කතුවැකිය: මැයි - නූතන අරුතකින් අරගල කරමු

කතුවැකිය
Typography

නවීකරණය වෙමින් පවතින සමාජයක සැමරුම් නවීකරණය නොවීමේ ප්‍රශ්නයක් ලංකාවේ අත්දකින්නට ලැබේ. මැයි දින සැමරුම ඉන් ප්‍රධාන එකකි. මැයි පළමුවනදා වන විට දේශපාලන පක්ෂ මෙන්ම එම පක්ෂවලට සම්බන්ධ වෙනත් සංවිධාන මැයි දිනය සැමරීම උත්කර්ෂවත් අන්දමින් සිදු කරන්නට කටයුතු කළත් මැයි දිනය යන්න අර්ථවත් කර ගැනීම සහ එම සැමරුම නවීන ආකාරයකින් ඉස්මතු කර ගැනීම ගැන නොසිතන බවක් දිස් වේ.

මැයි දිනය යනු කම්කරුවාගේ දවස නම් ශ්‍රමිකයාගේ අනවරත ක්‍රියාවලියට අර්ථයක් ලැබෙන වැඩසටහනක් මැයි දිනය දා සැමරුමට ලක් විය යුතුය. ලංකාවේ මැයි දින සැමරුම් සැලසුම් කරන්නේ කම්කරු පන්තියද? දේශපාලන පක්ෂද? යන ප්‍රශ්නය නැඟුවහොත් දේශපාලන පක්ෂ මැයි සැමරුම් සංවිධානය කරන බවට පැහැදිලි පිළිතුරක් ලබා දිය හැකිය. කම්කරු පන්තියට එකලාව මැයි දිනය සංවිධානය කළ නොහැකිය. මාක්ස්ගේ අර්ථ විවරණයට අනුව කම්කරු පන්තියට පක්ෂයක් තිබිය යුතුය. ඒ අනුව පක්ෂ විසින් කම්කරු රැලි සංවිධානය කිරීම නිවැරැදිය. එහෙත් ප්‍රශ්නය වන්නේ දේශපාලන පක්ෂ කම්කරු පන්ති අර්ථයෙන් මැයි දිනය නොසැමරීමය, කම්කරු පන්තිය ද තමා අනුගත දේශපාලන පක්ෂවලින් කම්කරු පන්තික අර්ථයෙන් මැයි සැමරුම් අපේක්ෂා නොකිරීමය. මේ ප්‍රශ්නය ජය ගන්නේ කෙසේද? දේශපාලන පක්ෂවලට පන්ති අර්ථයකින් මැයි දිනය සැමරීමට අවශ්‍යතාවක් තිබිය හැකිද? නැත. ඔවුන් මැයි දිනය සමරන්නේ දේශපාලන බලය පිළිබඳ අරුතකිනි. අනෙක් අතට පාරිභෝගිකවාදී අරුතකිනි. 60 හා 70 දශකවල නවීකරණය නොවූ මිශ්‍ර ධනවාදය තුළ මැයි සැමරුනේ කෙසේද! ඒ තුළ අදට වඩා කම්කරු පන්තික අර්ථයක් තිබුණිද! පැරණි මැයි සැමරුම් දෙස බලන විට සහ මෙරට වාමාංශික පක්ෂ එම සැමරුම් කෙරෙහි දැක් වූ ආකර්ෂණීය මැදිහත්වීම් දෙස බලන විට ඒවායේ අදට වඩා කම්කරු පන්තික ස්වරූපයක් දක්නට තිබිණැයි සිතිය හැකිය. එහෙත් ලොකුම අවුල වූයේ එම වාමාංශික පක්ෂවලටත් කම්කරුවා නවීන මිනිසෙකු බවට පරිවර්තනය කිරීම පිළිබඳ අදහසක් නොතිබීමය.

කම්කරු පන්තිය සහ කම්කරු පන්ති විඥානය යන දෙකම නවීකරණය වු ධනපති සමාජය විසින් සිය වාණිජ සහ පාරිභෝගික අරමුණු නම් පිඹුරු දඟරයෙන් වෙළාගෙන ඉන්පසු හෙමින් ගිල දමා ඇත.යනුවෙන් ප්‍රකට විද්වතකු වන හර්බට් මාකුසේ කීවේය. දේශපාලන බලය පිළිබඳ මඬනා ලද වුවමනාවෙන් යුතු පක්ෂ උක්ත ක්‍රියාවලිය ඉෂ්ට කරන විට කම්කරු පන්තිය ද ඊට නතුවීම නිරුත්සාහකවම සිදු විය. මෙම පාරිභෝගිකවාදී ක්‍රියාවලිය තුළ කම්කරුවාට ධනපතියකු විය හැකිය. එහෙත් කම්කරු පන්තියට හිස එස විය නොහැකිය. පාරිභෝජනවාදී ධනවාදයේ නියත හා සුවිශේෂී ස්වරූපය ලෙස එය තේරුම් ගත හැකිය. වෙන්වී එකෙකුට සමාජයේ මතුමහලට නැගිය හැකි ක්‍රමයකට එක්වීමට ඕනෑම කෙනෙකු කැමැති වන්නට පුළුවන. මන්ද තනි තනිව එම උත්සාහයන් දැරිය හැකි බැවිනි. එහෙත් ඉන් සාමූහික සාර්ථකත්වයක් අත් කර ගත නොහැකිය. එනම් එම ක්‍රමයෙන් පන්තියක් සංවර්ධනය කළ නොහැකිය.

