විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක

කතුවැකිය
Typography

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම සැප් 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. පසුගිය ආණ්ඩුවේ පරිසර අමාත්‍ය ධුරය දැරූ චම්පික රණවක මයික්‍රෝන 20ට අඩු පොලිතීන් තහනමක් එකල ක්‍රියාත්මක කළේය. ආහාර පාර්සල් කිරීම සඳහා තවමත් භාවිත වන්නේ මයික්‍රෝන 20ට වැඩි පොලිතීන්ය. වර්තමාන තහනමට අනුව පොලිතීන්, ප්ලාස්ටික්, රිජිෆෝම් පෙට්ටි යනාදි සියල්ල භාවිත කළ නොහැකිය. එමෙන්ම සැප්තැම්බර් 01 දා සිට ෂොපිං මලු තහනමක් ද ක්‍රියාත්මක වෙයි. මෙම පියවරයන් පරිසරය සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක් උදා කරනු ඇති බවට සිතිය හැකි වුවත් ආහාර පාර්සල් කිරීමට වෙනත් ප්‍රායෝගික හා විකල්ප විසඳුමකින් තොරව ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම පහසු නැත.

 

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඇමැති රාජිතගෙන් මේ පිළිබඳව ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක් විමසුවත් ඇමතිවරයා ඊට අවබෝධයෙන් පිළිතුරු දුන් බවක් නොපෙනේ. ඔහු කීවේ පොලිතීන් නැති සමයේ කෙසෙල් කොළ භාවිත කළ බවකි. පත්තර කඩදාසි වල බත් ඔතාගෙන යා හැකි බව ද හෙතෙම කීවේය. මීට වසර 20 - 30 කට පෙර කෙසෙල් කොළ ඕනෑ තරම් සොයාගත හැකිව තිබුණි. උදෑසන බත් පිසමින් සිට වත්ත පහළට හෝ අනුන්ගේ වත්තකට පැන කෙසෙල් කොළයක් කපාගෙන ගින්නෙහි තවා බත් මුල බැඳගෙන ඒම ප්‍රශ්නයක් නොවුණි. එහෙත් අද එසේ කොළ කපන්නට කෙසෙල් ගස් නැත. ලොකුම ප්‍රශ්නය වන්නේ පර්චස් පහක දහයක නිවාස තනාගෙන දිවි ගෙවන අර්ධ නාගරික ජනතාවගේ ගෙවල්වල කෙසෙල් ගස් තබා මොනම ගසක්වත් නොමැති වීමය. කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රශ්නයට ඉවසීමෙන් උත්තර දෙන සංස්කෘතියක් විශේෂයෙන්ම ඇමැති රාජිතට නොමැත. සමහරවිට ප්‍රශ්නය අසන්නටත් පෙර ඔහු පිළිතුර දී හමාරය. රාජිත එහි දී කටකාර කමින් ගොඩයනු පෙනේ. ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ආපසු හරවා ඔවුන් දෙසටම යවයි. එහෙත් ඒ ක්‍රමයට ප්‍රශ්නයක් සියුම්ව විශ්ලේෂණය කරගත නොහැකිය. රාජිත එහි දී දිගින් දිගටම කීවේ පත්තර ගහන්නේ බත් ඔතන්නටත් එක්කයි කියන කතාවය. ඇත්තටම පත්තර වල  බත් ඔතන්නට නොහැකිය. අතීතයේ දී කෙසෙල් කොළයේ බත් ඔතා ගත් පසු පත්තර කොළය භාවිත කෙරුවේ එහි පිටත දවටනය ලෙසය. පොලිතීන් යුගයේදීත් එය සිදු වූයේ ඒ ආකාරයටමය. එසේ නම් දැන් පොලිතීන් වෙනුවට කෙසෙල් කොළ භාවිතයට ගත හැකිද?. අද වනවිට එය ප්‍රායෝගික නැත. ලොකු තේක්ක කොළයේ මයියොක්කා වැනි දෙයක් එතුවත් ඒවා බත් ඔතන්නට භාවිතා කළ නොහැකිය. රාජිත බැරිම තැන කීවේ තහනම දැම්මාට පසු කුමක් හෝ විසඳුමක් අවශ්‍යව තිබෙන අය සොයාගනියි කියාය. එහි රටේ අනෙක් ප්‍රශ්නවලට උත්තර සොයන ක්‍රමයට වඩා වෙනසක් නැත.

