අසාදු ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා-කුමාරස්වාමි

ව්‍යාපාර
Typography

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ (15) පැවසුවේ යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියාකරමින් යන බවයි.



එය සපල කර ගැනීම සඳහා ගත ක්‍රියා මාර්ග වලට අනුව මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ශ්‍රී ලංකාව එම අසාදු ලේඛනයෙන් ඉවත් කර ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ සඳහා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ ආසියා ශාන්තිකර සංවිධානය සමඟ කටයුතු කරන බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව පැවසුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙයට හේතුව වුවේ යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාව ද ඇතුළත් කළ බව යුරෝපා පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවිය පසුගිය සතියේදී වාර්තා කිරීමත් සමඟය.

Latest Posts