නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ දේශද්‍රෝහීන් යන්න ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ මෙන්ම ඊට උදව් කරන සංඝයාවහන්සේලාගේ ද අදහසය.

Read more ...
Write comment (0 Comments)

ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි ප්‍රශ්නය ලංකාවට හැමදාම තිබුණි. මේ නිසා ශ්‍රමයට නිසි වටිනාකමක් නොලැබුණි. වෘත්තීය නිපුණත්වයක් රහිතව විදෙස්ගත වීම ඵලරහිතය. බොහෝ විට විදේශ රැකියා සඳහා බඳවාගැනීම්වල දී වෘත්තීය නිපුණත්වය ඉහළින් ඇගයේ. එසේ නොවන අවස්ථාද තිබුණු අතර එවැනි පිරිසට බොහෝ විට අඩු වැටුපට ශ්‍රමය වැය කිරීමට සිදු විය. නැතහොත් ඔවුන් සුදුස්සන් අතර නුසුදුස්සන් වී යළි මව් රටට පැමිණියහ.

Read more ...
Write comment (0 Comments)

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය හිමිකරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් විෂය පිළිබඳ මහ කොමසාරිස්වරයා ලංකාව ගැන සඳහනක්කර තිබුණි. එම සඳහනෙන් නැවතත් ඔප්පු වූයේ ලංකාවේ අවසන් යුද්ධයේ දී සිදුවූ බරපතළ සිදුවීම් මඟ හැර ලංකාවට අන්තර්ජාතික වශයෙන් පැහැදිලි ගමනක් නැති බවය. ‘අප රණවිරුවන්ට අත තැබීමට නොදෙමු’ කියා ඕනෑම නායකයකුට දකුණේදී ජාතිවාදී ජනමනස ප්‍රමෝදයට පත් කළ හැකිය. එහෙත් අන්තර්ජාතිකව ලංකාව මුහුණ දී සිටින්නේ එවැනි වදන් හරඹවලින් තෘප්තියට පත් විය හැකි තත්ත්වයක නොවේ.

Read more ...
Write comment (0 Comments)

විෂන් 2025 නමින් යුත් රජයේ ඒකාබද්ධ ආර්ථික වැඩ සටහන ඉකුත් 04 වන දා එළිදැක්විණි. මෙම වැඩසටහන ක්‍රියාවට නැගීමෙන් 2025 වනවිට පොහොසත් රටක් නිර්මාණය කර ගත හැකිද? එහි ඉලක්කය පොහොසත් රටක් වන බැවින් එම අරමුණ තෘප්ත කර ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන ආර්ථික උපාය මාර්ග 2025 වැඩසටහන තුළ අන්තර්ගතවේද යන්න විමසා බැලීම වැදගත්ය.

Read more ...
Write comment (0 Comments)

 

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව යුද අපරාධ චෝදනා යටතේ අන්තර්ජාතික අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. මේ බව වාර්තා කර තිබෙන්නේ 29 වනදා ඇසෝසියේටඞ් ප්‍රෙස් (AP) ආයතනය මඟිනි. දකුණු අප්‍රිකානු රටවල මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව මෙම නඩු පැවරීමේ කටයුත්ත සිදුකර තිබෙන අතර බ්‍රසීලය, කොළොම්බියාව, සුරිනාම්, ආර්ජන්ටිනාව, චීලී හා පේරු යන රටවල්වල මානව හිමිකම් සංවිධාන ඊට අයත්ය.