දෛනිකව රැකියාව සඳහා කොළඹ හෝ තදාසන්න නගරයට එන අයකුට කඩෙන් කන්නට ගියහොත් ගෙදර සාමාජිකයන්ට සිදුවන්නේ බඩසයින් ඉන්නටය. එබැවින් ගෙදරක උදේ පාන්දර බත් මුට්ටියක් ඉදෙන්නේ ස්වාමියා ද වැඩට යනකොට ගෙනියන්නට හා බිරිඳට හා දරුවන්ට දහවල් ආහාරයටත් එක්කය. සමහරවිට උදේ වේල ද බත්වලින් ම පිරිමැසෙයි. මේ තත්ත්වය තුළ ගෙදර එක් සාමාජිකයකුට හෝ බත් මුලක් බැඳගෙන කාර්යාලයට පැමිණීමට සිදු වෙයි. සමහරවිට දෙදෙනකු හෝ තිදෙනකු බත්මුල් බැඳගෙන යන අවස්ථා ද තිබිය හැකිය. දෛනික බත් මුල් තුනක්  බඳින්නට කෙසෙල් කොළ කැපීමට සිදු වුව හොත් පත්වන්නේ ලොකුම අවුලකටය. මේ තත්ත්වය තුළ පවුලකට හරියටම ගැළපුනේ ලන්ච් ෂීට් යනුවෙන් හඳුන්වන පොලිතින් කොළයයි.

පොලිතින් මේ ක්‍රියාවලියේ දී කොතරම් ප්‍රායෝගික වුවත් එමඟින් පරිසරයට සිදු වූයේ මහත් හානියකි. මුලින්ම කවුරුත් ඉතිරි බත් පිටින්ම පොලිතින් කොළය අපද්‍රව්‍ය බැහැර කරන භාජනයට ගුලි කොට ඔබන අයුරු දැකගත හැකි විය. මෑතක සිට ඉතිරි බත් වෙනම භාජනයක සහ පොලිතින් තවත් භාජනයකට දමන විධිමත් ක්‍රමයක් ආයතනවල අනුගමනය කරන්නට යෙදුණි. අනතුරුව උදා වූ ප්‍රශ්නය වූයේ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල අපද්‍රව්‍ය ඉවත් කරන කණ්ඩායම් වෙන වෙනම අපද්‍රව්‍ය ගෙන යාමට තමන්ට පහසුකම් සලසා නැති බව කීමය. පසුව එම පහසුකම ද ලැබී දිරන අපද්‍රව්‍ය ගෙන යන දවසක් හා නොදිරන අපද්‍රව්‍ය ගෙන යන දවසක් ලෙස දින දෙකක් අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතුවලට වෙන් කෙරිණි. එම ක්‍රමය තරමක් සාර්ථක වූ බව කිව හැකිය. පොලිතින් සහ ප්ලාස්ටික් තහනමක් එන්නේ මේ ක්‍රියාවලිය සිදුවන අතරතුරය.

ප්ලාස්ටික් තහනම කෙසේ ක්‍රියාත්මක වෙයිද යන්න ප්‍රශ්නයකි. පොලිතින් ප්‍රශ්නයට විසඳුමක් ලෙස සමහරු වේලාසනම ප්ලාස්ටික් කෑම අසුරන බඳුන් භාවිතයට ගත්හ. ඒවාත් තහනම් කළ විට පිඟානකට බත් බෙදා තවත් පිඟානකින් වසා ලොකු ලේන්සුවකින් ගැට ගසා කාර්යාලටය ගෙන යන්නට සිදු වෙයි. වාහනයක වැඩට යන කෙනෙකුට ඒ වැඬේ කළ හැකි වුවත් කන්තෝරු බෑගයක් රැගෙන බස් රියේ හෝ දුම්රියේ මතු නොව යතුරු පැදියේ යන කෙනෙකු බත් පිඟන් ගෙන යාම කෙසේවත් ප්‍රායෝගික නැත. පිඟන් හෝ වෙනත් බිඳෙන බඳුනක් මෙහි දී භාවිතයට ගැනීමෙහි ද ප්‍රශ්නයක් තිබේ. එවැන්නක් සුළු ප්‍රමාද දෝෂයකින් වුව බිම වැටී බිඳෙන්නට ඇති හැකියාව වැඩිය. මේ එකක්වත් කළ නොහැකි නම් දැන් කළ යුත්තේ කුමක්ද? රාජිත නම් කීවේ කෑම ගෙනියන අය මොකක් හෝ ක්‍රමයක් හොයා ගනීවි කියාය. පරිසරටය එකතු වීමෙන් පසු දිරා යන ද්‍රව්‍යයකින් කෑම දවටනයක් නිෂ්පාදනය කළ නොහැකිද? අඩු මිලකට එවැනි විකල්පයක් සොයා ගැනීමට මේ විෂය පිළිබඳ දැනුවත් අය දැන් ක්‍රියාකළ යුතුය.

