙත්ම පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වීමට ^hacking& සහ පරිගණක වැඩසටහන්කරණය ^programming& ඔහුගේ විනෝදාංශයක් බවට පත් වෙනවා.

පාසල් කාලයේ දී ඇදුම රෝගයෙන් පීඩා විඳි පාකර්ට වැඩිපුර රෝහල්වල නතර වී කාලය ගත කරන්නට සිදු වෙනවා. රෝගය හේතුවෙන් අඩු කාලයක් පන්ති කාමරවල රැුඳී සිටීම නිසා පාකර්ට ඔහුගේ ඉගෙනීම් කටයුතු අතපසු වෙනවා. කෙසේ වෙතත් මේ කාලයේ දී පාකර් පොත්පත් කියවන්නට ඇබ්බැහි වෙනවා. ඒ වගේම පරිගණක වැඩසටහන් කෙරෙහි තිබූ ඔහුගේ ඇල්ම කිසිවිටක වෙනස් වන්නේ නැහැ. ඒ නිසාම යොවුන් වියේදීම පාකර් ඩිජිටල් ලෝකයට පිය නගනවා.

 මේ කාලයේ දී පාකර් කොතරම් පරිගණක වැඩසටහන් සමඟ ජීවත් වුණා ද කියනවා නම් ලෝකය පුරා සමාගම් සහ වෙනත් ආයතනවල පරිගණක ජාලයන්වලට අනවසරයෙන් ඇතුළු වුණ බවට චෝදනාද එල්ල වෙනවා. වයස අවුරුදු 15 වන විට ඔහුගේ මෙම ක‍්‍රියාකාරකම් නිසා FBI හි අවධානයට යොමු වූ අතර වැඩිහිටියකු නොවූ නිසාවෙන් අනෙකුත් යොවුන් වියේ වරදකරුවන් සමඟ ප‍්‍රජා සේවයට යොමු වෙන්නට පාකර්ට සිදු වෙනවා. මේ කාලයේ දී පාකර්ට ෂෝන් ෆැනින් නම් මිතුරෙකු හමු වෙනවා. ඔහු ද පාකර් වැනිම දක්ෂ පරිගණක වැඩසටහන් නිර්මාණකරුවෙක්. මේ දෙදෙනා එකතු වී අන්තර්ජාල ආරක්ෂණ

සමාගමක් පිහිටුවනවා. එය නම් කරන්නේ Crosswalk ලෙස. එම ව්‍යාපාරය දිගටම කරගෙන නොගිය ද ෂෝන් සහ පාකර්ගේ යාළුකම් එලෙසම පවතිනවා.

1998 වසරේ දී පාකර් සිය උපාධිය සම්පූර්ණ කරනවා. අනතුරුව C.I.A සමඟ එක් වන පාකර්ගේ අධ්‍යයන භූමිය බවට පත් වන්නේ Napster (අන්තර්ජාලය මඟින් සංගීතය සපයන) ආයතනයයි. පසුව C.I.A හි සේවයෙන් ඉවත් වන පාකර් සමාගම් ගණනාවක් සමඟ වැඩ කරනවා. ඒවා බොහොමයක් අන්තර්ජාල සැපයුම් ආයතන වන අතර ඒ තුළින් සිය උසස් අධ්‍යාපනය සඳහා ඩොලර් 80,000ක මුදලක් උපයා ගන්නට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව පාකර්ට නැවත සිය මිතුරා, ව්‍යාපාරික හවුල්කරුවා වූ ෂෝන් ෆැනින් මුණගැසෙනවා. ඒ 1999 වසරේදී. ඒ අනුව ඔවුන් දෙදෙනා Napsterys  File Sharing සේවාව ආරම්භ කරනවා.

