කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..!

කතුවැකිය
Typography

ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි ප්‍රශ්නය ලංකාවට හැමදාම තිබුණි. මේ නිසා ශ්‍රමයට නිසි වටිනාකමක් නොලැබුණි. වෘත්තීය නිපුණත්වයක් රහිතව විදෙස්ගත වීම ඵලරහිතය. බොහෝ විට විදේශ රැකියා සඳහා බඳවාගැනීම්වල දී වෘත්තීය නිපුණත්වය ඉහළින් ඇගයේ. එසේ නොවන අවස්ථාද තිබුණු අතර එවැනි පිරිසට බොහෝ විට අඩු වැටුපට ශ්‍රමය වැය කිරීමට සිදු විය. නැතහොත් ඔවුන් සුදුස්සන් අතර නුසුදුස්සන් වී යළි මව් රටට පැමිණියහ.

ලංකාව තුළ පවා වෘත්තීය නිපුණත්වයෙන් යුතු නම් ජීවන මාර්ග සරුකර ගත හැකි අවස්ථා තිබේ. මේ කරුණ ගැන මෙතෙක් පාසල් මට්ටමින් අවධානය යොමු නොකෙරුණි. එහෙත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ලබන වසරේ සිට පාසල් මට්ටමින්ම වෘත්තීය හා විෂය නිපුණත්වය ලබා දීම පිළිබඳ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සකස් කිරීමට යන බව දැන ගැනීමට තිබේ. මෙය අතිශයින්ම වැදගත් කටයුත්තක් බවත් තාර්කික අවසානයක් කරා ළඟා කළ යුතුම ක්‍රියාවලියක් බවත් කිව යුතුය.

වසරකට අ.පො.ස. සා.පෙළට 250,000 - 300,000 ක් වැනි ශිෂ්‍ය පිරිසක් පිළිතුරු ලියති. ඉකුත් වසරවල සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ඉන් අසමත් වන හෙවත් උසස් පෙළ වරම් අහිමි වන පිරිස 120,000 කි. සමහරවිට මෙම සංඛ්‍යාව මීට තරමක් වැඩි වන්නට ද පුළුවන. එම පිරිස ඉන් එහාට වෘත්තීය අධ්‍යාපනයකට යොමුවීම අත්‍යාවශ්‍යය. දැනට සිදුවන්නේ නුපුහුණු ශ්‍රමිකයකු වීම හෝ ත්‍රීවිලරයක් අතට ගෙන ශ්‍රමය අපතේ හරින තරුණ ගහණයට එකතු වීමය. 2025 වන විට ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉහළටම යාමට නියමිත අතර ඒ සමඟම රටෙහි ක්‍රය ශක්තිය පහළ යාමට නියමිතය. සීමිත ශ්‍රම බළකාය දෙගුණයක් වැඩ කළ යුතු වන්නේ මෙවැනි පසුබිමකය. මෙය දෙදෙනෙකු විසින් කරන කාර්යයක් එක් අයකුට කිරීමට සිදු වූ විටෙක ඔහු වෙහෙස මහන්සි නොබලා දෙදෙනාගේම කටයුතු නිම කිරීම වැනි තත්ත්වයකි. නැතහොත් ආර්ථිකය සමබර කරගත නොහැකි වනු ඇත. අනෙක් අතට යැපෙන්නන්ගේ ජන ඝනත්වය වැඩි වන තත්ත්වය තුළ ක්‍රය ශක්තිය තුලනය නොවුණහොත් රට තවත් දරිද්‍ර වනු ඇත. මෙය අතිශයින් සරල ආර්ථික සිද්ධාන්තයකි. සරල වුවත් ඊට නිසි පිළියම් නොයෙදුවහොත් රට නිසැකවම ආර්ථික අර්බුදයක ගිලෙනු ඇත.

අධ්‍යාපන ඇමැතිවරයාගේ වැඩ සැලැස්මට අනුව උසස් පෙළ වරම් නොලබන 120,000 ට නව වෘත්තීය විෂයයන් 26 ක් හඳුන්වා දීමට නියමිතය. පාඨමාලා අවසානයේ  NVQ Level 4 සහතිකය ඔවුන්ට හිමිවෙයි. එම වෘත්තීය මට්ටම ළඟා කරගන්නවා යනු එම විෂයෙහි තවදුරටත් ඉදිරියට යාමට නිසැකවම මං විවර කර ගැනීමකි.

2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිද්දෙන් මෙම ‘13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන’ ඇරඹීමට නියමිතය. මේ සඳහා දැනට රු. බිලියන 5 ක් වෙන් කර ඇති බවද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කර තිබුණි. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් ජාතික පාසල් 42 ක සිසුන් 4500 කට මෙමඟින් වෘත්තීය අධ්‍යාපන වරම් හිමිවන අතර ක්‍රමයෙන් මෙම ප්‍රමාණය සංඛ්‍යාත්මකව වර්ධනය කර ගැනීම ද කළ යුතු වෙයි.

