ද්වන්ධවයට මැදින් සිටගන්නට බලමු

කතුවැකිය
Typography

ඉකුත් බදාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඇමැති රාජිත කීවේ වැඩවර්ජන දේශපාලන අවශ්‍යතාවකට සිදුවන්නක් බවය. බැසිල්ගේ ගෙදර ගිහින් කාලා බීලා ඇවිත් වර්ජනවලට සහභාගී වන කතාවකුත් ඔහු කීවේය. වැඩ වර්ජනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ජවිපෙ විසින් කළේ නම් එම නියෝජිතයන් බැසිල්ගේ ගෙදර ගිහින් කාලා බීලා එන්න විදියක් නැත. මන්ද ජවිපෙ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට රාජපක්ෂ රජයට විරුද්ධව ප්‍රධාන වැඩකොටසක් කල පක්ෂයකි.

හම්බන්තොට වරාය චීන සමාගමකට නොපවරා ලංකාවේ රජය එහි හැසිරවීමේ කටයුතු කළ යුතුය යන්න ඛණිජ තෙල් වෘත්තීය සමිතිවල ප්‍රධාන සටන් පාඨයකි. කළමනාකරණ හැකියාව භාවිත කර විකිණීමට මෙපිටින් තිබෙන යම් උපයෝගීතාවාදී පිළිතුරකින් තෙල් ටැංකිවලින් ලාභ ඉපැයිය හැකි නම් විකුණන්නේ කුමටද යන ප්‍රශ්නය මතු වේ.

හම්බන්තොට වරාය පිළිබඳ විවාදය ජූලි 28 දා සිදු කර ජූලි 29 දා අදාළ චීන සමාගම සමඟ එම ගිවිසුම අත්සන් කිරීමට රජය සැලසුම් කරගෙන සිටියි. එවිට විවාදයේ දී මතු කරන වැදගත් කරුණු ගිවිසුම අත්සන් කිරීමේ දී සැලකිල්ලට ගත හැකි ද යන ප්‍රශ්නය මතුවේ. කිසියම් විවාදාපන්න කාරණයක් පාර්ලිමේන්තුවේ විවාද කළා යන මුද්‍රාව පමණක් ලැබීම ප්‍රමාණවත් නොවේ. විවාදයෙන් අවධාරණය කෙරෙන කරුණු ව්‍යාපෘතියට අන්තර්ගත වීම වැදගත්ය. ත්‍රිකුණාමලයේ චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම වෙනුවෙන් ආණ්ඩුවට බලකර වර්ජනයෙහි නිරත වන විට එය දේශපාලන අවශ්‍යතාවකට අනුව සිදුවන්නක් යැයි කිව නොහැකිය. දේශපාලන අවශ්‍යතාවකට අනුව මෙම විරෝධතාවන්ට එක් වූ පිරිසක් වෙනම සිටිය හැකිය. එබැවින් රජය මේ ප්‍රයත්න දෙක හඳුනාගෙන ක්‍රියාකිරීමේ වැදගත්කමක් තිබේ.

ඛණිජ තෙල් වර්ජනය එක් අතකින් රටට අවශ්‍ය කරන ප්‍රයත්නයක් බවට පත් විය. තෙල් ටැංකිවල පූර්ණ ප්‍රතිලාභයක් රටට ලැබිය හැකිව තිබිය දී ඒවා බදු දීමේ උත්සාහයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගත යුතු බව සැබෑය. එක් අතකින් රටේ සාමාන්‍ය ජනයා වර්ජනය අනුමත කරන අතර අනෙක් අතට ජන ජීවිතයට සිදු වන අතිමහත් හිරිහැරය මත වර්ජන ක්‍රියාවලිය ඇන හිටීම පිළිබඳව යම් සහනශීලී හැඟීමකින්ද පසුවෙයි. ජනතාව කොයි තරම් රටට ආදරේ වුවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මැඩ ආණ්ඩුව ගත් පියවර ගැන කැමැත්තකින්ද පසුවෙයි.