යුද්ධයේ අවසන් අදියරේදී වන්නි ආඥාපති ලෙස කටයුතු කරද්දී ජයසූරිය අණ දුන් කණ්ඩායම: පුද්ගලයන්ට වධ හිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, සිවිල් වැසියන් සහ ළමයින් සිටින ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම, රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම යනාදී චෝදනාවලට වගකිව යුතු යැයි ප්‍රකාශ කරමින් ඔහුට එරෙහිව නඩු පවරා ඇත. මේ පිළිබඳව අගෝස්තු 30දා ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ ජනාධිපතිවරයා කියා සිටියේ තමා මෙම ප්‍රවෘත්තිය පුවත්පත්වලින් දුටු බවත් තානාපතිවරයාගේ කාලය අවසන්ව 30 වන දා වන විට ඔහු ලංකාවට පැමිණෙනු ඇති බවත්ය. එහි දී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ රටේ එවැනි යුද අපරාධ සිදුවී ඇත්නම් ඒවා පරීක්ෂා කර බැලීම රට තුළ සිදු විය යුතු කර්තව්‍යයක් බවය. එහෙත් රට අභ්‍යන්තරයෙහි එවැනි යන්ත්‍රයක් නැත්නම් කරන්නේ කුමක්ද යන්න ගැන ජනපති මේ ගැන සාකච්ඡා කෙරුණු වෙනත් අවස්ථාවල දීත් යමක් කියා ඇත.

ජිනිවාහි ඉකුත් මාර්තු සැසියේ දී මෙරට යුද අපරාධ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනුණි. ඔවුන් ඊට පෙර ලංකාවට මෙම විෂය සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළහ. ඉන් ප්‍රධාන කාරණා දෙකක් වූයේ මෙරට අවසන් යුද්ධයේ සිදුවීම් පිළිබඳව විමර්ශනයක් කිරීමට සත්‍ය කොමිසමක් පිහිටුවීමය. එවිට දකුණු අප්‍රිකාවේ බඳු නියමාකාර සංහිඳියා තත්ත්වයක් පීඩකයන් හා පීඩාවට ලක් වූවන් අතර ඇතිකිරීම එම සත්‍ය කොමිෂන් යන්ත්‍රණයෙහි අරමුණ වූයේය. දකුණු අප්‍රිකාව ඉන් නිසි පළ නෙළාගත් බවට ඕනෑ තරම් නිදර්ශන ලංකාවට ලැබිණි. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපතිවරයා වරක් එරට මේ පිළිබඳ අත්දැකීමට සම්බන්ධයෙන් කොළඹ දී විශේෂ දෙසුමක් ද කළේය. දෙවැනි නිර්දේශය වූයේ යුද අපරාධ සිදුවී ඇති බවට කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමය. සත්‍ය කොමිසම පිහිටුවීමට ලංකාව යම් එකඟතාවක් දක්වා ඇතත් හයිබි්‍රඞ් අධිකරණයට ලංකාව මාරාන්තික ලෙස විරුද්ධය. එහෙත් ඉකුත් ජිනීවා සැසියේ දී මෙම කරුණු දෙකම ඉටු කරන බවට එවකට විදේශ අමාත්‍යවරයා පොරොන්දුවක් දුන්නේය. එවැනි පොරොන්දු විදේශ ඇමැතිවරයාටත් ජනපති ප්‍රමුඛ වගකිවයුත්තන්ටත් ඉක්මනින් අමතක වීම පුදුම සහගත තත්ත්වයකි. යළි ඒ ගැන ඔවුන් තරමක් හෝ වධ වෙන්නේ ඊළඟ ජිනීවා සැසිවාරය මුවවිටේදීය. එබැවින් ජගත් ජයසූරියට එරෙහිව ඉහත රටවල් ගත් මෙම නඩු පැවරීමේ තැත ඉතා වැදගත්ය. ලංකාව යටපත් කරගෙන සිටින සමහර දේවල් ලංකාවට යළි මතක් කර දෙන සුළුය.