ජනාධිපතිවරයා 2015 දී කීවේ ඇස්බැස්ටෝස් තහනම 2018 සිට ක්‍රියාත්මක කරන බවය. දැන් ලැබෙන ආරංචි මාර්ග අනුව 2018 දී එවැන්නක් ක්‍රියාත්මක කළ නොහැකිය. ඇස්බැස්ටෝස්වලට විකල්පය උළු නම් වහලයක උළු තැබීමට විශාල ලී ප්‍රමාණයක් අවශ්‍යය. ලී මිල ඉතා ඉහළය. එබැවින් පහසුම සෙවිලි කිරීමේ ද්‍රව්‍යය ඇස්බැස්ටෝස්ය. මෙවැනි යෝජනා හදිසියේ ඉදිරිපත් නොකර  ඉන්පසුව එළඹෙන ප්‍රශ්නවලටත් ප්‍රායෝගික විකල්ප උත්තර සැළසුම් කර යෝජනා ඉදිරිපත් කරනවා නම් මෙවැනි ගැටලු මතු වන්නේ නැත.

පොලිතින් ලංකාවේ මෑතක දී දැවැන්තම පරිසර හානිය සිදු කළ බව සැබෑය. එබැවින් පොලිතින් අත් හැරිය යුතු බවට එරෙහි තර්කයක් නැත. ප්ලාස්ටික් වර්ගත් තහනම් කරන විට යෝගට් සහ අයිස්ක්‍රීම් ඇසුරුම් පවා බැහැර කිරීමට සිදුවෙයි. ඒවාට විකල්ප සොයා ගත යුතුය. ෂොපිං බෑග් වෙනුවට ඝනකම කඩදාසි කවර ගෝනි මළු සහ පන් මළු භාවිතයට ගත හැකිය. ඒවා ෂොපිං මළු තරම් පහසු නැතත් පරිසරය වෙනුවෙන් සහ සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් ජනයා ඒ සුළු අපහසුතාව විඳගත යුතුය. දේශපාලන රැළිවලදීත්, වෙනත් සැරසිළි වලදීත් ඉටි රෙදි භාවිතයෙන් වැළකී සිටිය යුතුය. ප්‍රශ්නය ඇත්තේ ලන්ච් ෂීට් වෙනුවට විකල්පයක් සොයා ගන්නේ කෙසේද යන්නෙහිය. මේවා ගැන සිතීමත්  විෂයට අදාළ බුද්ධිමතුන්ගේ කටයුත්තකි. ඝන හා දිරා යන අපද්‍රව්‍යවලින් ගඩොල් නිෂ්පාදනය කරන ගොංගිතොට පදිංචි නව නිෂ්පාදකයෙකු ගැන පසුගිය දිනෙක. පුවත්පතක සඳහන් කර තිබිණි. පොලිතින් ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ද එවැනි අලුත් අදහසකින් පැන නැගිය යුත්තකි. ඒ සඳහා අප කවුරුත් සියලු දෙනා වෙනුවෙන් නොබියව සිතන්නට පටන්ගත යුතුය.   

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...
ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! 2017-08-31 - ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ මාන...

කතුවැකිය

කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...
කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි 2017-09-11 - විෂන් 2025 නමින් යුත් රජයේ ඒකාබද්ධ ආර්ථික වැඩ සටහන...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01