පංති කාමර 134 ක්, සුහුරු පංති කාමර (Smart Class Room) 27 ක්, බහුකාර්ය පංති කාමර 27 ක්, සෞන්දර්ය ඒකක 33 ක් වෘත්තීයමය විෂයන් පිළිබඳ පොත පතින් සමන්විත පුස්තකාල පද්ධතියක් (පුස්තකාල 25 ක් පමණ) සහ මල්ටි මීඩියා තිර සියයකට ආසන්න ප්‍රමාණයක් පළමු වටයේදී මෙම වෘත්තීය අධ්‍යාපන වැඩසටහනට භාවිත කෙරෙන බව අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. මෙම වැඩපිළිවෙළ මඟින් වෘත්තීය විෂයයන් පිළිබඳ ප්‍රමාණවත් තාක්ෂණික හා න්‍යායික දැනුමක් ලබාගත හැකිය. වැදගත්ම දේ වන්නේ මෙතෙක් වෘත්තීයමය වශයෙන් අයාලේ ගිය පිරිසක් පාසල් පද්ධතිය තුළදීම නියමිත වෘත්තීය මාර්ගවලට අවතීර්ණ කළ හැකි වීමය. එහි දී ඔවුන්ට වඩා ගැළපෙන වෘත්තීය මාවතට ද අභ්‍යාසයෙන් හා අත්දැකීමෙන් අනතුරුව යොමුවීමේ ඉඩ ප්‍රස්ථාවක් තිබේ.

තවත් දෙයක් ඇමැතිවරයාට කළ හැකිය. ඒ, ඒ පළාත්වලට අනුව වෘත්තීය විෂයයන් කෙරෙහි අනන්‍ය විය හැකි තත්ත්වයන් ගැන සිතා බැලීමය. නිදසුනක් ලෙස මොරටුව ගතහොත් එහි වඩු කර්මාන්තයෙන් උපයන විශාල ජන කොටසක් වාසය කරයි. පාසල් සිසුන් පවා සමහරවිට අධ්‍යාපනයට ලොකු ඉඩක් වෙන් නොකරන්නේ තම ජීවන මාර්ගය පැහැදිලි නිසාය. එහෙත් එම සිතුවිල්ල තුළ ගැටලු තිබේ. ඇතැම්විට පවුලේ කිහිප දෙනෙකුම එකම නිවසකට යාබද වඩු මඩුවක වැඩෙහි යෙදෙන්නට සිදු වෙයි. එවිට උද්ගත වන ප්‍රායෝගික ප්‍රශ්න තිබේ. සමහරවිට පාසල් වෘත්තීය පාඨමාලා ඔස්සේ නිෂ්පාදන විවිධාංගීකරණය පිළිබඳ ඉගෙන ගැනීමට සිසුවාට අවස්ථාව ලැබුණහොත් පැරණි වඩු කර්මාන්තය ගැන නවීන ක්‍රමයකට සිතන්නට ඔහුට හැකියාව ලැබෙන්නට පුළුවන. අම්බලන්ගොඩ වෙස්මුහුණු හා රූකඩ කර්මාන්තය දැනට යට ගොස් ඇතත් නිසි ඉලක්කගත වැඩසටහනකට ඔවුන්ගේ තරුණ ප්‍රජාව යොමු කරගතහොත් එය ලාභ උපයන ආර්ථික නිෂ්පාදන මාර්ගයක් බවට පත්කළ හැකිය. සංචාරක ප්‍රවර්ධනයට දායක කරගත හැකිය. කෘෂිකාර්මික ප්‍රදේශයක සිසුවකු වඩා නැඹුරු කෘෂිකර්මයට නම් ඔහු ඉන් මුදවා හස්ත කර්මාන්තයට යෙදවිය යුතු නැත. වැදගත්ම දේ වන්නේ මේ සියලු දෙනා කිසියම් නිෂ්පාදන මාවතකට යොමු කර ගැනීමය. ලංකාවට ලොකු නිෂ්පාදන යාන්ත්‍රණයක් අවශ්‍යය. ඒ අතර හිස් ඉඩකඩ පිරෙන්නේ සුළු කර්මාන්තවලිනි. ගඩොල් නිෂ්පාදනය වැනි කර්මාන්තයක් ගතහොත් පාඩුයි කියන තැනින් ඔවුන් මුදවා ආර්ථිකය සම්බන්ධයෙන් අපේක්ෂා සහගත තැනකට ඔවුන් පත් කළ හැකි නම් එය රටේ අනාගතයට වැදගත් වෙයි. අකිලගේ නව වැඩසටහනට පුළුල් අරුතකින් භාවිත කළ යුත්තේ නිෂ්පාදන වර්ධනය පමණක් නොව ආකල්ප වර්ධනයද රටට අත්‍යවශ්‍යව තිබෙන තත්ත්වයක් තුළය.

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01