රජය පවරාගත්තේ රෝහල හෙවත් නම්බුකාර පංගුවයි

කතුවැකිය
Typography

ලංකාවේ තිබෙන්නේ පුද්ගලික රෝහල් පිළිබඳ විරෝධයක් නොවේ. පෞද්ගලික වෛද්‍යවිද්‍යාල පිළිබඳ විරෝධයකි. මාලබේ පුද්ගලික වෛද්‍යවිද්‍යාලයේ සිසුන්ට නිසි පුහුණුවක් නැත යන්න මේ අර්බුදයට හේතු වූ එක් කාරණයකි. අනෙක් අතට ඔවුන්ට අවිස්සාවේල්ල හා හෝමාගම රෝහල් සායනික පුහුණුව සඳහා රජය වෙන් කර දුන්නත් එයටත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව එරෙහි වූහ.

රජය දැන් සොයාගෙන ඇත්තේ ඊට එක්තරා විදියක පිළියමක් බව පෙනේ. එනම් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ ශික්ෂණ රෝහලක් බවට පත් කොට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ට එහි සායනික පුහුණුව ලබා දිය හැකිය. එවිට හෝමාගම හා අවිස්සාවේල්ල ප්‍රශ්නය මතු නොවේ. එහෙත් මේ වන විට නෙවිල් ප්‍රනාන්දු රෝහලත් රජයේ ශික්ෂණ රෝහලක් බැවින් සයිටම් විරෝධීන් එහි පුහුණුවට ද විරුද්ධ වන්නට ඉඩ තිබේ.

සයිටම් යනු මේ වන විට සංකීර්ණ ප්‍රශ්නයකි. ඊට පක්ෂ හා විපක්ෂ සෑම පාර්ශ්වයක්ම සයිටම් ප්‍රශ්නයේ කොණකින් අල්ලාගෙන තම මතය ප්‍රකාශ කරන බවක් පෙනේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ උත්සවයේදී පැහැදිලිවම කී දෙයක් වූයේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගත් ණය ගෙවීම නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් තවදුරටත් කරගෙන යන බවය. එසේ විය හැකිද? රෝහල රජයට බාරදී තිබෙන තත්ත්වයක් තුළ නෙවිල් ප්‍රනාන්දු මහතා එහි ණය කන්ද ගෙවන්නේ කුමකටද? එසේ නම් ගිවිසුම අනුව රෝහල මුළුමනින් රජයට අයිති නොවන බව සඳහන් කොන්දේසියක් එහි තිබෙන්නට පුළුවන. මෙතෙක් කල් මාලබේ වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබූවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල ලාබ ලැබුවේ නැත. ලාබ නොලබන ණය කන්දක්ද තිබෙන ආයතනයක් සම්බන්ධයෙන් ගත හැකි හොඳම පියවරට නෙවිල් ප්‍රනාන්දු මහතා ගොස් තිබෙන බව මෙහිදී ප්‍රත්‍යක්ෂ වෙයි.

ඊළඟ ප්‍රශ්නය වන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය සතු කිරීමෙන් පසු සයිටම් විරෝධී අරගලය අවසන් බවට සෞඛ්‍ය ඇමැතිවරයා සිහින ලොවක සිටීමය. රෝහල සහ සයිටම් විරෝධය අතර සම්බන්ධයක් තිබුණේ නැත. ප්‍රශ්නය තිබුණේ වෛද්‍ය උපාධිය ප්‍රමිතියෙන්ද තොරව අධික මිලකට විකුණා අඩල වෛද්‍යවරුන් බිහි කරන ක්‍රියාවලියක් රට තුළ පැවතීම ගැනය. රෝහල රජයට ගැනීමෙන් ආණ්ඩුව අදහස් කරන්නට ඇත්තේ සයිටම් සිසුන්ගේ සායනික පුහුණුව මෙතැන් සිට ශික්ෂණ රෝහලකට බාරදීම විය හැකිය. එමඟින් සායනික ප්‍රශ්නය කෙරෙහි තිබෙන විරෝධය සමනය කර ගත හැකි යැයි ඔවුන් සිතනවා ඇත. එහෙත් අවුල ඇත්තේ සායනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් පමණක් නොවේ. මෙහි බරපතළම පැත්ත සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳ කාරණයයි. අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධීක්ෂණ කටයුතු සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කර තිබීමය. රෝහල රජයට පවරා ගැනීමේ අරමුණ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය කුමටද යන ප්‍රශ්නය මතුවේ. රෝහල මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමේ කටයුත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට අධික්ෂණය කළ හැකිය. සෙසු රජයේ රෝහල්වල කටයුතු සිදුවන්නේ ඒ ආකාරයෙනි. ඉහත පියවරෙන් පිළිබිඹු වන්නේ සයිටම් උපාධියට පිළිගැනීමක් ලබා දීම සඳහා මෙම රෝහල රජයට පවරා ගත් බවය. නෙවිල් ප්‍රනාන්දු රෝහල පාඩු ලබන විට වෛද්‍ය විද්‍යාලය අධික ලාබයක් උපයයි. ලාබදායී ව්‍යාපාරය තවදුරටත් තිබෙන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතා යටතේය. රජය බාරගෙන ඇත්තේ පාඩු කොටසය. මෙය හරියටම ගවයාගේ හිස තිබෙන කොටසත් (නම්බුකාර පංගුව) තන බුරුල්ල හා අධෝමුඛය තිබෙන කොටසත් (නම්බුකාර නොවන පංගුව) බෙදා හදා ගත්තා වැනිය. රජය ගවයාට ආහාර පාන දිය යුතුය. තනබුරුල්ල තිබෙන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පැත්තේය. ඵල ලැබෙන්නේ ඔහුටය. මේ වැඬේ සිදුවී තිබෙන්නේ නම්බුකාර පංගුව නමැති ජන කතාවට අනුව ද යන ප්‍රශ්නය මතුවේ.