සංගීත පේ‍්‍රක්ෂකයන් අතර Napster ඉතා ඉක්මනින් ජනප‍්‍රිය වන අතර එහි පළමු වසර තුළ දී මිලියන ගණනින් පරිශීලකයන් ආකර්ෂණය කර ගන්න සමත් වෙනවා. මේ සාර්ථකත්වය නිසා අනෙක් ව්‍යාපාරිකයන් Napster තම ව්‍යාපාරවලට විශාල තර්ජනයක් ලෙස දකිනවා. අවසානයේ දී ඔවුන්ට එම සේවාව නවතා දැමීමට සිදු වීමෙන් පාකර් Napster ඉවත්ව යනවා. 

Napster ගෙන් ඉවත්ව යන පාකර් සිය ජීවිතයේ සංධිස්ථානයකට පැමිණෙනවා. ඒ දුෂ්කර කාලය ඔහු සිහිපත් කරන්නේ මේ විදිහට.

 ”මට ගෙයක් තිබුණේ නැහැ.  මම සම්පූර්ණයෙන්ම බිඳවැටිලා හිටියෙ. මම සති දෙකක් විතර විවිධ මිතුරන්ගේ නිවෙස්වල නැවතිලා සිටියා. මොකද මගේ ජීවිතයේ ස්ථාවරත්වයක් නොතිබුණ නිසා. ඒ කාලේ මගේ පෙම්වතිය මට කිව්ව පරිගණකය අතහැර දමා ස්ටාර්බක්ස් හි

රැුකියාවකට යන්න කියලා. එහෙත් මට එහෙම කරන්න වුවමනා වුණේ නැහැ”

නැවතත් 2002 වසරේ දී පාකර් සමාජ ජාල සේවා සැපයීම සඳහා Plaxo නමින් ආයතනයක් පිහිටුවනවා. පසුව එම ආයතනය Microsoft Outlook සමඟ ඒකාබද්ධ වෙනවා. පාකර්ගේ ජීවිතයේ වෘත්තීය සුන්බුන් ගණනාවක් තිබෙනවා. ඔහු Plaxo සමාගම ආරම්භ කළත් එහි ආයෝජකයන් එම සමාගමෙන් ඉවත්ව යන ලෙස පාකර්ගෙන් ඉල්ලා සිටිනවා. ඉන්පසුව ඔහුගේ වෘත්තීය චලනය සිදු වෙන්නේ 2004 වසරේ මාක් සකර්බර්ග්ගේ

Facebook සමඟ සම්බන්ධ වීමෙන් පසුවයි. සකර්බර්ග් සමඟ සිදු වෙන මූලික හමුවෙන් පසුව පාකර් එහි ආරම්භක සභාපතිවරයා බවට පත් වෙනවා. එහෙත් නැවත වරක් පාකර්ගේ අවාසනාව ඔහු සොයාගෙන එනවා. ඒ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරද නිසා. Facebook ආයෝජකයන් සභාපති තනතුරෙන් ඉවත් වන ලෙස පාකර්ට බල කරනවා.

මේ සියල්ලෙන් පසුව යළි වාසනාව පාර්ක් සොයාගෙන එනවා. ඔහු Spotify නම් සංගීත සේවාවක් ආරම්භ කරනවා. වර්තමානයේ පාකර් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වෙන අතර එහි ඉදිරි මාවත සකසමින් Facebook සහ Spotify අතර හවුල්කාරීත්වයක් ඇති කරගැනීම සඳහා ගිවිසුමකට එළඹෙනවා. එසේම 2011 වසරේ දී පාකර් නැවතත් සිය මිතුරා වන ෂෝන් ෆැනින් සමඟ Airtime සමාගම ආරම්භ කරනවා. අද වන විට පාකර් තම පාරිභෝගිකයන් වෙනුවෙන් ප‍්‍රසංග සංවිධානය කරන අතර ඉතා ඉහළ සාර්ථකත්වයක් එමඟින් ලබා ගෙන තිබෙනවා.

- ප‍්‍රදීපා වීරසේකර

Latest Posts

Face Book Setup 01