එහෙත් ප්‍රශ්නය කෙළවර විය යුත්තේ මේ ආකාරයට නොසන්සුන්කමක් හා සැකයක් හැම පාර්ශ්වයකම සිතෙහි රැඳී තිබෙන ආකාරයකින් නොවේ. වර්ජනයට දිනක් ගෙවී යද්දීම ආණ්ඩුව නිවැරැදි ලෙසම ඛණිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එතැන් සිට වෘත්තීය සමිතිවලට පවා සිය වර්ජන ක්‍රියාවලිය තරමක් දුරට ලිහිල් කිරීමට සිදු විය. 26දා අලුයම වන විට කොළොන්නාව නිමාවට හමුදාව ඇතුළු වී තෙල් බෙදා හැරීමේ කටයුතු යථාවක් කිරීමට පියවර ගත්තේය. වෘත්තීය සමිති ඊට බාධා කර තිබුණි. වෘත්තීය සටනේ ඉදිරියෙන් සිටි දහසය දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වී සුළු අඩම්තේට්ටම්වලින් පසුව එදිනම සවස නිදහස් කර තිබිණි. දහවල් වන විට හමුදාවේ මැදිහත් වීමෙන් තෙල් බවුසර් කිහිපයක් බෙදා හැරීමේ කටයුතුවලට යොමු කිරීමට හැකි වී තිබුණු අතර සාමාන්‍ය ජනයාගේ දෛනික කටයුතු පැත්තෙන් එය හුස්මක් ගැනීමට හේතු වන සිදුවීමක් වූයේය.

සාමාන්‍යයෙන් රජයකට යම් තීරණාත්මක අවස්ථාවල දී එවැනි පියවර ගැනීමට සිදුවෙයි. නැතහොත් එය ආණ්ඩුවක් නොවේ. ඊළඟට එසේ නොකළහොත් ජනතාවගේ මෙන්ම ආණ්ඩුව ගිල ගැනීමට බලා සිටින විපක්ෂයෙන්ද එල්ල වන්නේ බරපතළ චෝදනාවකි. පොලීසිය වෘත්තීය සමිති නියෝජිතයන් කිහිප දෙනෙකුට සාමාන්‍ය මට්ටමේ පහරදීම් කිහිපයක් කරනු දැක එය හෙළා දුටු හිටපු ජනපතිවරයා ආණ්ඩුව හමුදාව හා පොලීසිය මඟින් තෙල් අර්බුදය යථාවත් කළ නොහැකිව ලත වූයේ නම් එල්ල කරන්නේ මොකුත්ම කළ නොහැකි නිශ්ඵල ආණ්ඩුවක් යන චෝදනාවය. ඇත්තටම ආණ්ඩුවත් මීට වඩා සැලසුම්සහගතව සහ විධිමත්ව මෙවැනි ප්‍රශ්නවල දී ක්‍රියා කළ යුතුව ඇත. වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවල දී ඒ මොහොතට දෙන තාවකාලික උත්තරවලින් මිදී මේවාට තිරසාර පිළියම් සොයා ගැනීමේ වගකීම ආණ්ඩුව අභිමුඛවම තිබේ. හමුදාව මඟින් තෙල් බෙදා හැරීම යනු අපි දිනුම් කියා තෘප්තිමත් විය යුතු කාරණයක් නොවේ. ඒ අවස්ථාවට අදාළ පිළිතුරක් පමණය. ඒ උත්තරය දිගටම වලංගු නොවෙයි. උත්තරය දිගටම වලංගු වන්නේ වෘත්තීය සමිති මතු කළ මූලික කාරණා තුනට රජය පිළිගත හැකි විසඳුමක් සම්පාදනය කරගත් දවසටය. වෘත්තීය සමිති ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටත්, අත්‍යවශ්‍ය සැපයුම් කිරීමටත් පසුව එකඟ වී ඇත. එහෙත් තෙල් ප්‍රශ්නය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය තරම් විවාදාපන්න යැයි සිතිය නොහැකිය. කළ යුත්තේ තෙල් ටැංකි හා පිරිපහදුව ගැන බඬේ බිජු නොතබාගෙන පිළිගත හැකි තීරණයක් ගැනීම පමණි. වෘත්තීය සමිතිවල මනෝරථය සපුරා දී ආණ්ඩුව මුළුමනින් දැනට දරන ස්ථාවරයෙන් විතැන් විය යුතු යැයි අප නොකියමු. එහෙත් දෙපැත්තටම පිළිගත හැකි විසඳුමක් ඇති කර ගැනීමට හැකියාවක් මෙහි ඇත. ආණ්ඩුව අනලස්ව පාවිච්චි කළ යුත්තේ එම අවකාශයයි. එසේ නොකොට වෘත්තීය සමිති යනු දේශපාලන අතකොලුය යන මොට්ට අවියෙන් පහර දී ඇත්ත ප්‍රශ්නය වසා දැමීමට කටයුතු නොකරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉතා වුවමනාවෙන් ඉල්ලා සිටිමු.

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01