ලංකාවේ හමුදාව යුද අපරාධ නොකරන්නට ඇතැයි සිතිය හැකිද? යුද්ධයක් නැති සාමකාමී කාලයක දී වතුර අයිතිය වෙනුවෙන් හඬ නැගූ රතුපස්වල ජනයාට වෙඩි තැබූ ආකාරයත් හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩි තබා ඇන්ටනී ප්‍රනාන්දු මරා දැමූ ආකාරයත් ලංකාවේ හමුදාව ගැන ඔවුන්ට ගැළවිය නොහැකි සාකෂ්‍ය දෙකක් සපයයි. දකුණේ නිරායුධ ජනයාට තිරස්චීන ලෙස වෙඩි තබන්නට හමුදාව ඒ සා සැහැසි වූයේ නම් උතුරේ යුද්ධයක් පැවැති වකවානුවක ඔවුන්ට අපරාධ කිරීම සෙල්ලමක් නොවන්නට ඇතැයි කියන්නේ කොහොමද? යුද හමුදාවේ මෙන්ම නාවික හමුදාවේ සියල්ලන්ට මෙම චෝදනා එල්ලවන්නේ නැත. එහෙත් එම හමුදාවන්ට අනුයුක්ත ඇතැම් සාමාජිකයන් මිනිසුන් අතුරුදන් කිරීම් හා මරා දැමීම් කළ බවට දැන් දැන් සාක්ෂ්‍ය හමුවෙයි. මේ අනුව ලංකාවේ යුද අපරාධ දැක්වෙන චිත්‍රපට ව්‍යාජ රඟපෑම් සහිත ඒවා යැයි අපට කිව නොහැකිය. එම රූප රාමු දෙස බරපතළ විනිශ්චයක් සහිතව බලන්නට සිදුවනු ඇත. එක් කණ්ඩායමක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සංවිධානාත්මකව මෙවැනි කටයුතුවල නිරත වූවා වන්නට පුළුවන. අලුත් නාවික හමුදාපතිවරයකු පත් වු සැණින් කීවේ නාවික නිල ඇඳුම ඔවුන් අපරාධ කර තිබේ නම් ඒවායින් ගැලවීමට හේතුවක් නොවේ යන්නය. ජනපතිවරයාත් මෙම ප්‍රකාශය මීට මාස හයකට පමණ පෙර කළේය. එනම් කවර තරාතිරමක වුවත් අපරාධවලට සම්බන්ධ වූවන් ගැන කෙරෙන නඩු විභාග නොනවත්වන බවය.

ලංකාවේ අධිකරණ යන්ත්‍රණයට වැඩ ගොඩක් තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව තුළ අපරාධ හා සිවිල් නඩු හතළිස්දහසක් පමණ ගොඩ ගැසී ඇති බවට වාර්තා වන අතර ඒවායින් විසි තුන්දහසක් අපරාධ නඩුවලට අදාළය. ඉතිරි ඒවා සිවිල් නඩු ලෙස දැක්වෙයි. මෙහිදී නඩු කටයුතු ඉක්මන් කිරීමට අසීරුවී තිබීමට එක් හේතුවක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දක්වන්නේ නිලධාරීන් මඳකම ය. යුද අපරාධ නඩු යන්න වඩා සංකීර්ණ තත්ත්වයකි. ජිනීවා සැසිය හයිබි්‍රඞ් අධිකරණයක් යෝජනා කිරීමට එක් හේතුවක් වන්නට ඇත්තේ එය විය හැකිය. එනම් ලංකාවේ සාමාන්‍ය යුක්තිය පිළිසිඳලීමේ ක්‍රියාවලිය යටතේ යුද අපරාධ වැනි සංකීර්ණ නඩු ක්‍රියාවලියක් විභාග කිරීම අභියෝගාත්මක කර්තව්‍යයකි. එහි තිබෙන සංකීර්ණත්වය ඊට හේතුවයි. අනෙක් අතට අප අතින් සිදුවී තිබෙන වැරැදි අපම විනිශ්චය කරවයි නම් ඊට වඩා හාස්‍යයට කරුණක් තවත් තිබිය නොහැකිය. දෙමුහුන් අධිකරණයක වැදගත්කම ඉස්මතුව එන්නේ එහි දී ය. ජගත් ජයසූරියගේ සිද්ධිය ඔස්සේ අපට රටක් ලෙස මේ ගැන තවදුරටත් සිතා බලන්නට දැන් අවකාශය සැලසී ඇත.

