කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?

කතුවැකිය
Typography

 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ දේශද්‍රෝහීන් යන්න ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ මෙන්ම ඊට උදව් කරන සංඝයාවහන්සේලාගේ ද අදහසය.

එය සපුරා වැරදි, මහජනයා නොමඟ යවන සුළු අදහසකි. ඇත්ත තත්ත්වය වන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය තුළ මහජනයාට පක්ෂවීමට මිස විරුද්ධවීමට තරම් බරපතළ හානිදායක කරුණු නොමැති බවය. ඊළඟට ඔවුන් මතු කරන තවත් වැරදි මතයක් වන්නේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්ගේ ලංකාව පිළිබඳ වාර්තාවේ නිර්දේශයක් අනුව වත්මන් රජය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් සිටින බවය. එයද මුළුමනින් වැරදිය. මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ප‍්‍රධාන වශයෙන් නිර්දේශ කර තිබුණේ සත්‍ය කොමිසම, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය හා දෙමුහුන් අධිකරණය වැනි යෝජනා පමණි. ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් යන්න එහි සඳහන් කාරණයක් වුවත් එය කොහොමටත් අපේ අනිවාර්ය වගකීමක් ලෙස භාර ගත යුතු නිර්දේශයකි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් සම්පාදනය කිරීම යහපාලන ආණ්ඩුව දුන් එක් පොරොන්දුවකි. එවැනි පොරොන්දුවක් දීමට හේතු කාරණා කිහිපයක් බලපෑවේය. ප‍්‍රධාන එකක් නම් 78 ව්‍යවස්ථාවෙන් වර්තමානයේ රටෙහි සමහර ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි වීමය. විශේෂයෙන්ම ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ළඟා කරදීමට අවශ්‍ය ප‍්‍රතිපාදන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම මෙම ප‍්‍රයත්නයෙහි මූලික අපේක්ෂාවක් වූයේය. එමෙන්ම අසීමිත බලයක් සහිත ජනාධිපතිධුරය අහෝසි කිරීමත් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ මූලික අරමුණු අතර තිබුණි. සැබැවින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතිය වන බැවින් එම මූලික නීති පද්ධතිය රටෙහි ප‍්‍රශ්න විසඳීමට සමත් ප‍්‍රතිපාදන සහිත අන්තර්ගතයක්තිබෙන එකක් බවට පත් විය යුතුය.

එහෙත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ යෝජනා ගොනුවෙහි පැහැදිලි ලෙසම බලය බෙදීමට උපස්ථම්භක කරගත හැකි කරුණු ඇතැයි කිව නොහැකිය. පළාත් සභාවල බලතල හෝ ශක්තිමත් කරන ප‍්‍රතිපාදන ඊට අත්‍යාවශ්‍යය. උතුර තිබෙන්නේ වෙන රටක නොව ලංකාවේය. එබැවින් උතුරට දේශපාලන බලතල ලබා දීමට මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කියන තුරු සිටිය යුතු නැත. එය රට තුළ ඉටු විය යුතු දේශපාලන වගකීමකි.

ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් විසින් සකස් කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයකු චෝදනා කර තිබීම ද කරුණුමය වශයෙන් සාවද්‍යය. මෙම යෝජනාවලිය සියලූ පක්ෂ නව ව්‍යවස්ථාවක් පිළිබඳව දැක්වූ අදහස් සම්පිණ්ඩනය කිරීමකි. එවිට යෝජනා අතරට ජයම්පතිගේ හා සුමන්දිරන්ගේ පුද්ගලික කරුණු අන්තර්ගත වන්නට විදියක් නැත. ඔවුන්ට අනුමත කිරීමට සිදුවන්නේත් තම තමාගේ පක්ෂවලින් ඉදිරිපත් කෙරුණු අදහස්ය. වික‍්‍රමරත්න හා සුමන්දිරන් ෆෙඩරල්වාදීන් විදියට මෙම ව්‍යවස්ථාව සකස් කරන ලදැයි යනුවෙන් ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් කරන චෝදනාව ද මුළුමනින් වැරදිසහගතය. එසේ නම් යෝජනා ඉදිරිපත් කළ සියලූම පක්ෂ ෆෙඩරල්වාදීන් විය යුතුය. ඇත්තම තත්ත්වය වන්නේ ජාතික ප‍්‍රශ්නය විසඳීමට මෙහි පරිසමාප්ත යෝජනා නොමැති වීමය. එපමණක් නොවේ. පළාත් සභාවලට ලබා දිය යුතු බලතල පවා ලබා දීම ගැන යෝජනා මෙහි නැත.