සයිටම් විරෝධීහු ද මේ ප්‍රශ්නයේදී මුල සිටම අන්තවාදී වූහ. ඒ නිසා ප්‍රශ්නය තව තවත් ඔඩු දිව්වේය. අධ්‍යාපනයේ පෞද්ගලිකකරණය යන්න අද වන විට ලෝකයට පිළිගැනීමට සිදු වී තිබෙන බව සත්‍යයකි. එය සෑම රටකටම අදාළය. සයිටම් විරෝධී වෛද්‍ය නිලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් අරගල කළ යුත්තේ වත්මන් ලෝක යථාර්ථය දැනගෙනය. මෙරටදී වෛද්‍ය විද්‍යාලයට පමණක් නොව විශ්වවිද්‍යාලයටත් සිසුන් ගැනීමේදී බරපතළ සීමා කිරීමක් සිදුවෙයි. ඒ විශ්වවිද්‍යාලවල ඉඩ පහසුකම් පිළිබඳ ප්‍රශ්නය නිසාය. විශ්වවිද්‍යාලවල ඉඩ නැති නිසා හා තිබෙන්නේ වෛද්‍යවිද්‍යාල දෙකක් හා වෛද්‍ය පීඨ කිහිපයක් නිසා ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීම රටේ දරුවන්ගේ උසස් අධ්‍යාපනයට ඇති ඉඩකඩ අවුරාලීමකි. අනෙක් අතට එය මිනිස් සමාජයේ ප්‍රගමනය විෂයෙහි ආචාරධර්ම විරෝධීය. එබැවින් සුදුසුකම් සපුරන ලද හා මුදල් වැය කළ හැකි ශිෂ්‍යයකුට වෛද්‍ය උපාධිය ලබා ගත හැකි විකල්ප ක්‍රමයක් තිබීම වැරැදි නැත. ඇති හැකි දෙමාපියන්ට පිටරට යවා දරුවා වෛද්‍ය උපාධියකට යොමු කළ හැකිය. ඊට ලක්ෂ 120ක් වැඩි මුදලක් වැය වෙයි.

මෙරටදී වෛද්‍ය අධ්‍යාපනයට සයිටම් ආයතනය ලක්ෂ 120ක් වැය කිරීම ගැන සොයා බැලිය යුතුය. රජයේ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරයකු බිහි කිරීමට වැය වන්නේ ලක්ෂ 30 - 35 වැනි මුදලකි. එසේ නම් මාලබේ වෛද්‍ය විද්‍යාලය ලබන අධික ලාබය වහා නතර කළ යුතුය. ඉන් අදහස විය යුත්තේ වෛද්‍ය උපාධිය සඳහා යන මිල හැකි නම් ලක්ෂ 50ක් දක්වා අඩුකර තවත් සුදුසුකම් සපුරන පිරිසක් වෛද්‍යවරු බවට පත් කිරීමය. ඔවුන් ලංකාවේ රැකියා නැත්නම් ලෝකයේ කවර රටකින් හෝ රැකියා සොයා ගනු ඇත. මේ සියල්ල කළ යුත්තේ ප්‍රමිතියකට යටත්ව බවත් අවධාණය කළයුතු වෙයි.

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01