මුදල් ඇමතිතුමා, විදේශ කටයුතු ඇමති වෙනවා. හැබැයි රවි කරුණානායක විදේශ කටයුතු අමාත්‍යාංශයට ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉල්ලනවා.එතුමාට ලැබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය නම් ජාතික ලොතරැයි මණ්ඩලය කුමකටද? ඒකෙන් අනිත් පැත්තට ප්‍රකාශ වෙන්නේ එතුමා මුදල් ඇමතිකම අත්හරින්න කැමති නැති බවයි. මුදල් ඇමතිකමත් එක්ක එතුමා ඉන්න කැමතියි. මංගල සමරවීර ඇමතිතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයට මොනවා හරි ඉල්ලුවාද කියා මම දන්නේ නෑ. තානාපති කාර්යාල කිහිපයක් වගේ දේවල්.මුදල් ඇමතිකමෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට රවි කරුණානායක මාරුවෙනකොට ජාතික ලොතරැයි මණ්ඩලය ඉල්ලන්නේ මොකද කියා මේ රටේ ජනතාව හොයන්න ඕන. ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙන රහ මොකක්ද කියලා හොයන්න ඕන. මොකෝ පිටරටවල ලොතරැයි අලෙවි කරන්නද? එහෙම සැලසුමක් තිබෙනවානම් කමක් නෑ. මුදල් අමාත්‍යාංශයේ ඉන්නකොට ලොතරැයි මණ්ඩලයෙන් ලාභ උපයාගත් නිසා තානාපති කාර්යාල සම්බන්ධකරගෙන ලන්ඩන්වලට, නිව්යෝර්ක්වලට ලොතරැයි අලෙවිකරනවා. ඒ වගේ මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා නම් ඉල්ලුවට කමක් නෑ.

Read more ...
Write comment (0 Comments)

Tinmalu2ශිරාන් ප්‍රනාන්දු ප්‍රධාන විධායක නිලධාරී - Tess Group

Tess Group සමාගම පිළිබඳ කෙටියෙන් සඳහන් කළො

Tess Group අවුරුදු 35 ක සිට මත්ස්‍ය වෙළෙඳාමේ නිරතව සිටිනවා. විශේෂයෙන්ම කෙලවල්ලෝ තමයි අපි වැඩිපුරම අපනයනය කරන්නෙ. ඒ වගේම මේ වන විට අපි ටින් මාළු කර්මාන්තයටත් පිවිස සිටිනවා.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

දුම් දමන උණුසුම් කෝපි කෝප්පයකට පුළුවන් වෙන්නේ අපිව ටිකක් උණුසුම් කරන්න විතරද? බොහෝ දෙනකුට කෝපි කෝප්පයකින් ලැබෙන්නේ ඒ උණුසුම පමණක් වෙන්න පුළුවන්. මෙහෙම හිතුවොත් කෝපි කෝප්පයකට පුළුවන්ද මිනිහෙක්ව ධනවතෙක් කරන්න. ඒක ටිකක් වෙනස් කතාවක්. කෝපි කෝප්පයෙන් බිලියනපතියෙක් වුණ ධනවතෙක් ලෝකයේ ඉන්නවා. ඔහු Howard Schultz. මේ ඔහුගේ කතාව.

Read more ...
Write comment (0 Comments)

ඇමරිකානු ඩොලර් මිලියන 160ක  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තෙවන ණය වාරිකය අප්‍රේල්  මාසයේ ශ්‍රී ලංකාවට ලැබිය යුතු වුව ද එය ජුනි මාසය දක්වා කල් ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

Read more ...
Write comment (0 Comments)

GSP+ සහනය ලබා දීම වෙනුවෙන් යුරෝපා කොමිසම ඉදිරිපත් කළ මූලික කොන්දේසි කිහිපයක් ඉටු කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම සහනය නොලැබී යාමේ අවදානමක් මතුව ඇත.

Read more ...
Write comment (0 Comments)

මිනිස් මොළය සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් පරිගණකය ක්‍රියා කරවීමට හැකි නව තාක්ෂණික ක්‍රමයක් (Brain-computer interface) පිළිබඳ තාක්ෂණික කටයුතු සිදු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය නිවේදනය කර තිබේ. පරිගණක ඉංජිනේරුවන් හැට දෙනකුගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන මෙම නව තාක්ෂණික සොයා ගැනීම හරහා මොළයට කිසිදු උපකරණයක් සවි කිරීමකින් තොරව පරිගණක තිරය මත තමන්ට අවශ්‍ය දෙය යතුරුලියනය වීමට සැලැස්වීමට හැකියාව ලැබේ.

Read more ...
Write comment (0 Comments)

කොළඹ කොටස් වෙළෙඳ පොළ දරුණු කඩාවැටීමකට ලක්ව ඇතැයි කොටස් වෙළෙඳ පොලේ තැරැව්කාර සමාගම් කියා සිටී. අදාළ කඩා වැටීම හේතුවෙන් එම සමාගම්වල කොළමින් පිට පළාත්වල පවත්වාගෙන ගිය කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම්වල ශාඛා සියල්ලක්ම පාහේ වසා දමා ඇති බවද පැවසේ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාව තුල පාරිභෝකිකයන් සතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඇතුළත් පොතක් එළි දැක්වීමට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සැලසුම්කර තිබේ.

Read more ...
Write comment (0 Comments)