පළාත් සභාවලට නීති සම්පාදනය කිරීමේ බලතල ලබා දිය යුතුය යනුවෙන් මෙම යෝජනාවලියේ වගන්තියක් තිබේද! මුදල් බලතල ලබා දීම ගැන යෝජනාවක් තිබේද? ලංකාවේ පාසල් පද්ධතිය ගතහොත් දසදහසකට අධික පාසල්වලින් ජාතික පාසල් තිබෙන්නේ තුන්සිය ගණනකි. සාමාන්‍යයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අයවැයෙන් වෙන් කෙරෙන මුදල් පළාත් සභා පාසල්වල සංවර්ධනයට නිසි පරිදි ගලා යන ක‍්‍රමයක් රටෙහි තිබේද යන්න ප‍්‍රශ්නයකි. මධ්‍යම රජය මූල්‍ය බලතල හෙබවීම මීට එක් හේතුවකි. පළාත් සභාවලට මූල්‍ය බලතල වැදගත් වන්නේ එහිදීය. පළාත් සභාවලට අයත් පාසල් පද්ධතියේ අඩුපාඩුකම් හඳුනාගෙන ඊට පිළියම් කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීමට නම් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට මූල්‍ය බලතල තිබිය යුතුය. උතුරේ සුවිශේෂී තත්ත්වයක් යටතේ දීර්ඝ කාලීනව මෙවැනි අඩුපාඩුවක් සිදුවන විට කවර සමාජ විපර්යාසයක් එහි සිදුවේද යන්න ගැන නිකමට සිතා බැලිය හැකිය. ඒ එක් අර්බුදයක් පමණි. ඒ හැරුණුවිට පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දීම ගැන යෝජනා උක්ත ව්‍යවස්ථා කරුණු අතර තිබේද? මේ එකක්වත් 13 වැනි සංශෝධනයට එක් වී නැති තත්ත්වය ගැන උරණ විය යුත්තේ දෙමළ ජනයා මිස දකුණේ ජාතිවාදීන් නොවේ. පළාත් සභාවලට බලතල දෙන යෝජනාවක් නොතිබෙන තත්ත්වයක් තුළ බලය බෙදාහැරීම යථාර්ථයක් විය හැකිද යන ප‍්‍රශ්නය දෙමළ ජනයා නොබෝ දිනකින් ආණ්ඩුවෙන් අසන්නට පුළුවන. ආණ්ඩුවේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ප‍්‍රධානියා වන ජයම්පති වික‍්‍රමරත්න බලය බෙදීමට පක්ෂය. සිදුවී ඇත්තේ බලය බෙදීම ගැන ඔහු දරන අදහස්වත් නව යෝජනාමාලාව තුළින් හරි හැටි පිළිබිඹු නොවීමය.

එමෙන්ම මෙරට ආගම්වාදීන් ව්‍යවස්ථාව ඇතුළු සෑම දේකටම අත පොවන තත්ත්වය තුළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් සම්පාදනය කර ගැනීම පහසු නොවනු ඇත. ව්‍යවස්ථාව ලෞකික ජීවිතය මෙන්ම රාජ්‍ය පාලනය හා බැඳුනු ලියවිල්ලකි. ආගම සැබැවින්ම ඊට ඈඳා ගත යුතු නැත. මේ කාරණය සමාජ මතයක් බවට පත්විය යුතුය. එවිට අඩුම තරමින් සංඝ සමාජය හෝ ගිහියන්ගේ වැඬේ ගිහියන්ට බාර දී සසුනේ කටයුතු පමණක් සිදු කිරීමට ඉටා ගනු ඇත. එවිට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට උදව් කරන්නේ දේශ ද්‍රෝහීන් වැනි අන්තවාදී හා අවියත් ප‍්‍රකාශ කිරීමෙන්ද උන්හන්සේලා වළකිනු ඇත.

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01