Write comment (0 Comments)

විජයදාස රාජපක්ෂට අමාත්‍යධුර දෙකම අහිමි විය. සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවක ‘ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් අඹු නසී’ තත්ත්වයට පත්වන්නේ අදාළ පුද්ගලයාය. එහෙත් විජයදාස තනතුරුවලින් පහකිරීමෙන් පසු කියූ දේවල් අනුව ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් අඹු නසී වාක්‍යය වඩාත් අදාළ වූයේ ජනතාවට යැයි සිතේ. එසේ වූයේ මන්ද, විජයදාසගේ ඉවත් කිරීමට ප්‍රධාන හේතු දෙකක් එජාපය හා ආණ්ඩුව පාර්ශ්වයෙන් දැක්විණි. එකක් හම්බන්තොට වරාය ගිවිසුම බලාත්මක නැති බවත් එය යළි පවරා ගත යුතු බවටත් විජයදාස කළ ප්‍රකාශයයි. ඔහුට තිබෙන බරපතළම චෝදනාව වන්නේ රාජපක්ෂලාගේ නඩු කටයුතු අකර්මණ්‍ය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල කිරීමය. ඒ හැරුණු විට ඔහු විටින් විට ප්‍රකාශ කළ ජාතිවාදී අදහස් උදහස් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ විවේචනයට ලක් විය.

Read more ...
Write comment (0 Comments)

ආණ්ඩුවට වසර දෙකකි. වසර දෙකකට පසු යහපාලන ආණ්ඩුව අනුදත් ආර්ථික ප්‍රතිපත්ති මඟින් රටෙහි ආර්ථිකය කෙබඳු දෙසකට ගමන් කර තිබේද යන්න විමසීම වැදගත්ය. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට පෙර දුන් වැදගත් පොරොන්දුවක් වූයේ කුලියාපිටියේ වොක්ස්වැගන් ශාලාවක් ඇරඹීමය. එහෙත් බලයට පත්ව ටික කලකින් එම ඉලක්කය සාර්ථක වන එකක් නොවන බව පෙනුණි. මෙවැනි විශාල මට්ටමේ කර්මාන්ත සංවර්ධන වැඩසටහන් කිහිපයක් රටට අවශ්‍යය. ඒ ආර්ථිකයේ දිගුකාලීන සැසුම් සඳහාය. ලංකාවට කෙටිකාලීන හා මධ්‍යකාලීන ආර්ථික සැලසුම් කිහිපයක්වත් ඉකුත් වසර දෙක තුළ යථාර්ථයක් කර ගැනීමට නොහැකි විය. මෙය ආර්ථික විෂයෙහි බරපතළ ප්‍රශ්නයකි.

Read more ...
Write comment (0 Comments)

“හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු පාඩුව රු. බිලියන 181යි පුළුවන් නම් මේක පත්තරවල හෙඞ්ලයින් දාන්න ඔට්ටුයි දාන්නෙ නැහැ” එසේ පත්තරවලට අභියෝග කර තිබුණේ අග්‍රාමාත්‍යවරයාය. හැටන් නගරයේ පැවැති උත්සවයක දී මෙවැනි ප්‍රකාශයක් කර තිබුණු අගමැතිවරයා රාජපක්ෂ ආණ්ඩුව සමයේ A380 එයාර් බස් ගුවන් යානා අටක් මිල දී ගැනීමේ දී සිදු වී ඇති අලාභය රු.බිලියන 135ක් බවත් හම්බන්තොට වරායේ පාඩුව හා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව එක් කර බැලූ විට සම්පූර්ණ පාඩුව රු. බිලියන 181ක් වන බවත් පෙන්වා දී තිබේ.

Read more ...
Write comment (0 Comments)

යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක් විනිසුරු ඉලංවේලියන්ගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර නල්ලූර් හිදී පුද්ගලයකු විසින් වෙඩි තබා මරා දැමීමය. ඒ ළඟින්ම සිදු වූ දෙවැන්න කෝපායි පොලීසියේ නිලධාරීන් දෙදෙනකු පැමිණිල්ලක් විභාග කිරීමට යමින් සිටිය දී ආවා නමැති කල්ලියේ කඩු ප්‍රහාරයකට බඳුන් වී තිබීමය. පළමු සිද්ධිය වූ ගමන් රට ගිනි වදින තුරු බලා සිටින දකුණේ නායකයකු කීවේ එල්ටීටීඊ සංවිධානය ආරම්භ වන්නට ආසන්න අවදියේදීත් උතුරේ තැනින් තැන මෙවැනි සිදුවීම් උද්ගත වූ බවය.

Read more ...
Write comment (0 Comments)