මැයි දිනය සැමරීමේ සිටම කම්කරු පන්තියට නවීකරණය විය නොහැකිද? ඒ ගැන කම්කරු පන්තිය, දේශපාලන පක්ෂ, සංවිධානය සහ කම්කරු නායකයන් සිතා ඇත්ද? නවීකරණය යනු පුද්ගලික හෝ හුදෙකලාව සිදු වන තත්ත්වයක් නොවේ. නවීකරණය යනු ශිෂ්ටාචාරගත ක්‍රියාවලියකි. එනම් එය සාමූහිකය. මේ සඳහා අවශ්‍ය පළමු සාධකය වන්නේ දැනුමය. කම්කරුවා යනු මැයි දිනය දවසට සටන් පාඨ කියන හුදු උද්ඝෝෂණ ආතතියෙන් ඇළලී ගිය දවසක් ගත කර සවසට එය නිමා කරන සාම්ප්‍රදායික මිනිසකු විය යුතු නැත. කම්කරුවා තමා අනුගත දේශපාලනයෙන් දිනා ගත යුතු දෙයක් තිබේ. එය නම් ප්‍රජාතන්ත්‍රවාදයයි. අලුත් ජීවිතයක් සාක්ෂාත් කරගත හැකි සාධාරණ සහ නවීන සමාජයක් මෙතෙක් කම්කරු දින සටන් පාඨවල තිබුණේ නැත. එසේ නම් ඒවා කම්කරු සැමරුම්වල සටන් පාඨවලට අන්තර්ග්‍රහණය විය යුතුය.

තෙල් ටැංකි විකිණීමට විරුද්ධ වීමේ සිට ඉකුත් ආණ්ඩුවේ වංචා, දූෂණ සහ මිනිස් ඝාතන ගැන විමර්ශන සිදුකිරීම, බැඳුම්කර වංචාව හෙළිකර ගැනීම, මෙන්ම ජාතික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා ගැනීම දක්වා දේවල් කම්කරු සටන් පාඨවල ඇතුළත් විය යුතුය. අප කල්පනා කළ යුත්තේ නවීකරණය වූ කම්කරු පන්තිය යනු කවර පැවැත්මක ස්වරූපයක් ගත්තක්ද යන්න ගැනය. එසේ නම් තවදුරටත් ඉදිරියට ගොස් ජිනීවාවලදී ලංකාව පොරොන්දු වු සත්‍ය කොමිසම, අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීමේ සිට හයිබි්‍රඞ් අධිකරණය දක්වාම තුලනාත්මක මතයක් මෙරට කම්කරු පන්තියට තිබිය යුතුය. ධනපති පන්තිය භංගවේවා යන සටන් පාඨයේ ආතතියෙන් ඇළලී යනවාට වඩා නවීකරණය වූ කම්කරු පන්තියකට වෙනත් වගකීමක් තිබේ. ඒ ධනපති පන්තිය සමඟ නුතන ප්‍රශ්න සම්බන්ධයෙන් නූතන අර්ථයකින් අරගල කිරීමය.

කතුවැකිය: මැයි නූතන අරුතකින් අරගල කරමු

Latest Posts

කතාබහ

සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් 2017-07-19 - වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ...

විශේෂාංග

සිඳී ගොසිනි ඇළ දොළ ගංගා -දනෝ යදිති දිය බිඳු ඉල්ලා  සිඳී ගොසිනි ඇළ දොළ ගංගා -දනෝ යදිති දිය බිඳු ඉල්ලා 2017-08-16 - සූර්යයා සිය ආධිපත්‍ය පතුරවමින් නැවතත් මුළු ද...
පක්ෂය කඩා ජාතිවාදය වපුරන හැටි පක්ෂය කඩා ජාතිවාදය වපුරන හැටි 2017-08-14 - මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයට කොපමණ ආදරේද? ඔහු ...
ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම  ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම 2017-08-14 - අද තිබෙන්නේ මාක්ස් කියපුවා, කස්ත්‍රෝ කියපුවා...

කතුවැකිය

අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය 2017-08-14 - “හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු...
උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි 2017-08-07 - යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක්...
ද්වන්ධවයට මැදින් සිටගන්නට බලමු ද්වන්ධවයට මැදින් සිටගන්නට බලමු 2017-08-01 - ඉකුත් බදාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය ...

දේශපාලන

හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට 2017-08-14 - මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ...
ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? 2017-08-01 - හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල්...
ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? 2017-07-24 - ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට...
කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම 2017-07-17 - ඇමැති විජයමුනි සොයිසා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?...

Face Book Setup 01