ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය තවදුරටත්

ව්‍යාපාර
Typography

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය පල කරන බව ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටුව ඊයේ පැවසීය. පවසයි.



ඉදිරියට එම සහනය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත‍්‍රශීලීව කටයුතු කරන බව එහි සභාපති ජාන් සහරාදිල් මහතා ප‍්‍රකාශ කර ඇත.

අත්හිටුවා තිබූ ජි.එස්.පී ප්ලස් සහනය මෙරටට ලබාදී වසරක පමණ කාලයක් ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බව කමිටු සභාපතිවරයා මෙහිදී පවසා ඇත..

මෙම යුරෝපා පාර්ලිමේන්තු කමිටු නියෝජිතයින් සමඟ එක්ව මෙරට සංචාරය කළ යුරෝපා සංගමයේ දකුණු ආසියානු නේවාසික නියෝජිත සජාඩ් කිරීම් මහතා කියා සිටියේ එම සහනය ලබාදීම සම්බන්ධයෙන් කොන්දේසි ඉදිරිපත් කළ නොකළ නමුත් මෙරට මානව අයිතිවාසිකම් වර්ධනය සඳහා ත‍්‍රස්තවාදි වැළැක්වීම වෙනුවට කඩිනමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි.

පසුගිය 4 වැනි දා සිට  යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක්  මෙරට සංචාරයක නිරත වන අතර ජි.එස්.පී ප්ලස් සහනය ලබාදීමේ ප‍්‍රගතිය පිළිබඳ ඔවුන් එහිදී අධ්‍යනය කර තිබේ.

මේ අතර අන්තර් ජාතික වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටු නියෝජිතයින් ඊයේ  (6) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්පන්දන්, කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න, නීතිය සහ සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් මහතාද හමුවී සාකච්ඡා කර ඇත.

Latest Posts