යුක්තිය පතා අතුරුදන්වූවන් සමරයි

Typography

අතුරුදහන්වූවන් සිහි කිරීමේ විසි පස්වන ජාතික සැමරුම ඊයේ (27) සීදූව රද්දොළුගම අතුරුදන්වූවන්ගේ ස්මාරකය අසලදී පැවැත්විණි.

‘අතුරුදහන් කරවීම නැවත සිදු වීම වැළැක්විය හැක්කේ යුක්තිය ඉටු කිරීම තුළිනි’ යන මැයෙන් පැවති මේ සැමරුමට උතුර දකුණ ඇතුළු රටේ විවිධ ප්‍රදේශවලින් අතුරුදන්වූවන්ගේ ඥාතීහු සහභාගී විය.

1991 වර්ෂයේ සිට අඛණ්ඩව, වාර්ෂිකව සෑම වසරකම ඔක්තෝම්බර් මස 27 දින, අතුරුදහන් කරවීම්වලට එරෙහිවත්, ඔවුන් සිහි කිරීම සදහාත් මේ සැමරුම පැවැත්වේ. අතුරුදන් වුවන්ගේ පවුල් එකතුව මෙය සංවිධානය කර තිබුණු අතර එහිදී අදහස් දැක්වූ අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මන්නාරම රදගුරුවරයාගේ වාර්තාව අනුව යුද්ධය හේතුවෙන් අතුරුදහන් වුවන්ගේ ගණන 147 660 ක් බවයි. එහෙත් කොමිසමට වාර්තා වී ඇත්තේ 16000 ක් තරම් සුළු ගණනක් බවද ඔහු පැවසිය.

මෙහිදී රැස්ව සිටි ජනතාව අමතමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අතුරුදන් වුවන් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස අගමැතිවරයා තමාට උපදෙස් ලබා දී ඇති බවයි.

අතුරුදන්වූවන්ට වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කළ හැකි බලයක්, ශක්තියක් ගොඩනැගීම බලාපො‍රොත්තුවෙන් වූ සම්මන්ත්‍රණය ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විය.

ඡායාරූප - තුසිත සිංහකුට්ටිආරච්චි

Disappeared Persons 1

Disappeared Persons 2

Disappeared Persons 3

Disappeared Persons 4

Disappeared Persons 5

Disappeared Persons 6

Disappeared Persons 7